spot_img

Monster Hunter (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් යාලුවනේ අදත් චිත්‍රපටයකට උපසිරැසියක් අරන් තමයි ආවේ. අදත් ඔන්න උණු උණුවෙන්ම අරගෙන ආවා. මේක ඉතිං කවුරුත් මග බලාගෙන හිටපු එකක් තමයි.

Monster Hunter කියන මෙම චිත්‍රපටයට Tony Jaa (ඔන්ග්-බැක්) සහ Milla Jovovich ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙනවා. මේ දෙන්නා නොදන්න විදියක් නම් නෑ. ටොනී-ජා ඔන්ග් බැක් චිත්‍රපට මාලාවෙත්,Milla Jovovichව Resident Evil චිත්‍රපටිමාලාවෙත් ප්‍රධාන රංගන දායකත්වය දීපු අය නිසා.. ඒ වගේම මේ චිත්‍රපටියත් Resident Evil,Mortal Combat,Death Race ආධ්‍යක්ෂක Paul W.S Anderson’ගෙ තමයි.

විශේෂයෙන් කියනවනම් මේ චිත්‍රපටය Monster Hunter වීඩියෝ ගේම් මාලාව ඇසුරින් තමයි නිපදවලාෙ තියෙන්නෙ. එහි එන Monster වරු තමයි ඉන්නෙ.. Diablos,Nerscylla,Rathalos,Apceros, Cephalos කියන මොන්ස්ටර්ස්ලා ඉන්නවා. ඒ වගේම සටන් පූස් පෑලිකෝ නම් ටික මොහොතකට පෙන්වනවා. එයාගෙ වැඩ නම් Monster Hunter 2 එකේදි තමයි බලන්න වෙන්නෙ.

කතාවට හැරුණම, මේක ඇවිල්ලා ලෝක දෙකක කතාවක්. අපේ ලෝකයයි මොන්ස්ටර්ස් ලෝකයයි අතරෙ වෙන. ඇමරිකානු හමුදාමේ කණ්ඩායමක් වන බ්‍රාවෝ ටීම් එක හදිසියේම අතුරුදහන් වීම නිසා, ඔවුන්ව හොයාගෙන ඩාර්ක් ස්ටාර් (කාළ තරුව) ටීම් එක යනවා. ඉතිං එහි ප්‍රධානියා තමයි ආර්ටිමිස් (Milla Jovovich). ඇය සටන්,ආයුධ,මග පෙන්වීම ආදියට හොදින් පුහුණු වුනු රේන්ජර් කෙනෙක්. ඉතිං හදිසියේම කුණාටුවක් ඇවිල්ලා ගවේෂණයේ යෙදුණු මෙයාලව වෙනත් තැනකට රැගෙන යනවා..ඉතිං කුණාටුව ඉවර වෙද්දි මෙයාල ඉන්නෙ කාන්තාරෙක..ඉතිං ඔහොම හොයන් ආයෙ ගමන් කරන කොට බ්‍රාවො ටීම් එකේ සුන්බුන් හමු වෙනවා. මෙයාලගෙ සන්නිවේදන සියල්ලම කුණාටුවෙන් විනාශ වෙලා තියෙන්නෙ මේ වෙද්දි.

ඉතිං ඔහොම තමයි චිත්‍රපටය ඇරඹෙන්න. පසුව තියෙන්නෙ ආර්ටිමිස්ට Hunter හමුවීම සහ එතැන් පටන් කාන්තාරේ වෙන සටන් ජවනිකා වගේම දිවි බේරාගැණීම, නැවත පැමිණීම වගේ ක්‍රියාදාමයන් ටිකක්. එහෙනම් ඔයාලම බලන්නකො කුණාටුවේදි මොකද උනේ, මෙයාල මේ කොහෙද ඉන්නේ, ආපසු යන්න පුළුවන් වෙයිද, සිර වෙයිද වගේ දේවල් එක්ක තවත් කුතුහලේ පිරුණු දේවල් සමූහයක් තියෙනවා. අදට යනවා. හැමෝම එහෙනම් චොක්ලට් එකක් කන ගමන් බලන්නකො.. බලනකොට තේරෙයි.‍

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් හා බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram