today-is-a-good-day
More

    One More Time :The Day After We Broke Up (2016) සම්පුර්ණ පළමු කතාමාවේ (01) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මගේ නම ටෑන්. මට සංගීත කණ්ඩායමක් තියෙනවා. ඒ කණ්ඩායමේ ඉන්න එකම කෙල්ල තමයි මගේ පෙම්වතිය.ඉතිං නිතරම ආදරේට මට අයියේ කියාගත්ත ගමන්මයි..අපි දෙන්නා යාළුවෙලා හුග කලකුත් වෙනවා..ඉතිං මෙහෙම සුන්දරව ගෙවී ගෙන ගිය කාලෙ එක සැනයෙන් නිමා වුනේ, මගෙ අසරන කමටදෝ මන්දා, මම එයාගෙන් වෙන්වුනාට පස්සෙ දවසෙයි. ඒකිව්වෙ කාලය මට ලොකූ සරදමක් කරන්න ගත්තා.. කීමට කිව්වත් මේක මට හැබෑවටම වුනේ මම එයාගෙන් වෙන් උනාට පස්සෙයි. හොදයි කෙටියෙන්ම කියනවනම් මගේ ජීවිතේට ලොකු ෆැන්ටසියක් කඩා පාත් වුනා. ඔව් කාලය නතර වුනා..

    අද දිනේ ඔක්තෝම්බර් 4. අද තමයි මට කාලය සරදම් කරන්න ගත්තේ. කාලය ඔක්තෝම්බර් 4 වෙනිදා පමණක්ම ගෙන දුන්නා, ඒ කියන්නෙ 5 වෙනිදාවක් ලබන්නෙ නෑ මගේ ජීවිතේට. ඔයාලට එහෙම දෙයක් වුනොත් මොකද කරන්න? ඔව් ඉතිං එකම දවස ආයෙ ආයෙ උදාවෙනවා කියන්නේ, එදා ලොතැරැයි අංක, ක්‍රීඩා ජයග්‍රහණය කරන කණ්ඩායම්, සූදූ අංක ඔය වගේ හැම දෙයක්ම දන්නවනේ..මොකද කලින් උදා උන දවසක් නිසා.. ඉතිං මාත් ඒවගේ දේවලින් ප්යෝජන අරන් හොදට විනෝද උනා.. ඒත් ඇයි කාලය හිර වුනේ…? කොහෙද මගේ මේ උදා නොවෙන ඔක්තෝම්බර් 5?

    හේතුව, මට ලොකු මෙහෙයුමක් භාර වෙලා..ඇත්තටම කල නොහැකි දෙයක්..නමුත් මට කරන්නම වෙන දෙයක්.
    මේ මට ඇයි මෙහෙම උනේ? මොකක්ද මෙහෙයුම? කියලා ඔයාලම බලන්නකො..

    හොදයි, අද අපි අරගෙන ආවේ “One More Time : The Day After We Broke Up” කියන කොරියානු කතාමාලාවක්. ඒවගේම මේක පැය භාගෙ කථාංග 8කින් සමන්විතයි. මේකට ඇයි මේ නම වැටුණේ කියනවනම්. ටෑන්ගෙ සංගීත කණ්ඩායමේ නම One More Time. ඒවගේම ටෑම්ගෙ කෙල්ල ඩා-ඉන් ලියන සිංදුවේ නමත් One More Time. වගේම ටෑන් කියන්නෙ දක්ෂ ගායකයෙක් නිසා ඔහු සිංදුවක් කිව්වම ප්‍රේක්ෂකයන් One More Time කියලා කියන තරමින් ඔහු දක්ෂයි. වැදගත්ම දේ ඔක්තෝම්බර් 4 වෙනිදාත් One More Timeම තමයි. The Day After We Broke Up කියන්නේ ටෑන් සහ ඩා-ඉන් වෙන් උනාට පස්සෙ දවසෙ ඉදන් තමයි මේ සේරම වෙන්න පටන් ගත්තේ..කථාවට තවත් එක විශේෂිත නමක් තියෙනවා මුළු කථාවම තේමා කරගත්තු. “I Want to Protect You One More Time”

    කාස්ට් එක ගැණ කියනවනම් ලස්සනම ලස්සන කාස්ට් එකක් තමයි ඉන්නේ..
    KIM MYUNG SOO [𝐋-Infinite]
    YOON SO HEE

    යූන් සෝ-හී නම් අමතක වෙන්න විදියක් නැහැනේ. Ruler: Master of the Mask කවුරුත් බලල තියෙන ලස්සන ඩ්‍රාමා එකේ female second leads චරිතේ.. *To protect the man she loves* සීන් එක නිසා මැරෙන්නෙ..ෆීමේල් මේන් ලීඩ් එකට වඩා හිත ගිය ක්‍රෂ් එකක් උනා නොවෑ..කොල්ලවනම් දන්නවානේ.. අනික කොල්ලත් මේ ඩ්‍රාම එකේම සෙකන්ඩ් ලීඩ්ස් මේල් චරිතෙට ඉන්නේ.. ඉතිං ඔයාල තාම ඒක බැලුවෙ නැත්නම් ඔන්න පෙබරවාරි 13 ඉදලා සිරස ටීවී වෙතින් Ruler: Master of the Mask “යවෙස්ලූ කුමරා” නමින් හඩකවලම යනවා.. ඒක බැලුවා කියන්නෙ ඔයාලා අනිවා මේක බලනවා කෙල්ල නිසාම.. ඒවගේම කොල්ලගෙ අලුත් එකක් ආවනේ.. Secret Royal Inspector (2020) කියලා. ඒකත් ඔයාල බලනවනම් තේරෙනවා හුගක් ප්‍රසිද්ධ චරිත දෙකක් තමයි ඉන්නෙ කියලා..

    හොදයි එහෙනම්, ටෑන්, ඩා-ඉන්,කාලය,යම් දූතයෙක් සහ ටෑන්ගෙයි ඩාඉන්ගෙයි ආදරය අතරෙ වෙන මේ කාල ගැටුම කෙසේනම් කෙලවරක් වෙයිද කියලා බලන්නකො..සිංදුත් එක්කම තියෙන ලස්සන රොමෑන්ස්/මියුසිකල් ස්ටෝරියක් තමයි.එහෙනම් අදට අපි ගියා. තවත් කතාමාලාවකින් මුණගැසෙමු.ලහිරු උදයංග, හිමාෂ් තිලකරත්න සමගින් මම අෂේන් කවිදු (Monster AKS)

     

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  වෙබ් එච් ඩි හා යු ටියුබ් පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  8ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “The Day After We Broke Up (2016) සිංහල උපසිරැසි” The.Day.After.We.Broke.Up.2016.Sinhala.Subtitle.rar – Downloaded 985 times – 160 KB

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ZOOM උපසිරැසි කණ්ඩායම
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. ගොඩාක් ස්තුතියි කොරියන් කථා අපේ ගෙදර හැමෝම බලනවා . මේකත් අනිවාර්යයෙන්ම බලනවා .

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram