today-is-a-good-day
More

    Lootcase (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් මාස හය හතකට විතර පස්සේ චිත්‍ර‍පටියටකට උපසිරැසි ගන්වලා අරන් ආවා.. පහුගිය දවස් වල වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම අපිට අහිමිවුනා කියලා ඔයාලා දන්නවා ඇති නේ. ඉතින් දැන් අලුත්ම පෙනුමකින් ඇවිල්ලා ඉන්නවා. හැබැයි හැමෝටම තියන ප්‍ර‍ශ්නය කෝ පරණ චිත්‍ර‍පටි කියලා. ඉතින් පරණ චිත්‍ර‍පටි සේරම මේ මාස දෙක තුන ඇතුලත නැවත යාවත්කාලින වේවි. දැනටම රුපවාහිනි කතාමාලා කිහිපයක්ම නැවත දාලා තියනවා. ඉතින් ඉදිරියට හැමදේම පරණ විදියටම ඔයාලාට අත්විදින්න ලැබේවි. IDX උපසිරැසි ගොනුවත් එක්කම..

    දැන් අපි චිත්‍ර‍පටිය ගැන බලමු.. මේ චිත්‍ර‍පටිය නිශ්පාදනය කරන්න ආරම්භ උනේ 2019 වසරේ…මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ නිකුත් කරන්න හිටපු මේ චිත්‍ර‍පටියටත් කෝරෝනා ව්‍යවසනය බලපැවා. ඒ නිසාම මේකත් ඩිජිටල් විදියට නිකුත් කරන්න නිශ්පාදන කණ්ඩායම තිරණය කලා. කොහොම නමුත් මෙහි ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙන Kunal Khemu නම් වැඩි කැමැත්තක් දක්වලා නැහැ මේ චිත්‍ර‍පටිය මේ විදියට රිලිස් කරනවාට. මොකද ඔහු ප්‍ර‍ධාන චරිතයට පණ පොවන චිත්‍ර‍පටි කිහිපයයි තියෙන්නේ. ඉදලා ඉදලා එහෙම එකක් ආවාමත් ඒක ඩිජිටල් විතරක් රිලිස් වෙද්දිත් පොඩි අවුලක් තියනවා නේ. අනික ඛාන් පවුලේ හා අනික් නළුවන්ගේ චිත්‍ර‍පටි කල් යද්දි අන්තර්ජාලයට නිකුත් කරන චිත්‍ර‍පටි බොහෝමයක්ම සමාන්‍ය නළු නිලියන්ගේ එවා තමයි.

    චිත්‍ර‍පටිය ගැන කතා කලොත් එහෙම Rajesh Krishnan විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටියේ Kunal Khemu,Gajraj Rao,Vijay Raaz,Ranvir Shorey හා Rasika Dugal යන නළු නිලියන් කිහිපදෙනාගේම රංඟනයෙන් හැඩ වෙනවා.. වැඩියෙන් ගීත නම් අඩංගු වෙන්නේ නැති නිසා චිත්‍ර‍පටිය එක හුස්මට රසවිදින්න පුලුවන්.. කතාව ගැන කිව්වොත් නන්දන් කුමාර් කියන්නේ බොහෝම දුක්මහන්සියෙන් හම්බකරලා තමන්ගේ නෝනා ලතා හා තමන්ගේ පුතා එක්ක ජිවත් වෙන කෙනෙක්. ආනන්ද් හා ලතා නිතරම රණ්ඩුත් වෙනවා මුදල් අඟහිග කම් නිසා.. දිනක් ආනන්ද් ඔෆිස් එකේ රෑ වැඩ මුරය ඉවර කරලා ගෙදර එද්දි පාර අයිනක තිබිලා රතු පාට සුට්කේස් එකක් හම්බවෙනවා. මේක ඇතුලේ තියෙන්නේ ආනන්ද් ජිවිතේටවත් නොහිතපු දෙයක්. සල්ලි වලින්ම කෝටි දහයක්. දෙපාරක් හිතන් නැතුව ආනන්ද් මේ සල්ලි මල්ලත් අරන් ගෙදර යනවා. හැබැයි බිරිදටවත් මේ ගැන කියන්නේ නැහැ. ඇත්තටම මේ සල්ලි බැග් එක කාගේද? මං ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැහැ අනුන්ගේ දෙයක් ගත්තාම ඒක පිටිපස්සෙන් කරදර පොලිමකුත් එනවා කියලා.. ඉතින් ආනන්ද් මේ ගත්ත සල්ලි බැග් එකත් එක්ක මොනා සිද්ධ වේවිද කියලා බලන එක ඔයාලාට බාරයි
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Lootcase.2020.Sinhala.Subtitle.rar – Downloaded 2419 times – 42 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට…පුලුවන්නම් trailer එකත් ඇඩ් කරන්න

    Leave a Reply to සජිත් Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram