spot_img
spot_img

Lakshmi (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

පැය දෙකක කාලයක් ඔබගේ දැස් චිත්‍ර‍පටිය කෙරෙහිම හිරකර තබාගෙන හැකි වගේම දැනටම IMDb ශ්‍රේණිගත කිරීම් හි 7.9ක් වැනි ඉහළ අගයක් ගනිමින් ගූගල් මනාප ප්‍රතිශතය 97%ක් ලබාගත් A. L. Vijay ගේ අධ්‍යක්ෂණයෙන් හා Sam C. S. අතින් සංගීතවත් වුණු සුපිරි චිත්‍රපටයක් වන Lakshmi (2018) හි සිංහල උපසිරැසි එක්ක තමයි මෙදා සැරේ අරන් ආවේ.රංගනය සඳහා ඉන්දියාවේ මයිකල් ජැක්සන් ලෙස අන්වර්ත නාමයෙන් හදුන්වන Prabhu Deva සමඟින් ඉන්දීය Super Dancer රියැලිටි නර්තන තරගයේ පලමු අදියරේ කිරුළ දිනූ වයස අවුරුදු 11ක් වයසැති කුඩා Ditya Bhande හා ජනප්‍රිය නිළි Aishwarya Rajesh එකතු වී තිබෙනවා. කුඩා Ditya Bhande හා ප්‍රභු දේවා ගේ සුපිරි ගණයේ නර්තනයන්ගෙන් රසවත් වූ මෙහි cinematography එකත් උසස් මට්ටමක තිබුණා.පොඩි අවවාදයක් දෙන්නම් චිත්‍රපටය බලනකොට වාඩි වෙලා ඉන්න පුටුවෙම නැටවෙන්නත් වැඩි සම්භාවිතාවයක් තියෙනවා,ඒ නිසා පරිස්සමින්.

ලක්ෂ්මි (Ditya Bhande) කියන්නෙ අවුරුදු 10ක් වයසැති ගැහැණු දැරිවියක්.එයාට අම්මා විතරයි ඉන්නේ.මියුසික් එකක් ඇහෙද්දී අත් කකුල් නලියනවා වගේ කොයිවෙලෙත් නටන්නමයි මෙයාගෙ හිත යන්නේ.මෙයාගෙ අම්මා නන්දිනි (Aishwarya Rajesh) පොඩ්ඩක් වත් කැමති නෑ “නැටුම්/සංගීතේ”කියන වචනේ ඇහෙනවටත්.මෙයා අලුත් ඉස්කෝලෙකට යන මුල් දවසෙම ඉගෙනගන්නවට වඩා කරන්නෙ හැමතැනම නට නට ඉන්න එක තමයි.ඔහොම ඉස්කෝලේ ඉවර වෙලා පාරේ ඇවිදගෙන යනකොට මෙයාට මියුසික් එකක් ඇහෙනවා.ඒ මියුසික් එක පස්සේ ගිහින් අන්තිමේදී නතර වෙන්නෙ එක කොෆී ෂොප් එකකයි.නටන්න ගිහින් ඒ ෂොප් එකෙ පිගන් කෝප්ප වගයකුත් බිඳලා දානවා.ෂොප් එක අයිති ක්‍රිෂ්ණා(ප්‍රභු දේවා) සැර පරුෂ පුද්ගලයෙක් වුනත් ලක්ෂ්මි පොඩි ළමයෙක් හින්දා කෝප්ප බිදපු එක ගැන වැඩිය ගානකට ගන්නෙ නෑ.ඔහොම ගෙදර යන ලක්ෂ්මි ටීවී එකේ නිවුස් වලට යන ඉන්දියාවේ විශාලම නර්තන තරගයක් වන Pride of India ගැන විස්තර වගයක් දැනගන්න ලැබෙනවා.ජයග්‍රාහකයා හට විශාල මුදල් තාග්‍යයකුත් ලැබෙන බව ඉන් කියවෙනවා.නටන්න තියෙන ආසාව නිසාම මෙයා ඒ නැටුම් තරගෙට තෝරාගැනීම් කරනා ඔඩිෂන් එකට යන්න සූදානම් වෙනවා.එහෙම කරන්නත් එයාට ලේසි වෙන්නේ නෑ මොකද කියනවනම් ඒකට අම්මා හෝ තාත්තගේ අනුමැතිය ඕන කරනවා.ලක්ෂ්මිගේ අම්මට නැටුම් කියන නම ඇහෙනවටත් කැමති නැති එකේ ඇය එදා කොෆී ෂොප් එකේ අයිති ක්‍රිෂ්ණාව හොයන් එනවා.ඔතනින් ලක්ෂ්මි හින්ද ක්‍රිෂ්ණා හට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.එතකොට මේ ලක්ෂ්මි ඉන්දියාවේ විශාලම නර්තන තරගය වන Pride of India කිරුළ දිනාවිද? ක්‍රිෂ්ණට මොනවා වෙයිද? නන්දිනී නැටුම්/සංගීතේට අකැමති වෙන්න හේතුව මොකක්ද? එකී නොකී තවත් දේවල් සමඟින් නැටවෙන සංගීතයේ රිද්මයට එකතු වෙන්න කැමති අයට පවුලේ සියළු දෙනා එක්කම එකට ඉඳන් රසවිදින්න පුලුවන් චිත්‍රපටයක් බව කියන්න පුලුවන්.එහෙනම් මම ගියා.ඔබට සුභ දවසක්! අන්තීමෙදී කියන්න තියෙන්නේ # A must Watch for all the dance lovers..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “Lakshmi (2018) සිංහල උපසිරැසි” Lakshmi.2018.Sinhala.Subtitle.rar – Downloaded 825 times – 30 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නවීන් රන්දික පෙරේරා
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram