spot_img
spot_img

Mirzya (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් තවත් හින්දි ෆිල්ම් එකක් අරන් ආවා. මේක නම් සුපිරිම වින්දනාත්මක අත්දැකිමක් වගේම සංවේදි කතා තේමාවක් රැගත් චිත්‍ර‍පටියක්. මේකේ කලින්ම HD පිටපතක් නිකුත් උනත් ඉංග්‍රිසි උපසිරැසියක් නිකුත් උනේ නැහැ. පස්සේ ඉවසන් හිටියාම dvd පිටපතත් උපසිරැසි ගොනුවක් නිකුත් උනා. මේ චිත්‍ර‍පටියේ 70%ක්ම තියෙන්නේ සිංදු. ඒ කියලා ගස් ගල් උඩ නැගගෙන නටන සිංදු නෙමෙයි. චිත්‍ර‍පටියේ ගොඩස් අවස්ථා එතකොට හැඟිම් විස්තර කරන්නේ සිංදුවෙන්. ඒක ඇත්තටම නියමම අත්දැකිමක් වෙනවා නිසැකයි. මේය ඉන්දියානු ඉතිහාස කතාවක් නවින තාලයට නිර්මාණය කිරිමක්. හරියට රාම් ලීලා චිත්‍ර‍පටිය බැලුවා නම් අන්න ඒ වගේ…

මෙය අධ්‍යක්ෂණය කරන්නේ Rakeysh Omprakash Mehra ඔහුගේ Rang De Basanti,Bhaag Milkha Bhaag වගේ නිර්මාණ අනිවාර්යෙන්ම ඔබ රසවිද ඇති කියලා හිතනවා. මෙහි ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ Harshvardhan Kapoor විසින්. මොහු අනිල් කපූර්ගේ පුතා වගේම සෝනම් කපුර්ගේ සහෝදයා… මෙහි ප්‍ර‍ධාන නිලියගේ චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ Saiyami Kher. ඇයගේ ප්‍ර‍ථම හින්දි චිත්‍ර‍පටිය තමයි මේක. ඒ වගේම මේ චිත්‍ර‍පටියේ ලංකාවේ චිත්‍ර‍පටියක රඟපැ නිළියක්ද රංඟනයෙන් දායක වෙනවා. ඒ ”ඔබ නැතුව ඔබ එක්ක” සිංහල චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වුන Anjali Patil.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් කිසිදාක ආදරයෙන් එක්වෙන්නට නොහැකි වන දෙන්නෙක්ගේ ආදර කතාවක් තමයි යන්නේ. ආත්ම ගානක් ඔවුන් ආදරයෙන් පරාද වුනා… මේ ආත්මයේදිත් ඔවුන්ගේ ආදරය සම්පුර්ණ වේවිද? නැත්නම් මේ ආදර කතාවත් අමරණිය වේවිද? නරඔන්න ආරාධනා කරනවා මේ අගනා සිනමා සිත්තම.

ආදරයේදි සමහර විට එහෙම වෙනවා…. තුවාලයක් වෙන්නේ කෙනෙක්ට නමුත් එකේ වේදනාව විදින්නේ තවත් කෙනෙක්… එහෙම වෙනවා ආදරයේදි නිතරම එහෙම වෙනවා

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

Download “Mirzya (2016) සිංහල උපසිරැසි” Mirzya.(2016).Sinhala.Subtitle.rar – Downloaded 171 times – 21 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram