spot_img
spot_img
More

    Luka Chuppi (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Living Togather සංකල්පය කියන්නෙ ශ්‍රී ලංකාව , ඉන්දියාව වැනි රටවල්වලට තරමක් ආගන්තුක සංකල්පයක්. පෙරදිග රටවල්වල එවැනි ක්‍රියා හඳුන්වන්නේ සංස්කෘතිය කඩන ක්‍රියා ලෙසයි. ඉන්දියාවෙ ඇති කරගන්නා විවිධ කල්ලි විසින් ජනතාව පොළඹවාගෙන නළු නිළියන් ඇතුළු කීර්තිමත් පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදු කරන විරෝධතා ඉතා සුලබයි. Pk චිත්‍රපටය වෙනුවෙන් ආමීර් ඛාන් හට එල්ලවූ විරෝධතා සහ පද්මාවත් චිත්‍රපටය හේතුවෙන් දීපිකා පදුකෝන් හට එල්ල වූ විරෝධතාවන් ඊට ආසන්නතම උදාහරණ ලෙස හැඳින්විය හැකියි.

    විවාහයට පෙර එක්ව ජීවත් වූ “නසීම් ඛාන් ” නමැති නලුවෙකු පදනම් කරගනිමින් සංස්කෘතිය සුරැකීමේ සංවිධානය යන දේශපාලන සංවිධානය විසින් ඇති කළ විරෝධතා රැල්ල හේතුවෙන් තරුණ යුවලක් මුහුණදෙන අපහසුතා Luka chuppi චිත්‍රපටයෙන් පෙන්වා දෙනවා. සංස්කෘතිය පිළිබඳව අනවශ්‍ය ආකාරයෙන් අන්තවාදී වන පිරිස් සහ දේශපාලනික හේතුන් මත අනවශ්‍ය දේ මතුකර ජනතාව පොළඹවාගන්නා දේශපාලන කල්ලි පිළිබඳව හාස්‍යජනක අයුරින් මේ චිත්‍රපටයේ ඉදිරිපත් කර තිබෙනවා. විවාහයට පෙර එක්ව ජීවත්වන යුවලකට අසල්වාසීන්ගෙන් එල්ලවන බලපෑම් හමුවේ ඔවුන් විවාහක යුවළක් ලෙස ඒත්තුගැන්වීම හේතුවෙන් ඇතිවන ගැටළු ඉතාම අලංකාර ලෙස Luka chuppi මගින් පෙන්වනවා. මෙහි අඩංගු Yeh kabar, Coca cola, photo, laung lachi වැනි ගීත ජනප්‍රියත්වයට පත්වීම නිසා චිත්‍රපටයේ ජනප්‍රියත්වයද වැඩි වූවා. චිත්‍රපටය පුරාම හාස්‍ය කියන දේ උපරිමයෙන් පැවතුණු Luka chuppi චිත්‍රපටය ඉතා හොඳ හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් ලෙස නම් කළ හැකියි. කාර්තික් ආර්‍යන්, ක්‍රිතී සැනොන් , අපර්ශක්ති කුරාණා, පන්කජ් ත්‍රිපාටි යන නළු නිළියන් ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම් වා‍ර්තා තබන්නටද සමත් වුණා. වෙහෙසකර අවස්ථාවක ඔබේ මනස සැහැල්ලු කරගැනීමට බැලීමට සුදුසුම කොමඩි නිර්මාණයක් ලෙස Luka chuppi මම යෝජනා කරනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Luka.Chuppi.2019.Sinhala.Subtitle.rar – Downloaded 2135 times – 54 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram