More

    Megan Leavey (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ආයුබෝවන් සියළුදෙනාටම. 2017 වසරේ නිකුත් වුණ තවත් චිත්‍රපටියක් අරගෙනයි මම අද ආවෙ.ඇත්තටම කිව්වොත් අපේ ඇඩ්මින් සහෝ මට මේක කරන්න බාර දීලා ගොඩක් කල් වෙනවා. නමුත් රැකියාවේ කටයුතු බහුල වීමත් එක්ක දිනෙන් දින උපසිරසිය කරන එක කල් ගියා. ඒ පිළිබඳව මුලින්ම සියළුදෙනාගෙන් සමාව ඉල්ලා සිටිනවා. වැඩිය කතා නැතිව චිත්‍රපටියෙ පොඩි විස්තර ටිකක් බලලා චිත්‍රපටිය බලන්න යමු එහෙනම්.

    චිත්‍රපටි දර්ශකයේ 10/7.1 රේටින්ස් ලබාගන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියනවා.සත්‍ය සිදුවීමක් පදනම් කරගෙනයි මේ චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ. අපි කතා පැත්තට පොඩ්ඩක් ගියොත්, මේගන් ලීවි කියන්නෙ තමන්ගෙ පවුල අවුල් වුණ, තමන්ගෙ හොඳම යාළුව මිය ගිය එක ගැන දුක් වෙවී ඉන්න තරුණියක්. ජීවිතේ එපා වුණ තැන ඇය හමුදාවට බැඳෙන්න තීරණය කරනවා. ඊටපස්සෙ ඇය මැරීන් බලකායට බැඳෙනවා. එතන දි කරපු වැඩකට දඬුවමක් විදියට එයාට මැරීන්ලගෙ නිල සුනඛයින්ගෙ කූඩු සුද්ද කරන්න සිද්ද වෙනවා. එතනදි තමයි එයාට රෙක්ස් ව මුණගැහෙන්නෙ. මං එතනින් එයාට කතාව කියන්න යන්නෙ නෑ. අනුවේදනීය ලස්සන කතාවක්.හැමෝටම බලන්න කියල ආරාධනා කරන ගමන් යන්නයි මේ සූදානම. බාර ගනිපු තව එකක් තියනවා ඒකත් ඉක්මණටම අරගෙන ආයෙත් එන්නම්.

    ආ… කියන්න අමතක වුණා. සියළුදෙනාට ලැබුවා වූ අළුත් අවුරුද්ද සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram