spot_img

Meesaya Murukku (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ජිවිතේ අපිට මොන තරම් හීන තියනවාද ඒ හීන හැබැ කරගන්න බැරුව අපි කොච්චර දුක්විදිනවාද. සමහරු හිතනවා අපිට මිල මුදල් තිබ්බා නම් අපිටත් සමාජයේ ලොකු තැනකට හීන ටික සේරම හැබැ කරගෙන එන්න පුලුවන් කියලා. එත් තමන්ගේ දක්ෂතාවය තියනවා නම් දැන් අන්තර්ජාලය පාවිච්චි කරලා හරි දියුණු වෙන්න පුලුවන් කියලා හැමෝම දන්නවානේ. එහෙම උදාහරණ ලංකාවෙත් ඕනි තරම් තියනවා. මේ චිත්‍ර‍පටියට පාධක වෙන්නෙත් ඒ වගේ සැබැ කතාවක් Hiphop Tamizha කියන්නේ දමිළ ගායකයෙක්. ඔහුගේ ජිවිත කතාව තමයි මේ චිත්‍ර‍පටියේ තියෙන්නේ. විශේෂම කාරණය මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය කරන්නෙත් ඔහුම තමයි. Kavan,Thani Oruvan,Kaththi මේ වගේ ජනප්‍රිය චිත්‍ර‍පටිවල පවා දැන් ඔහු පසුබිම් ගායනයෙන් දායක වෙනවා. ඒවගේම සමහර චිත්‍ර‍පටි වල සංගිත අධ්‍යක්ෂණයත් ඔහු විසින්මයි සිදු කරන්නේ… මේ දමිළ චිත්‍ර‍පටිය ඉන්දියාවේ නම් හොදින් ජනප්‍රිය උනා වගේම කෝටි 75ක බොක්ස් ඔෆිස් ආදායමකුත් හොයාගත්තා.

මේ චිත්‍ර‍පටියේ මං කලින්ම කිව්වා නේ ඔහුගේ ජිවිත කතාව තියෙන්නේ කියලා. මොහු ගායකයෙක් වෙන්න හින දැක්කාත් කිසිම සංගිත ආයතනයකින් ඔහුගේ එකඳු හෝ සිංදුවක් බාරගන්න කැමැති වෙන්නේ නැහැ. කිසිම රේඩියෝවකින් ඔහුගේ ගිතයක් විකාශනය කරන්න කැමැති වෙන්නෙත් නැහැ. ගිත ගයන්න බැරි හැබැයි සල්ලිකාර අයගේ පුත්තු පවා ගායකයෝ වෙද්දි මොහුට හැකියාව තිබිලාත් තැනක් ලැබෙන්නේ නැහැ. මොහුට හොද යාළුවෝ කිපදෙනෙක් වගේම නිතරම තමන්ගේ පස්සෙන් ඉන්න තාත්තා කෙනෙකුත් ඉන්නවා. ඔහුගේ තාත්තා නිතරම කියන දෙයක් තමයි පැරදුනත් දින්නත් කමක් නැහැ උත්සහාය අතහරින්න එපා කියලා. වෙලාවකට මොහුට තමන්ගේ ආදරය කරපු කෙනා පවා අහිමි වෙලා යනවා ඔහුගේ හීනය පස්සේම දුවන නිසා… කොහොම හරි අද මේ විදියට ජනප්‍රිය ගායකයෙක් උන ඔහුගේ ජිවිත කතාව නරඔන්න ආරාධනා කරන ගමන් තව චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram