spot_img

Mr. Majnu (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Venky Atluri විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ වසරේ ජනවාරි මස 25 වැනිදා තිරඟත විම ආරම්භ කරපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. ප්‍ර‍ධාන චරිත ලෙස Akhil Akkineni හා Nidhhi Agerwal රංඟනයෙන් දායක වෙනවා. තෙලෙඟු ආදර කතා ප්‍රිය කරන අයට නම් මේ චිත්‍ර‍පටිය හොදින්ම ගැලපේවි… කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම විකි (Akhil Akkineni) ගැණු ළමයෙන්ගේ හිත විනාඩියෙන් දිනාගන්න පුලුවන් කෙනෙක්. ඒ තරමටම විකිට ගැණු ළමයිව අල්ලගන්න පුලුවන් හැකියාවක් තියනවා. මේ නිසාම විකිට ආදර සම්බන්ධතා කියන්නෙත් අද තිබිලා හෙට නැති වෙලා යන එවා විතරයි…. නිකි (Nidhhi Agerwal) කියන්නේ නිතරම හැමදේම සැහැල්ලුවෙන් හිතාගෙන ඉන්න කෙනෙක්. හැබැයි නිකි ගේ අයියාගෙන් නම් නිකිට සැහෙන වදයක් තියනවා කසාදයක් බදින්න කියලා. නිතරම මනමාලයන්ගේ පින්තුර පවා අරන් එනවා නිකිගෙන් කැමැත්ත අහන්න. නමුත් ඇය නෙමෙයි එවාට කැමැති වෙන්නේ… හැබැයි කොහොමින් හරි වෙලා නිකිගේ හිත අන්තිමට නවතින්නේ විකි ගාවට ගිහින්… එහෙම වෙන්නත් ලොකු කතාවක් තියනවා. හැබැයි නිකි අවංකව ආදරය කරාට විකිට නම් ගානක්වත් නැහැ ආදරය කියන්නේ මොකක්ද කියලාවත්… කොහොම හරි විකි ගැන හැමදේම දැනගන්න කොට නිකි ගේ හිත හොදටම බිදිලා ඉවරයි… එතැනින් එහාට මේ කතාවේ වෙන සිදුවිම හාස්‍ය හා ආදරයද කැටි කරලා ඔයාලාට බලන්න පුලුවන් වේවි මේ චිත්‍ර‍පටිය බැලුවොතින්… හැමදාම බලන ආදර කතාවක් වගේ හිතනවාත් ඇති… නමුත් ටිකක් ඔළුව නිදහස් කරගන්න විනෝදයෙන් බලන්න චිත්‍ර‍පටියක් හොයනවා නම් මේක ඔයාලට හොද විසදුමක් වේවි.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram