spot_img

Link Click (2021) රුපවාහිනි කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මගේ දෙවනි anime series එක අරගෙන zoom.lk එකට ගොඩ වදින්නයි මේ සූදානම්. මම කරපු පලවෙනි anime එක තමයි Tokyo revengers ඇත්තටම මම හිතවෙවත් නැති විදියට ඒකට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා.ඒ එක්කම anime වලට සබ් දෙන්න කියලා විශාල මැසේජ් තොගයකුත් මට හම්බුණා.ඒ විදියට තමයි මම මේ අදත් අලුත් anime series එකක් අරගෙන ආවේ.

කතාවේ නම Link Click. හැබැයි මේක ජපන් ඇනිමේ එකක්නම් නෙමෙයි.මේක චීන ඇනිමේ එකක්. ජපන් නෙමෙයි කියලා කිසි අඩුපාඩුවක් නෑ ඉතාමත් රසවත් කතා මාලාවක් වෙනවා මේ series එකත්.මේ කතාව කොටස් 11 කින් සමන්විත වෙනවා.රිලිස් කරන්නේ 2021අවුරුද්දේ අප්‍රේල් 30. දැනටමත් ගොඩක් අය මේක බලලත් ඇති.අධ්‍යක්ෂණය කරන්නේ Li Haoling.

අපි එහෙනම් බලමු මේක මොන වගේ කතාවක්ද කියලා. ප්‍රධාන චරිත දෙක වෙන්නේ ලූ ගුවාන් සහ චෙන්ග් ෂියෝසි. මොවුන් දෙන්නා ඡායාරූප ශාලාවක් පවත්වාගෙන යන හොද යාලුවෝ දෙන්නෙක්. ඒ කඩේ අයිතිකාරි තමා කියාඕ ලින්ග්. ඔවුන්ගේ හොද මිතුරියක්. මේ යාලුවෝ දෙන්නට හැකියාවක් තියනවා ෆොටෝ එකක් ඇතුලට ගිහින් අතීත සිදුවීම් බලන්න සහ ඒවායේ තොරතුරු හොයාගන්න. දැන් ඔයාලා බලයි ඇයි අතීත තොරතුරු හොයන්නේ ෆොටෝ එකක් ඇතුලට යන්නේ කියලා. මෙයාලා ෆොටෝ එකක් ඇතුලට යන්නේ මෙයාලගේ පාරිභෝගිකයෙක්ට අතීත සිදුවීමක දෙයක් දැනගන්න අව්ශ්‍යනම් සහ පාරිභෝගිකයගේ ඉල්ලිමට අනුව තමා මෙයාලා ඒ දේවල් කරන්නේ. හොරෙන් තමයි මේ දේවල් කරන්නෙ. කොහොම හරි මෙයාලා මේ විදියට මිනිස්සුන්ට උපකාරයක් තමයි කරන්නේ. මෙයාලා දෙන්නගේ නිතිය තමයි අතීතේ කිසිම දෙයක් වෙනස් නොකිරීම මොකද මෙයාලා දන්නවා එහෙම අතීතය වෙනස්වීමක් වුනොත් මෙයාලා අතින් ඒක නිවැරදි කරන්න බැරි වැරැද්දක් කියලා. ඔන්න කතාවෙ මුලික දේවල් ටිකක් කිව්වා. අන්තිමට හිතාගන්න බැරි අවසානයක් සමගින් season 2 එකටත් පාර කපනවා. එහෙනම් ඔයාලා හැමෝටම කතාව බලන්න ආරාධනා කරනවා. තවත් ලස්සන anime series එකකින් හම්බවෙමු. අරගලයට ජය වේවා!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • උපසිරැසි කොටස්  11 ම පහත ගොනුවේ ලබා දි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. සහෝ පුලුවන්නම් තව සුපිරි anime ටිකකට sub අරන් එන්න, ඔබට ජය වේවා, ස්තුතියි!!

  3. ගොඩක් ස්තූතියි. පුළුවන් නම් මේකේ ඔන්ගොයින් යන සීසන් 2 වලත් සබ් ගේන්නකො.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram