More

    Possessor (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Possessor (2020) මේ අවුරුද්දේ කැනඩාවේ දී නිකුත්කෙරුණු තවත් බය හිතෙන ගනයට දාපු විද්‍යාත්මක චිත්‍රපටියක්. මුලින්ම කියන්න තියෙන්නේ මේක වැඩිහිටියන්ට හොඳ චිත්‍රපටියක්. ලිංගික සහ නිරුවත් දර්ශණ කීපයක්ම මේකේ තියෙනවා. දැනගෙන බලන්න.

    මේක බය හිතෙන කතාවක් නෙමෙයි. හැබැයි කවුරුවත් නොහිතපු විද්‍යාත්මක පැත්තක් ගැන තමයි කතාව දිවෙන්නේ. මම මේක පරිවර්තනයට යොමුවුනේත් ඒ නිසයි. කතාව ලියලා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Brandon Cronenberg විසින්. මෙහි රඟපෑමෙන් දායක වෙනවා Andrea Riseborough, Christopher Abbott, Tuppence Middleton සහ Jennifer Jason Leigh ඇතුලු පිරිසක්.

    කතාව තේරුම් ගන්න ටිකක් වෙලා යනවා. ඒ නිසා මම පුළුවන් තරම් උපසිරැසි සරල කලා. ඒ නිසා සම්පූර්ණ පරිවර්තනයක්ම නෙමෙයි මෙතන තියෙන්නේ. මේ වන විට මේ චිත්‍රපටිය IMDB 6.4, Rotten tomatoes 93%, Google user likes 70% අරගෙන තියෙනවා. මේ කතාව දිවෙන්නේ මිනීමරන කණ්ඩායමක් සම්බන්ධ කරගෙන. හැබැයි මෙයාලා මිනිමරන්‌නේ වෙනස් විදියකට. හරියටම කිව්වොත් ලොකු විද්‍යාත්මක ක්‍රමවේදයක් යොදාගෙන. මේ ක්‍රමය නිසා, මිනීමරුවාගේ හෝ සල්ලි වියදම් කරන්නාගේ කිසිම සළකුණක් දැනගන්න ලැබෙන්නේ නෑ. මොකද්ද මේ අළුත් ක්‍රමය? කොහොමද මෙයාලා මිනිස්සු මරන්නේ? මේ ක්‍රමයේ තිබෙන අවුල් මොනවාද? මේවා මේ කතාව ඉවර වෙනකොට විසදෙන ප්‍රශ්න.

    සිංහල උපසිරැසි එක්ක, මේ චිත්‍රපටිය රස විඳින්න… ජයවේවා!!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB HD පිටපත් සදහා ගැලපේ
    • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Possessor Uncut 2020 සිංහල උපසිරැසි” Possessor.Uncut.2020.Sinhala.Subtitle.rar – Downloaded 528 times – 21 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    Like us on Facebook

    2 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram