today-is-a-good-day
More

    Parichayam (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද මගේ උපන්දිනේට සමගාමීව ඔන්න මං අද ඔයාලට අරන් ආවා ලස්සන ආදර කථාවක්.. නිකන් එකක් නෙවෙයි
    ” සත්‍ය ආදර කථාවක්” ආශ්‍රයෙන් නිර්මාණය උන එකක්. අද වගේ දවසක බලන්න කියාපුම එකක් තමයි..

    Parichayam (2018) කියන චිත්‍රපටියට තමයි සිංහල උපසිරැසියක් අරන් ආවේ. මේකෙ සිංහල තේරුම “හමුවීම,අදුනගැනීම” වගේ එකක්.. Simrat Kaur සහ Virat Konduru ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා. නළුවගෙ නම් ප්‍රථම චිත්‍රපටය. නිළියගෙ දෙවෙනි චිත්‍රපටිය. නිළිය නම් අදුරනවා නොවෑ. දැනට චිත්‍රපට තුනක වගේ රගපාල තියෙනවා.. පලවෙනි එක තමයි RX 100 බෝයිගෙ(කාර්තිකේයා) පලවෙනි චිත්‍රපටය Prematho Mee Karthik (2017) කියන තෙළිගු චිත්‍රපටිය. සිම්‍රට්ගේ පලවෙනි එක වගේම කාර්තිකේයගෙත් පලවෙනි එක ඒක. සිම්‍රට් ගෙ දෙවෙනි එක තමයි අද ගෙනාපු Parichayam (2018).. තුන්වෙනි එක Dirty Hari (2020)
    ඉතිං විරාට් එකක් උනත් සිම්‍රට් වේ වෙද්දි 3ක් කරලා තියෙනවා.

    Parichayam කියන මේ චිත්‍රපටය IMDb අගය 7.9ක් ගත්ත, ෆුල් Romance ස්ටෝරියක්. කතාව දිහාට හැරෙනවනම් මෙහෙමයි,

    හැම කෙනෙක්ගෙම ජීවිතේ ආදර කතාවක් තියෙනවා..නැත්නම්, හැම කතාවකම අවසානෙ එකම නෙමෙයි.සමහර ආදර කතා “මුණගැහීමෙන්ම” නතර වෙනවා. සමහරක් ආදරේ කරලා..ඒ මොන දෙයක් උනත්,මේ කතාවට දීලා තියෙන අවසානෙ නම්, එයාලගෙ ආදරේ ගැන එයාලා තිබ්බ විශ්වාසෙයි.

    දිනක් ලක්ෂ්මි කියලා ගැහැණු ළමයෙක් පොලීසියට එනවා ආනන්ද් අතුරුදහන් කියලා. ඉතිං අපිට ඒ සමගම ආනන්ද්වත් පෙන්වනවා. ආනන්ද් ලක්ෂ්මිව හොයනවා.. ටිකක් වෙලා යද්දි ලක්ෂ්මිට පිස්සු වගේ ගතියක් අපිට දැනෙනවා. ඉතිං අවසානෙ ආනන්ද් ලක්ෂ්මි ලගට ආවත් අදුරගන්න බැරි උනා.. ආනන්ද්ගෙන්ම ආනන්ද්ව අහනවා. ඉතිං ප්‍රේක්ෂකයා පුදුම කරමින් තමයි කතාව ඇරඹෙන්නෙ.

    ලක්ෂ්මි සහ ආනන්ද් කියන්නෙ එකම දවසෙ ඉපදුණු එකම වයසෙ, එක ළග ගෙවල් දෙකේ එකට හැදුන දෙන්නෙක්.. මේ දෙන්නා හරිම ආදරෙන් පොඩි කාලෙ ඉදන්ම හැදුනේ. එක්කෙනෙක්ට එක්කෙනෙක් නැතුව බෑ තරමෙ දෙන්නෙක්. ලක්ෂ්මි ලොකුමහත් වෙද්දි එයාගෙ තාත්තා ආනන්ද්ගෙන් එහෙම මෙයාව ඈත් කරනවා. ලක්ෂ්මිගෙ තාත්තා පද්ධතියට
    අනුව වැඩ කරන කෙනෙක්. ඒ කියන්නෙ කොල්ලෙක් එක්ක යාලුවෙනවා වගේ ඒවාට හුගක් විරුද්ධයි.. නම්බුව තමයි වැදගත්..

    ආනන්ද්ගෙ තාත්තා නම් එහෙම නෑ, හිත හොද කෙනෙක්..ඉතිං ඔහොම කාලෙ ගෙවෙද්දි ලක්ෂ්මිට වෙන කෙනෙක් මංගල්‍යයක් අරන් යන්න සූදානම් වෙනවා. ඉතිං ආනන්ද් පුංචි කාලෙ ඉදන් හිතේ හැංගුණ ආදරේ කොහොම හරි අද නම් කියනවා කියලා හිතාගෙන යනවා. ඒත් කොහෙද ලක්ෂ්මිව දැක්කත් ඇති මිනිහට හැමදේම අමතක වෙනවා. ලක්ෂ්මිටත් එහෙම තමයි. ලස්සන ලස්සන සිංදු මැද්දෙන් මේ දෙන්නගෙ ආදර කතාවත් පටන් ගන්නවා.

    නමුත් ඇයි ලක්ෂ්මිට ඉහත කී පරිදි එහෙම උනේ? කතාව ඇතුලේ හුගක් රණ්ඩු එහෙම සිද්ද වෙනවා ගෙවල් දෙක අතරේ.. මේ මැද්දෙ ආදරේ කරපු මෙයාලට ගෙවල් දෙකේ විරුද්ධකම නිසා මොනා නම් ඉරණමක් අත්වෙයිද කියලා ඔයාලම එහෙනම් බලන්නකො..

    Parichayam කියන මේ චිත්‍රපටයට Esub එකක් නොතිබුන නිසා, අසා ලිවීමක් තමයි කරන් ආවේ. එක සිංදු ඔක්කොටම උපසිරැසි ගැන්වුවා.. අන්තිම සිංදුව නම් කර කියාගන්න දෙයක් නැතුව ඉන්දැද්දි ලහිරු අයියා ඊයෙ රෑ කරලා එවලා තිබුණා. ඒවගේම සිංදුවේ හින්දිත් එයාම හැදුවා. තැන්ක් යූ ලහිරු අයියා.තවත් උපසිරැසියකින් මුණගැසෙමු.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Parichayam (2018) සිංහල උපසිරැසි” Parichayam.(2018).Sinhala.Subtitle.rar – Downloaded 1183 times – 58 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
      ඔබ විසින් කරන්නාවූ
      මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
      මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
      ………බුදු සරණයි – දෙවි පිහිටයි.

    2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram