today-is-a-good-day
More

    My Santa (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඕන් අද ආවෙ සුපුරුදු පරිදිම නොපුරුදු චිත්‍රපටයක් අරන්..ඒ කිව්වෙ මලයාලම් එකක්..මේක HD එන්න කලින් ඉදන්ම කරන්න හිටියත්, HD ආවට පස්සෙ කවුරුත් වැඩිය බලලා තිබ්බෙ නැති නිසා මාත් ගාණකට ගත්තෙ නෑ…ටික දවසක් යනකොට එක්තරා ටික් ටොක් එකක් මතු වුණා..හම්මෝ ඒකෙ ලස්සන කියතොත් Butta Bomma සිංදුවට පස්සෙ වැඩි වාරයක් මං බලපු සිංදුව වුණා..ඒකත් මලයාලම් එකක්…මලයාලම් සිංදුවක් තියෙන වීඩියෝ එකක් මගෙ වෝල් එකේ හම්බවුණාමයි..ඉතිං යූටියුබ් එකට ගිහින් ඒ සිංදුව සර්ච් කරලා ගත්තා..බැලින්නම් My Santa චිත්‍රපටියේ velli panji කියන සිංදුව මාර ලස්සනක් තියෙන්නෙ…ගත්තා ෆිලුම, ෆිලුමෙ පුරාම හොයලා අර සිංදුවේ තේරුම බලන්න එක්කම esub එකත් දාල කරකවල බැලුවා..😩

    සිංදු වලට esub ගහලා නෑ…සැක් කියලා ෆිලුමත් එපා වුණා..ෆිලුම බැලුවා esub එක කොලිටි එකටම තිබ්බා..සිංදු වලට නැති වුණත්. හම්මා ෆිලුම ඊටත් මරු..ඉවර වෙල esub එක දිගැරියා සබ ගහන්න හිතන්..ලයින් 2000යි..බෲම් එහෙම්මම ක්ලෝස් කරලා නිකන් වුන්නා..කවුරු හරි ගහයිනෙ කියල හිටියා, කොහෙද එකෙක් බලල නැද්ද කොහෙද…ලොකූ නළුවෙක් නිළියක් හිටියනම් ගහයි සබක්..මං ඉතිං කට්ටියට මගෑරෙන සුපිරිම භාණ්ඩ වලට ගහනවා දැන්..(sathee, K&B,Style) වගේ කට්ටියට බැලුවමයි හිතෙන්නෙ කොහොමද මගෑරුණෙ කියලා….ලයින් වැඩී කියලා බැලුවෙ නෑ..ඔන්න මන් ගැහුවා..ඒ සබ තමා මම ආසවෙන්ම ගහපු සබ් එක..කොටන්න කොටන්න ආසයි..😄

    හරිද සබේ ලස්සන සිංදු 3ක් තියෙනවා..ඒත් අර උඩ කියපු එකනම් කොහොම හරි ගහන්න ඕනෙමයි කියලා, අපේ අසා ලියන්න *ලහිරු අයියට* දුන්නා ගහලා දෙන්න කියලා, මේකා මොකක්ද කරේ, ගත්තා ෆිලුම සිංදුවනේ, ට්‍රයි කරමුකො කියලා සිංදුව ප්ලේ කරා..පැය භාගයක් විතර යනකොට මං ඇහුවා ලේසියි වගේද කියලා..මේ යකා කියනවා, ඒ පොඩි කෙල්ල මරු බං, මං මේ එතනින් එහාට ෆිලුම බලනවලු 😑  සිංදුව පැත්තක..😉 එතනින් එහාට කියන් නෑ..ඊට හපන් නවීන් බ්‍රෝ ෆිලුම නෙවේ මට සිංදුවේ සබ ඕනෙ..දැනට 4 පාරක් බැලුවා සිංදුව කියලා 😆😆 ආන් එහෙම ඓතිහාසික සිද්දියකින් ඇරඹිලා බැස්සා මලයාලම් සබකට..

    My santa….IMDb අගය 6.3..ගූගල් පරිශීලක කැමත්ත 92%යි වගේම Drama | Comedy ගණයට අයත් වෙනවා.කින්ග් ලයර් පොර දිලීප් තමා සැන්ටා..පුංචි කෙල්ලගෙ නම Manasvi එයා තමා ප්‍රධාන චරිතෙ..

    අයීසා එළිසබෙත් ජේකබ් නැත්නම් අර කිව්ව පොඩි කෙල්ල..චිත්‍රපටය පැයක්ම දුවවනවා තනියම, සැන්ට නැතුවම..අම්මෝ මාරම ලස්සනයි..අයීස කියන්නෙ නත්තල් සීය වීරයෙක් වුණ, සැබෑවටම එහෙම කෙනෙක් ඉන්නව කියලා විශ්වාස කරන ළමයෙක්..දෙක වසරෙ තමයි ඉන්නේ..අම්මා තාත්තා නෑ..සීය ලග තමයි හැදෙන්නෙ.  ගමම මෙයාට ආදරෙයි..නිතරම වගේ හීන පේනවා නත්තල් සීය ගැන..ලස්සන පාසලකට යන්නෙ, සුපිරි ගුරුවරු ඉන්නෙ, හොදම යෙහෙළිය තමයි අන්නා තෙරේස්.ඇය පිළිකා රෝගියෙක්..ජීවිතේ කොයි මොහොතෙද කියන්න බෑ..අයීසා නිතරම ළමයිට කියනවා නත්තල් සීය ඉන්නවා, එයා බලන්න එනව කිව්වා..ඔහොම දේවල්..ළමයි ඉතිං විහිළු කරනවා..සමය ගෙවෙනකොට බැරිම තැන අයීසා දෙවියන්ට ලියුමක් ලියනවා.දිව්‍යලෝකයේ ඉන්න දෙවියන් වෙත කියලා..නත්තල් සීයව ඉල්ලලා..ටික දවසක් යනකොට දෙවියන්ගෙ ලියුමක් එනවා අයීසට. 😲 මේ නත්තලට සැන්ටව එවනව කියලා අයීසා ලගට.අම්මෝ අයීසගේ මූණෙ සතුට.. අන්න රගපෑම්..

    මටනම් බලනකොට හිතුනා අම්මෝ මෙච්චර වෙලා සුපිරියටම කතාව ගියා, නත්තලා ඇවිල්ලා කයිද දන් නෑ කියලා…අම්බෝ කියන්නෙ ඊට පස්සෙ තමයි හොදම හරිය….බලන්නකො..අන්තිම ටිකනම් මාරයි හැගීම්බරගතියට නියමෙට තියෙනවා..ගම මාර ලස්සනයි.පුංචි අයීසා හීන ගොන්නක් බැදන් ඉන්නේ, සැන්ටට කියලා ඉටුකර ගන්න..ලොකුම ආසාව දිව්‍යලෝකෙට ගිහින් අම්මා තාත්තව බලන එක..පුංචි කෙල්ලගෙ රගපෑම, නැටුම්..මාර ලස්සනයි.බැක්ග්‍රවුන්ඩ් සිංදු… 👍 ලස්සන සිංදු තිබ්බත් ගහන්න අමාරුම සිංදු, ලහිරු අයියට කියල තමයි උඩ කිව්ව සිංදුවත් ගහගත්තෙ, ඒකත් හෙන මහන්සියක්..50 වෙනි විනාඩිය තමයි මොහොත..අදට යනවා තවත් ඇස නොගැටුණු ලස්සන චිත්‍රපටයකින් හම්බවෙමු..ඔය පාර මලයලම් දෙනවා දිගට..😘 බලන්න කියලා කියනවා හැමොටම..**මගේ සැන්ටා**

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” My.Santa.(2019).Sinhala.Subtitle.rar – Downloaded 1078 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. අඩෝ තෑන්ක්ස් මචං 😍👊👊.. මේකට වගේ පුළුවන් නම් Kilometers and Kilometers එකටත් සබ් කරන්න බැරි වෙයිද 😊

    2. ගොඩක් ස්තුතියි, නැවතත් IDX File එක දෙන එක ගැන සතුටුයි.

    3. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Leave a Reply to Nalinda Bandara Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram