today-is-a-good-day
More

    Maanagaram (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ වසරේ එලි දැක්වුණ දෙමළ චිත්‍රපට අතර සුවිශේෂ චිත්‍රපටයක්. ලෝකේෂ් කනගරාජ් නම් අධ්‍යක්ෂවරයාගේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය වන මෙය නිතර දකින්නට නොලැබෙන ආකෘතියකට අනුවයි නිර්මාණයවී තියෙන්නේ.

    Business process outsourcing (BPO) සමාගමක රැකියාවක් බලාපොරොත්තුවෙන් ගමක සිට චෙන්නයි බලා එන තරුණයෙක්, නගරයේම ඉපදී හැදී වැඩී එහි රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින තරුණයෙක්, මොවුන් දෙදෙනාට දෙආකාරයකට සලකන මානව සම්පත් කළමණාකාරිනියක්, පාතාල කල්ලි 2ක් චිත්‍රපටයට පාත්‍ර වෙනවා. චිත්‍රපටය ගලා යන්නේ ඔස්කාර් සම්මාන දිනූ මෙක්සිකානු අධ්‍යක්ෂ Alejandro González Iñárritu ගේ Death Trilogy චිත්‍රපට මාලාව (Amores perros, 21 Grams, Bable) සිහියට නංවන hyperlink ආකෘතියකටයි. එකිනෙකාට ඍජු සම්බන්ධතාවයක් නැති චරිත කීපයක්, බැලූ බැල්මට අහඹුලෙස පෙනෙන සිදුවීම් මාලාවක් හරහා එකිනෙකා සමග සම්බන්ධ වෙන මේ hyperlink ආකෘතිය ඉන්දියානු සිනමාවට අලුත් දෙයක් නොවෙයි. මේ ආකෘතියට තැනුනු ප්‍රකටම චිත්‍රපටය 2010 වසරේ ක්‍රිෂ් අධ්‍යක්ෂණය කළ Vedam නම් තෙලිඟු චිත්‍රපටය. (මෙය පසුව Vaanam නමින් දෙමළෙන්ද ප්‍රතිනිර්මාණය වුණා) මීට අමතරව 2016 වසරේ ආ Udta Panjab හින්දි චිත්‍රපටයත්, Vil Ambu නම් දෙමළ චිත්‍රපටයත් මේ ආකෘතිය ගත් නිර්මාණ.

    අධ්‍යක්ෂ ලෝකේෂ් කනගරාජ් කෙටි චිත්‍රපට නිර්මාණය කරමින් සිනමාවට පිවිසුණු අයෙක්. පසුගිය වසරේ එලි දැක්වුණ Aviyal කෙටි චිත්‍රපට එකතුවට ඇතුලත් වූ Kalam නම් කෙටි චිත්‍රපටය ඔහුගේ නිර්මාණයක්. Maanagaram සමග සිනමාවේ දුර ගමනක් යාහැකි බවට ලකුණු පෙන්නුම් කර තියනවා. විවිධ අවස්ථාවන්ට, සමාජ තත්වයන්ට අනුකූලව මිනිසුන් හැසිරෙන අන්දම, ඔවුන් තුල සැඟවී ඇති හොඳ නරක ඉස්මතු වන ආකාරය මනාව ගොඩනගා ඇති නාට්‍යමය අවස්ථා සහිතව චිත්‍රපටයෙන් නිරූපණය වෙනවා. තමිල්නාඩුවේ පමණක් නොව අපේ රටේත් තරුණයන්ට හිතන්නට බොහෝ දේවල් මෙහි ප්‍රධාන චරිත 3 හා ඔවුන් මුහුණ දෙන සිදුවීම් මගින් ඉදිරිපත් කෙරෙනවා. ඉන්දියානු mainstream චිත්‍රපටවල නිතරම දකින්නට ලැබෙන හාස්‍යය, යහපත ජයගැනීම වැනි දේවල් මෙහිදී මහ පොළොව මත සැබෑවටම සිදුවන දේවල් ලෙස නිරූපණය කර තිබීම විශේෂත්වයක්. ජනප්‍රිය තරුවක් නොවුණත් තමන් රඟපාන සෑම චරිතයකටම උපරිම සාධාරණත්වයක් ඉටු කරමින් එම චරිතය ප්‍රේක්ෂකයන් ඉදිරියේ ජීවමාන කරවන නළුවකු වන ශ්‍රී මෙහිදීත් තම භූමිකාව මැනවින් රඟපානවා. සංකීර්ණ චරිතයක් වන නාගරික තරුණයා ලෙස රඟපාන තෙලිඟු නළු සුන්දීප් කිෂන් ද ඊට නොදෙවෙනි රංගනයක යෙදෙනවා. එකම නිළිය(තවත් නිළියක් සිටියත් ඇය පෙනී සිටින්නේ එක් දර්ශනයකට පමණයි) වන රෙජිනා කැසන්ඩ්‍රා මෙන්ම සෙසු චරිත රඟපාන නළුවන්ද මනාව තම චරිත වලට අවතීර්ණ වෙනවා. පසුබිම් සංගීතයෙනුත් චිත්‍රපටයට විශාල ආලෝකයක් වැටෙනවා. Maanagaram සැබෑවටම සිනමා රසිකයින් මඟ නොහරින්නට වටින චිත්‍රපටයක්.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Maanagaram (2017) සිංහල උපසිරැසි” Maanagaram.(2017).Sinhala.Subtitle.rar – Downloaded 363 times – 51 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Visual (විශුවල්)
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram