More

    Max Reload And The Nether Blasters (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ජීවම් කර තිබෙනා අද්භූත වීඩියෝ ක්‍රීඩා කේතය [සිංහල උපසි‍රැසි සමග]

    වීඩියෝ ක්‍රීඩා වලට මහත් ලෙස ප්‍රිය කරන ඔබ සඳහාම නිර්මාණය වූ Sci-fi/Action ගනයට අයත් වන මෙම චිත්‍රපටයේ ඇතුළත් වන්නේ පුරාණ අඳුරු බලවේගයක් විසින් කලකට ඉහත ජීවම් කරනු ලැබූ අද්භූත වීඩියෝ ක්‍රීඩා කේතයක් නව යොවුන් වියේ පසුවන්නෙකු අතින් අන්තර්ජාලයට එක් වී සිදුවන මහත් විනාශයක් හා එය නැවැත්වීමට වෙර දරන නිර්භීත කණ්ඩායමක් පිළිබඳවයි.

    කතාව මේකයි

    කුඩා නගරයක වීඩියෝ ක්‍රීඩා අලෙවිසැලක මැක්ස්, ලීස්, රෙජී ලෙස නව යොවුන් වියේ පසුවන්නන් තිදෙනෙකු සේවය කරයි. දිනක් රාත්‍රියේ මැක්ස් තනිව අලෙවිසැලේ සේවය කරමින් සිටිනා විට ආගන්තුක පුද්ගලයෙක් පැමිණ වීඩියෝ ක්‍රීඩා ධාවනය කලහැකි පැරණි උපකරණයක් හා ඊට අදාල වීඩියෝ ක්‍රීඩා කාඩ්පතක් පෙට්ටියක් තුළ බහා අලෙවිසැලේ තබා යයි. කිසිවක් නොකියාම යන්නට යන ඔහු මැක්ස් හට ”කුමක්ද මේ යන්නට” ලොකු ප්‍රේහෙලිකාවක් ඉතිරි කරයි. මෙම පැරණි වීඩියෝ ක්‍රීඩාව සෙල්ලම් කිරීමට යොමු වෙන මැක්ස් අවසානයේ මෙම ක්‍රීඩාව ලොව වටා සියලුම දෙනා අතර අන්තර්ජාලය ඔස්සේ බෙදා දීමට කටයුතු කරයි. මෙයින් මෙම ක්‍රීඩාවේ ඇති අන්දකාර ශක්තියට නිරාවරණය වන සියලුම දෙනා උන්මත්තකයන් ලෙස හැසිරෙමින් විනාශකාරී ක්‍රීයා කිරීමට පෙළඹෙති. මැක්ස්ගේ මෙම බරපතල අත්වැරදීම නිවැරදි කර ලෝකය මෙම මාරක ක්‍රිඩාවට නිරාවරණය වීම වැළක්වීමට මෙම ක්‍රීඩාවේ නිර්මාතෘවරයා මැක්ස් ඇතුළු පිරිස සමඟ අත්වැල් බැදගනියි.

    මෙයාලට අවසානයේ ලෝකය බේරගන්න පුළුවන්වෙයිද ?? ඒක දැනගන්න චිත්‍රපටිය අරගෙනම බලන්න.

    මට ඔයාලට විශේෂයෙන්ම එක පුංචි දෙයක් මේ චිත්‍රපටිය ගැන කියන්න ඕනේ. ඒ තමයි මේ චිත්‍රපටියේ Ratings දිහා බළලා ”බලනවද ? නැද්ද ?” කියලා තීරණයකට එන්න එපැයි කියලා, ඒ වගේම මිනිස්සු ඇතැම් තැන් වල පල කරලා තියන අදහසුත්. කෙළින්ම අරගෙන එක හුස්මට බළලා දාන්න. අඩු වියදමකින් කරපු චිත්‍රපටියක් කියලා හුඟක් මිනිස්සු මේකට දෝෂාරෝපනය කරලා තියනවා, ඒ කතාව ඇත්ත, ඒත් මේ චිත්‍රපටියේ අමුතුම ගතියක් මට නම් දැනුනා. වෙලාවකට අඩු වියදමකින් කරපු චිත්‍රපටියක්ද කියලත් හිතා ගන්න බෑ. මේකේ නියම කොමඩි දර්ශනත් ඇතුළත් වෙලා තියනවා. ඒ වගේම Sound වල එහෙම අමුතුම ඉහළ ගතියක් තියනවා. හුඟක් දෙනා සමහර චිත්‍රපටි බලන්නේ නැතුව Rating අඩුයි කියලා පැත්තකට විසි කරලා දානවා. ඒක නම් හරිම අපරාධයක්. හොඳ අමුතුම Feel එකක් දැනෙන චිත්‍රපටි මේ අතරෙම එයාලට නිකන්ම miss වෙලා යනවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Max Reload and the Nether Blasters (2020) සිංහල උපසිරැසි” Max.Reload.and.the.Nether.Blasters.(2020).Sinhala.Subtitle.rar – Downloaded 809 times – 58 KB

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    UD shehan
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram