spot_img

MLA (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අාපහු ගොඩක් දෙනා ඉල්ලපු සුපිරිම චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ. මේකත් කලින් එක වගේම ඉංග්‍රිසි උපසිරැසියක් හෝ නැතුව බලන්න බැරුව හිටිය අය වෙනුවෙන්ම ඔන්න සිංහල උපසිරැසියක්ම අරගෙන ආවා. 2018 වසරේ මාර්තු මාසේ තිරඟත විම ආරම්භ කරපු මේ චිත්‍ර‍පටිය Upendra Madhav ගේ අධ්‍යක්ෂණයක්. Kalyan Ram හා Kajal Aggarwal විසින් ප්‍රධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා.Kalyan Ram ගේ චිත්‍ර‍පටි වලින් වැඩිම බොක්ස් ඔෆිස් වාර්තාවක් තබමින් තිරඟත උනේද මේ චිත්‍ර‍පටිය තමයි..

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් එහෙම කල්යාන් චතුර්වේදි කියන්නේ සැහැල්ලුවෙන් ජිවිතේ ගත කරන තරුණයෙක්…. කොහොම හරි අහම්බෙන් වගේ තමයි ඔහුට ඉන්දු කියන ගැණු ළමයාව හම්බවෙන්නේ…. කට්ට කාලා කාලා කොහොම හරි ඉන්දුව කර්යාන් යාළු කරගන්නවා. ඉන්දුගේ දෙමව්පියන්ගෙන් කැමැත්ත ගන්න කල්යාන් ඉන්දු එක්ක ගමට යනවා. හැබැයි ඉන්දුගේ දෙමව්පියන් කියන දෙයින් තමයි කල්යාන්ට ප්‍ර‍ශ්නයක් එන්නේ. ඔවුන් කියනවා තමන්ගේ දුවව කවදා හරි බන්දලා දෙනවා නම් බන්දලා දෙන්නේ ඒ පලාතේ MLA කෙනෙකුට (පලාතේ ඇමතිවරයෙකුට) කියලා. තමන්ගේ දුවට ආදරය කරනවා නම් ඡන්දෙන් දිනලා MLA කෙනෙක් වෙලා පැමිණෙන්න එතකොට මේ කසාදේ කරලා දෙන්නම් කියලා ඇයගේ තාත්තා කියනවා. කල්යාන් පවා දන්නවා කිසිම ජනප්‍රියත්වයක් නැති කෙනෙක් ඡන්දේ ඉල්ලලා කොහොම දිනන්නද කියලා.. ඒ ඇරත් මේ පලාතේ දැනට MLA විදියට ඉන්නේ ගඩප්පා කියලා මැරයෙක්. තමන්ගේ තනතුරු රැක ගන්න ඔහු ඕනිම දෙයක් කරන්න සුදානම් කෙනෙක්. ඒ විතරක් නෙමෙයි ඉන්දු ගැන හිතේ අදහසක් මේ ගඩප්පාට තියෙනවා. ගඩප්පාගේ MLA තනතුර වගේම ඉන්දුව උදුරගන්න එන චතුර්වේදිට මොන මොන කරදර වලට මුණපාන්න වේවිද කියලා දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය බලලා තමයි… කලින් කිව්වා වගේම මුළ හරියේ රොමැන්ටික් පැත්තට බර කල්යාන් හා ඉන්දුගේ ආදර කතාව වගේම චිත්‍ර‍පටියේ දෙවැනි භාගයේදි ක්‍රියාදාම වලින් සපිරුනු ගඩප්පා හා කල්යාන්ගේ ඡන්ද ගැටුම බලන්න පුලුවන්වේවි.. ඇක්ෂන් රොමැන්ස් වර්ඟිකරණ දෙකම බලන්න කැමැති අයට මේක හොද චිත්‍ර‍පටියක් වේවි.

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram