spot_img
spot_img

Kuruthi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Malik ට පසුව 2021 වසරේ වැඩිම කතාබහකට ලක්වන මලයාලම් චිත්රපටයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. Malik තුළ අඩංගු දේවල් මෙහිදීත් තිබෙනවා. Socio-political thriller එකක් විදිහට තමයි වඩාත් නිවැරදිව හඳුන්වන්නට හැක්කේ. Malik තුළින් වඩාත් ඉස්මතු කරවා තිබුණු drama රසයට වඩා ඇක්ෂන්-ත්රිලර් පැත්තට වැඩියෙන් බර කරලා තමයි Kuruthi නිර්මාණය කරල තියෙන්නේ. කොහොමත් ඉතින් කියන්නෙ නම් එකම කාරණයක්. ජාතිය, ආගම උදෙසා මිනී මරන්නට පොළඹවන වෛරය ගැනයි.

කථාවේ ප්රධාන චරිතය වන ඊබ්රහිම් ඉන්නෙ නාය යාමක් නිසාවෙන් මියගිය තම බිරිය සහ කුඩා දියණිය නොමැති සොවෙන් තැවෙමින්. අසල්වැසි සුමති සමඟින් අලුත් දිවියක් අරඹන්නට හැකියාවක් නැත්තෙමත් නෑ. ඔහු මුස්ලිම් ජාතිකයෙක් වීමත් ඇය අන්යාගමිකයෙක් වීමත් අලුතින් බැඳීමක් ඇතිකරගන්නට බාධාවක් නොවෙයි. නමුත් ඔවුන් ජීවත් වන ගම් පළාත තුළ නම් ජාතීන් කෙරෙහි වෛරයක් පවතින වාතාවරණයක් ගොඩනැගී ඇති බවට ඉඟි සැපයෙනවා. අනෙක් ජාතිය කෙරෙහි පවත්නා වෛරී සහගත සිතිවිලි වැඩිහිටියන් විසින් නවයෞවනයින්ගේ හිත් තුළ, හිස් තුළ තැන්පත් කරනා අකාරයකුත් දකින්නට පුළුවන්. ඊබ්රහිම් ට මේ කිසිවක වැදගත්කමක් නැහැ. නමුත් එක් රැයකදී සිදුවන නොසිතූ විරූ සිදුවීමක් නිසාවෙන් බුර බුරා ඇවිලෙන ජාතිවාදී, ආගම්වාදී ගින්නක් මැද්දට පනින්නට ඔහුටත් සිදුවෙනවා.සීමාරහිතව අන්යාගමිකයෙක්ට වෛර කරන්නට පුළුවන් වගේම, සීමාරහිතව අන්යාගමිකයෙක්ට ප්රේම කරන්නට හැකි බවත් එකම කතන්දරයකින් පෙන්වා දෙනවා. නමුත් තෝරාගැනීමක් කරන්නට සිදුවන අවස්ථාවකදී ප්රේමයට වඩා වෛරය ඉස්මතු වෙනවා. කාලාන්තරයක් තිස්සේම පරම්පරාවෙන් පරම්පරාවට පැතිර එන මේ වෛරී සහගත ආකල්පයන් කොතරම් දරුණු මට්ටමකින් ඔඩු දුවනවාද යන්න මෙහිදී දකින්නට ලැබෙනවා. ප්රබල දෙබස් ඛණ්ඩයන් තුළින් මේ ජාතිවාදී වෛරයේ නිරර්ථක බවත්, නිමාවක් නොමැති බවත් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම තාත්තා ගේ චරිතය තුළින් ඒ කොටස මනාව ඉදිරිපත් කර තිබෙනවා.

මුලිනුත් සඳහන් කළා වගේ මේක ඇක්ෂන්-ත්රිලර් පැත්තටයි බර. එහිදී දැවෙන වෛරයක් නිරූපණය කරනා ප්රතිවාදියා ප්රිථ්විරාජ් සුකුමාරන් ගේ රංගන දායකත්වය වඩාත් කැපී පෙනෙනවා. චිත්රපටයේ නිෂ්පාදකයා වන්නේත් ඔහුමයි. සංගීතයත්, රූපකරනයත් මෙහි විශේෂ අවධානයකට ලක් වන කාරණාවන් ද්විත්වයක් විදිහට සලකන්නට පුළුවන්. කතන්දරයේ උද්වේගකාරී බව වඩාත් තීව්ර කරවන්නට සමත් ශක්තිමත් බවක් එහි අඩංගුයි. සමස්තයක් විදිහට ගත්තම වසරේ හොඳම මලයාලම් චිත්රපටයක් වන්නට අවශ්ය කරනා සුදුසුකම් සපුරා තිබෙනවා. නරඹන්නට වටිනා එකක් විදිහට නිර්දේශ කරනවා.

ලක්ෂ්මන් අරංවල
සිනමාවේදීන් – The Cinema People
වෙත පල කල ලිපියකින් උපුටා ගන්න ලදි

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Kuruthi (2021) සිංහල උපසිරැසි” Kuruthi.(2021).Sinhala.Subtitle.rar – Downloaded 2884 times – 719 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to Supun Kaushalya Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram