spot_img
spot_img

Paramapadham Vilayattu (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් ආවේ K. Thirugnanam විසින් අධ්‍යක්ෂණය කරන ලද Trisha විසින් ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙන චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ… ඇය විසින් අවුරුදු 3ක විරාමයක් අරන් තමයි ආපහු මේ චිත්‍ර‍පටියකට සම්බන්ධ වෙන්නේ…

කතාව ගැන කිව්වොත් එහෙම ගයත්‍රි කියන්නේ වෛද්‍යවරියක්. ඇය තමන්ගේ දුව එක්ක තමයි ජිවත්වෙන්නේ… චේසියන් කියන්නේ තමිල්නාඩුවේ ප්‍ර‍ධාන පක්ෂයක නායකයෙක්.. මේ පක්ෂය මෙවර පවත්වන මැතිවරණයෙන් ඉහලින්ම දිනන බවට සමාජය පුරා කතාවක් පැතිර යනවා. කොහොම හරි ඡන්දය ඔන්න මෙන්න තියලා චේසියන්ට හදවත් අමාරුවක් ඇති වෙලා රෝහලට ඇතුල් කරනවා. මේ රෝහලේ ප්‍ර‍ධාන වෛද්‍යවරිය තමයි ගයත්‍රි කියන්නේ… චේසියන්ගේ පක්ෂයේ දෙවැනියට ඉන්න නායකයන් කිහිපදෙනෙක්ම හැසිරෙන ආකාරය ගැන ගයත්‍රිට සැකයක් ඇති වෙනවා. ඇයට හැගෙනවා ඔවුන් චේසියන් මිය යනවාට කැමැත්තෙන් ඉන්නවා කියලා. මොකද ඔහු මැරුනොත් පක්ෂයේ නායකකම ඔවුන්ට ලැබෙන නිසා. කොහොම හරි දිනක එක පාරටම චේසියන් මිය යනවා. ගයත්‍රිට මේ ගැන සැකයක් ඇති උනත් ඒ ගැන ඔප්පු කරගන්න බැරි වෙනවා. මේ අතර තමයි ඔහු හිටිය icu කාමරයේ ඇති කැමරාවක චිප් එකක් ඇයට හමුවෙන්නේ… එකේ තියනවා ඇත්තටම පක්ෂ නායක චේසියන් මිය යන්න හේතුව.. මේ අතර වෙලාවදිම ගයත්‍රිගේ දරුවාව හා ගයත්‍රිව පිරිසක් පැහැරගන්නවා මේ සිදුවිම පටිගත වෙලා තියන චිප් එක හොයාගැනිමේ උවමනාවෙන්… ඇත්තටම මේ මිනිමැරුම කලේ කවුද… මේ සිදුවිම පටිගත වුන චිප් එක ගයත්‍රිට මාධ්‍යට දෙන්න පුලුවන් වේවිද? ඒ හැම එකම දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය නරඔලා තමයි

මුල් අදියරේ හොදට ත්‍රීලර් රසයත් එක්ක යන චිත්‍ර‍පටිය අඟ හරියේදි නම් වැඩේ අනාගෙන තියනවා. ඒක නම් ලොකු බලාපොරොත්තු කඩවිමක්.. එක පාරටම පැමිණෙන ටැක්සි රථ රියදුරෙක් කතාවම කනපිට හරවනවා. ඒ චරිතය කරන්නේ Vijay Varmaa විසින්. ඔහුව කලින් නම් මං චිත්‍ර‍පටි වලින් දැකලා නැහැ. ඒ චරිතය අපිට දැකලා හුරු පුරුදු කෙනෙක්ට දුන්නා නම් ඔන්න අවසානය ටිකක් හැඩක් වෙන්න තිබ්බා. සමහර විට ඔහු ඉන්දියාවේ දමිළ පුද්ගලයන් වැඩියෙන් හදුනන කෙනෙක් වෙන්න ඇති. කොහොම හරි මේකත් සුපුරුදු පුරුදු මසාලා චිත්‍ර‍පටියක් වෙනවා අවසානයේ.. ඒක දැනගෙනම බලන්න. මේ ටික කිව්වේ සමාන්‍යයෙන් මැතකාලිනව දමිළ සිනමාවේ ත්‍රීලර් රසයට හුරු වටින චිත්‍ර‍පටි බොහොමයක් නිකුත් උන නිසා ඒ වගේ එවා නරඔපු කෙනෙක් මේකත් එහෙම හිතාගෙන බැලුවොත් කියලා… එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙන තුරු සුබ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ප්‍රොපර් වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Paramapadham Vilayattu (2021) සිංහල උපසිරැසි” Paramapadham.Vilayattu.(2021).Sinhala.Subtitle.rar – Downloaded 4318 times – 832 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දිනිත් සන්දිප
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram