today-is-a-good-day
More

    Memory (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Liam Neeson ගේ චිත්‍රපටියක් අතහරින්නම බෑනේ. Memory (2022) එයාගේ අලුතෙන්ම ආපු චිත්‍රපටිය. වයස වුනත් රඟපෑම දක්‍ෂ විදියට කරන්න පුළුවන් නලුවෙක් නිසා, චිත්‍රපටිය සාර්ථක වුනා කියන්න පුළුවන්. Jef Geeraerts විසින් රචනා කරන ලද නවකතාවක් ‍වන De Zaak Alzheimer පොත පාදක කරගෙන තමයි මේ චිත්‍රපටි කතාව නිර්මාණය වුනේ. 2003 වර්ෂයේ මේ නවකතාව පදනම් කරගෙන බල්ගේරියාවෙත් චිත්‍රපටියක් නිර්මාණය වෙලා තියෙනවා The Memory of a Killer නමින්. ‍‍ඩොලර් මිලියන 7කින් පමණ නිෂ්පාදනය වුනු චිත්‍රපටිය, මේ වෙනකොට ලබා ති‍බෙන ආදායම ඩොලර් මිලියන 11කට වැඩියි.

    Martin Campbell විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටිය Briarcliff Entertainment විසින් ලොව පුරා බෙදා හැරුණා. රඟපෑම සඳහා තෝරාගත්තේ වෙනස් විදියේ නළු නිලියන් පිරිසක්. ප්‍රධාන චරිතය Liam Neeson (ඇලෙක්ස්) ට භාර වුනු අතරම සෙසු චරිත සඳහා Guy Pearce (වින්සන්ට් සේරා), Harold Torres (හියුගෝ), Taj Atwal (ලින්ඩා ඇමිස්ටෙඩ්), Monica Bellucci (ඩවානා සීල්මන්) ඇතුළු පිරිසක් යොදාගෙන තියෙනවා.

    කතාව කෙටියෙන් කියන්නම්. ඇලෙක්ස් ලුවිස් කියන්නේ කුලියට මිනිමරන කුලී ඝාතකයෙක්. ඔහුට කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා දෙදෙනෙක් මරන්න. ඒ අතරම, වින්සන්ට් සේරා දක්ෂ FBI නියෝජිතයෙක්. ඔහු ළමා අපරාධ හා සම්බන්ධ ජාවාරම්කාරයෙක් පසුපස හඹා යනවා. මේ දෙදෙනා, එක තැනකදී එකම මාර්ගයට එළඹෙන්නේ අහම්බෙන්. මේ දෙදෙනා‍ගේ කතාව තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. මේ සිංහල උපසිරැසි සමඟින් චිත්‍රපටිය රසවිඳින්න! ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Memory (2022) සිංහල උපසිරැසි” Memory.(2022).Sinhala.Subtitle.rar – Downloaded 2986 times – 831 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
      සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!
      අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
      ආදරෙයි..ආ ..💕

    Leave a Reply to lakshan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram