More

    Prematho Mee Karthik (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හායි හැමෝටම, මං අද ආවා එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන, මේකත් මං ගෙනාවෙ මගෙ උපන්දිනේ අද නිසයි. මගෙන් ඔයාලට තවත් පුංචි තෑග්ගක්..

    Prematho Mee Karthik කියන 2017 නිකුත් වුන තෙළුගු චිත්‍රපටියක්.. නළු නිළි කැළ ගත්තම RX 100, 90 ML, Guna 369, Hippi ආදි චිත්‍රපට වල රඟ පෑ නළු කාර්තිකේයාගේ පළවෙනි චිත්‍රපටිය තමයි මේක. ඒවගේම Parichayam (2018) Dirty Hari (2020) චිත්‍රපටි ද්විත්වයේ රග පෑ Simrat Kaurගේද පලවෙනි චිත්‍රපටයද මෙය වෙනවා.. දෙන්නගෙම පලවෙනි එකේම රගපෑම නම් නියමයි..මීට අමතරව Murli Sharma ද ප්‍රධාන රංගනයකින් දායක වෙනවා..IMDb 6.6 අගයක් සහ ගූගල් පරිශීලක 93%ක අගයක්ද හිමි වුණු මෙම චිත්‍රපටය Drama/Romance ඝණයට අයත් වෙනවා.. කතාව පැත්තට හැරුණම මෙසේයි….

    කාර්තික් කියන්නෙ පුංචි කාලෙ ඉදලම ඇමෙරිකාවෙ සැපට හැදුන කොල්ලෙක්. ඉතිං කාර්තික්ගෙ තාත්තට ලෙඩක් හැදෙනවා.. ඒක හොද කරන්න බැහැ ඔහුට තව කෙටි දවසයි තියෙන්නෙ කියලා වෛද්‍යවරු පවසනවා.. ඉතිං කාර්තිකෙ තාත්තාටත් මැරෙන්න යද්දි තමයි තමන්ට ඉහළ තත්වෙට එන්න උදව්කරපු මිනිස්සුන්ව, පවුල එහෙම මතක් වෙන්නේ. ඉතිං මොහු තීරනේ කරනවා උපන් රට ඉන්දියාවට ඇවිල්ලා, හැමෝම මුණ ගැහෙනවා කියලා..

    ඉතිං මොහු අමාරුවෙන් උනත් කාර්තික් එක්කගෙන එනවා. ඔහු මේ ගමනට අකමැතියි.. නමුත් මේ ගමනෙන් කාර්තික්ට ජීවිතේදි ඔහුට පියෙක් වශයෙන් උගන්වන්න බැරිවුන දේවල් උගන්වන්න තමයි ඔහුගේ මේ ප්‍රයත්නය.. ඉතිං ඔහොම යද්දි මොවුන් දෙදෙනා වෙන් වීමක් වෙනවා..කාර්තික් ඉතිං ගමක අතරමං වෙනවා. ඒ ගමේ ෆෝන් වැඩ නෑ.. ATM වල සල්ලි නෑ.. මුකුත්ම නැහැ. සැපට හැදුන මොහු තරු පහේ හෝටල් හෙව්වත් ඒවා මේ ගමේ හීන තමයි.. බොහොම අමාරුවෙන් ජීවිතේ ගැටගහන් ජීවත් වෙන මිනිස්සු තමයි ඉන්නේ.. ඔහොම යනකොට තමයි කාර්තික්ට විසේකාර අංජලීව මුන ගැහෙන්නෙ. ඉතිං මැය නිසා කාර්තික්ගෙ ජීවිතේ මෙතෙක් නොවිදපු දේවල් බොහෝමයක් අත්විදින්නට අවස්ථාව ලැබෙනවා.. කාර්තික්ගෙ ජීවිතේ ලොකුම අඩුව තමයි පවුලක් කියන දේ.. මොකද කුඩා කල සිට බිස්නස් බිසනස් කියාගෙනම තමයි ඔහුගෙ තාත්තා උස්මහත් කරේ..

    කවදාවත් නොවිදපු පවුලේ ආදරයකුත් එක්කම, මෙය ආදර කතාවකටත් පෙරලෙයිද කියලා එහෙනම් බලන්නකො.
    සුපුරුදු පරිදි සියළුම ගීතද උපසිරැසි ගන්වලා ඇත්තේ.. අදට යනවා එහෙනම්.. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති යු ටියුබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Prematho Mee Karthik (2017) සිංහල උපසිරැසි” Prematho.Mee.Karthik.(2017).Sinhala.Subtitle.rar – Downloaded 2316 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    Leave a Reply to Nilush Angana Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram