spot_img

Orang Kaya Baru (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Orang Kaya Baru (2019) Sinhala Subtitle

 

දුප්පත් කමින් මිරිකිලා, හැබැයි ජීවිතේ අත්‍යාවශ්‍ය හැමදේම ලැබිලා ඉඳලා, එකපාරටම ‍ලොකු පෝසතුන් වුනොත්, මොකද කරන්නේ? හිතාගන්න බෑ ‍නේද? ගොඩාක් අය, තමන්ට කරගන්න බැරිව හිටපු හැමදේම එකපාර කරගන්න බලයි, තවත් අය තමන්ට ලබා ගන්න බැරිව හිටපු දේවල්, ලබාගන්න බලයි, තවත් අය තමන්‍ගේ බලය පෙන්වන්න අවියක් විදියට පාවිච්චි කරයි. ‍මම අද මේ ගෙනාපු චිත්‍රපටියේ තියෙන්නෙත්, ඒ ව‍ගේ සිදුවීමක් ගැන.

එක දුප්පත් පවුලක් තියෙනවා, අම්මා තාත්තා සමඟින් දුවයි පුතාලා දෙන්නයි, සතුටින් සාමදානයෙන් ජීවත්වෙන. දරුවන්ට හොඳ පාසලක උගන්වන්න මේ දෙමාපියෝත් සිහින දැක්කා, ඒ සිහිනය සැබෑ කරගත්තා. හැබැයි, මෙයාලාට ලොකුවට මුදල් නෑ. ඒත්, හදිස්සියේම ලොකු මුදලක් ලැබුනොත්, මොකද කරන්නේ? ඒක තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. 2019 අවුරුද්දේ නිකුත් කෙරුණු චිත්‍රපටිය, ඉංදුනීසියාවේ හොඳ ජනප්‍රියතාවයක් ලබාගත්තා.

මේ ඉංදුනීසියානු චිත්‍රපටියේ නම Orang Kaya Baru (2019). සිංහල තේරුම “අළුත් පෝසත්තු”. Ody C. Please විසින් අධ්‍යක්‍ෂණය කරපු මේ චිත්‍රපටිය Joko Anwar ගේ නිර්මාණයක්. රඟපෑමෙන් දායක ‍වෙනවා, Raline Shah (ටිකා), Mini Cut (අම්මා), Lukman Sardi (තාත්තා), Fatih Unru (ඩොඩි) ඇතුළු පිරිසක්.

අපිට නිතර හමුනොවෙන චිත්‍රපටියක් නිසා තමයි, පරණ වුනත් මේක තෝරගත්තේ. වෙනස් භාෂා වලින් තියෙන ප්‍රහසන කතා බලන්න කැමති අය‍ට, මේක හොඳ අවස්ථාවක් වේවි. විශේෂයෙන් කියන්න ඕනේ, මේක චිත්‍රපටියට ගැලපෙන විදියට උපසිරැසි සකස් කරලා දුන්න, ලහිරු උදයංග සහෝදරයාට මගේ විශේෂ ස්තූතිය පිරිනමන්න ඕනේ. එයා නැත්නම්, මේක කරන්න වෙන්නේ නෑ…

සුපුරුදු පරිදි, මේ උපසිරැසි එක්ක චිත්‍රපටිය රස විඳලා, මේ උපසිරැසි වල ගුණ අගුණ, වැරදි අඩුපාඩු, ගල් මල් අපිට දෙන්න. ඒකෙන් අපේ ඊළඟ උපසිරැසිය වඩාත් ගුණාත්මක කරගන්න උපකාරයක් වේවි. එහෙනම්, ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram