today-is-a-good-day
More

    Ninnila Ninnila (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අශෝක් සෙල්වන්, නිත්‍යා මෙනන්, රිතූ වර්මා සහ නස්සර් ප්‍රධාන රංගනයෙන් දායක වන Ninnila Ninnila කියන අලුත්ම අලුත් චිත්‍රපටියට තමයි මේ උපසිරැසියක් ගෙනාවේ

    ලස්සනම ලස්සන සිංදු කිහිපයකින් සහ ලස්සන දෙබස් වලින් සමන්විත මේ චිත්‍රපටිය හිත සනසන කූල් කරවන ටයිප් එකේ එකක්. Romance,Comedy ඝණයට අයත් මෙම චිත්‍රපටියට IMDB 7.8ක අගයක් ලැබිලා තියෙනවා. පහුගිය දොහේ ආපු තෙළිගු චිත්‍රපටි එක්ක බලද්දි මේක ඊවට වැඩිය හුගක්ම හොද ලස්සන චිත්‍රපටියක්.

    විශේෂෙන්ම නිත්‍යා මෙනන්ව තමයි කවුරුත් ෆිල්ම් එකේ හොයන්න ගන්නෙ. ඒත් එහෙම ලේසියෙන් බලාගන්න වෙන්නෙ නෑ. ඉවසගෙන ඉන්න වෙනවා. ලස්සන තැනකදි ලස්සන ලෙස එනවා. වගේම කතාව හුගක්ම රසවත් කරවනවා. වොයිස් එක තමා විශේෂ..

    දේව් කියන්නෙ බඩ තඩි කොන්ඩෙ රැවුල වවපු කොල්ලෙක්. මෙයා ලන්ඩන් වලට යන්නෙ මාමාගේ රෙකමන්ඩේශන් එකක් මත ලෝකෙ හොදම කෝකී සම්මානය පවා හිමි කරගත්ත කෙනෙක්ගේ “අමාරා” නම් රෙස්ටුරන්ට් එකකට. ඉතිං මේ කෝකියා නැත්නම් හෙඩ් චෙෆ්..(නස්සර්) වෙලාවට වැඩ කරන කෙනෙක්. මොහු උයන්නෙ නෑ.. අනික් අය උයන ඒවා තමයි බලන්නේ. ඉතිං මොහු උයනවා දැකලා තියෙන්නේ මේ හෝටලේ ඉන්න එකම එක කෝකියයි.. ඉතිං මේකෙ ඉන්න අය මොහුගෙන් වට්ටෝරුවක් ලැබෙනකම් තමයි කෙල පෙරාගෙන ඉන්නේ..

    තාරා කියන්නේ (රිතූ වර්මා) මේ හෝටලේම වැඩ කරන කෙනෙක්. එයාට OCD. ඒ කියන්නෙ අපිරිසිදුකම පේන්න බෑ.. දේව් කියන්නෙත් නිකන් කෙනෙක් නෙවෙයි. අපිට එයාගෙත් ලෙඩක් පෙන්වනවා මුලදිම. ඒ තමයි.. මෙයාගේ අත පය ඔටෝමැටිකලි වැඩ කරන්න ගන්නවා.. කාන්දමයි යකඩ කෑල්ලකුයි තිබ්බා වගේ.. එක එකහාට මෙයාව ඇදිලා යනවා, වීසි වෙනවා.. අමුතුම මස්පිඩු ගැස්සීමක් ඒක.

    චරිත තුනක් ගැන කිව්වනේ.. විශේෂම චරිතේ නිත්‍යා මෙනන්.. එයා ගැනයි කථාව ගැනයි මං නොකිය ඉන්නම්කො.
    රැටටුයිල් කාටූන් එකත් මතක් වෙයි බලද්දි.. විනෝදෙන් බලන්න පුළුවන් ඉමෝෂනල් පැතිකඩකුත් තියෙන ලස්සන සිංදු තියෙන චිත්‍රපටියක් මේක. සිංදු ඔක්කොම උපසිරැසි ගැන්වූවා.. අම්මෝ ඒ ටිකනම් එපාම වුනා. ඕනෙ තැන්වල දෙබස් කැඩුවා.. මොකද සමහරක් ලයින් තිබ්බා තත්පර 9ක් දිගයි එක ලයින් එක. ඉතිං ඉස්සරහට එන දෙබස් එයාල කියන්නත් හුග වෙලාවකට කලින් අපි දැක්කම කුතුහලේ යනවනේ..

    කෑම හදන කතාවක් නම් නෙවෙයි. සැහැල්ලුවටත් එක්ක බලන්න හොදයි.. මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් හැම එකකම දමිළ තෙලෙගු හින්දි වගේ හැම භාෂාවකින්ම තියනවා. ඉතින් ෆිල්ම් එක ප්ලේ කරද්දි ඔයාලා පාවිච්චි කරන ප්ලේයර් එකේ ඕඩියෝ ස්ට්‍රිම් එකට ගිහින් තෙලෙගු ලැන්වේජ් එක තෝරගන්න.. මේ ටයිප් ආස අය එහෙනම් බලන්නකෝ..අදට යන්නම්!!

     

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV  ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Ninnila Ninnila (2021) සිංහල උපසිරැසි” Ninnila.Ninnila.(2021).Sinhala.Subtitle.rar – Downloaded 6667 times – 628 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
      ජය වේවා!👍

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram