spot_img

Manmarziyaan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Anurag Kashyap අධ්‍යක්ෂණය කරන ලද Abhishek Bachchan වගේම මේ කාලයේ වැඩිම චිත්‍ර‍පටි නරඔන්නන්ගේ ජනතා ප්‍ර‍සාදයට ලක් උන Vicky Kaushal වගේම Taapsee Pannu රංඟනයෙන් දායක වෙන චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. නළුවෝ දෙන්නායි එක නිළියයි උනාම කොහොමත් ඔබට වැටහෙනවා ඇති මේක තුන්කොන් ආදර අන්දරයක් බව. ඒ වගේම ඔයාලට මේකත් තේරෙන්නේ ඇති මේක අනුරාග් කාෂ්‍යප්ගේ සිනමා නිර්මාණයක් බව. ඒ නිසා ඔහුගේ චිත්‍ර‍පටි නරඔලා තියනවා නම් තේරුම් යාවි මේක අපි නිතර දෙවේලේ දකින ආදර කතාවක් වගේ නෙවෙන බවත්…. කොහොම හරි කතාව මං ටිකක් කියන්නම් කෝ… රූමි කියන්නේ ටිකක් දඩබ්බරකාර කෙල්ලෙක්… රූමිගේ හිත් ගත්ත ආදරවන්තයා තමයි විකි. හරිහමන් රස්සාවක් නැහැ. රස්සාවක් කියලා කරන්නේ ඩි ජේ කරන එක… ආදරේ කරන මුල දවස් වල ඉතින් ඔය රස්සාව…ඉන්න තැන් මුකුත් වැඩක් නැහැ නේ. ලුණුයි බතුයි හරි කාලා ඉමු කියලා නේ හිතන්නේ… මේ විකි කොහොමත් අපේ වචනයෙක් කිව්වොත් ෆුල් ෆන් එකේ ඉන්න කෙනෙක්. මේ අතරවාරයේ තමයි රූමිට ගෙදරින් විවාහ යෝජනා හොයන්නගන්නේ… මේ නිසා රූමි විකිට කියනවා දෙමව්පියන් එක්ක ඇවිල්ලා තමන්ගේ ව විවාහ කරගන්න අවසර ඉල්ලන්න කියලා. විකි මේ කාරණාව ඇහුව ගමන් බය වෙනවා. මොකද විකි තාම කසාද බදින්න තරම් සුදානමක් නැහැ… කොහොම හරි මේ දෙන්නා අතර මේ නිසාම සැහෙන රණ්ඩුත් වෙනවා. කොහොම හරි ගෙදරින් රූමිට යෝජනා කරන මනමාලයා තමයි රොබී (අබිෂෙක්) කියන්නේ…. රූම් විකිට පාඩමක් උගන්වන්න රොබීව බදින්න කැමැති වෙනවා… නමුත් රූමි හා රොබීගේ විවාහය වෙන දවසේ…… එතැනින් එහාට මොනාද වෙන්නේ කියලා ඔයාලට චිත්‍ර‍පටිය නරඔන්න බාරයි….

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram