spot_img
spot_img
More

    Malaal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සෑහෙන කාලෙකට පස්සෙ බොක්කෙන්ම “බොලිවුඩ්” කියලා කියන්න පුළුවන් ෆිල්ම් එකක් බැලුවා. ආදරේ, විරහව, වේදනාව අනූව දශකෙ තාලෙට අඹලා බන්සාලිගේ රන් ස්පර්ශයෙන් පණ දුන්න ඒ හැඟීම ආයෙත් වින්දා.

    මෑත කාලෙ ආපු බොලිවුඩ් ෆිල්ම්ස් ගැන රසිකයො කථා කළත් ඒවා ටික දවසකින් අකා මකා යන චිත්‍රපටි වුන බව හැමෝම දන්නවා.. ඒ නිසාම බොලිවුඩ් රසික රසිකාවියන් තාමත් ප්‍රිය කරන්නෙ 90-2000 යුගයට. යාශ් චෝප්‍රා මාත්‍රාවේ ආදරේ දැනෙන සහ විඳින ආදර කථා වලට.

    බොලිවුඩ් වලට ආපු බයොග්‍රැපි රැල්ලයි , රියැල්සිටික් සිනමා රැල්ලයි නිසා බොලිවුඩ් වල අපේ නාඩියට දැනෙන ආදර කථා යට ගියා. යට ගියාටත් වඩා එහෙම කථා ආවෙත් නෑ. මතක ඇති කාලෙකින් අන්තිමට එහෙම කථාවක් බැලුවෙ “සනම් තෙරි කසම්” චිත්‍රපටයේ.

    ආදරේ සහ විරහවේ “නිලය” හරියට අල්ලලා පත්තියන් වෙන්න දීපු ආදර කථාවක් මලාල්, විශේෂයෙන්ම රන්වීර් සහ රන්බීර්ගෙ එකතුවක් වගේ දැනෙන මීසාන් ජැෆ්රී ගෙ රංගනය බන්සාලිගෙ සංගීතය, අර අමුතු හැඟීම් උද්දීපනය කරන බන්සාලි “සිග්නෙචර්” දර්ශන, අපූරු නර්තන වින්යාස, පපුවෙන් ඇවිත් උගුර හිරවෙලා ඇහෙන් කඳුළු පනින අවසානය.. !!!!

    ඔන්න බොලිවුඩ් ලවර්ස්ලාට කාලයක් හිතේ ඇඳෙන ආදර කථාවක් විඳගන්න වගේම විඳවන්න අවස්ථාව…අද රෑ එළිවෙන තුරු ශිවා – ආශ්තා මගේ ඔළුවෙ හොල්මන් කරාවි… ඔයාලත් බලලා විඳවන්න..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Malaal.2019.Sinhala.Subtitle.rar – Downloaded 646 times – 33 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ජනිත් නවින්

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram