More

    Priyamanavale (2000) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    *එදත් වැඩ්ඩා ,අදත් වැඩ්ඩා..අදට වඩා එදා වැඩ්ඩා.* දැන් බලනවා ඇති මං මේ කවුරු ගැනද කියන්නෙ කියලා. මං මේ කියන්නෙ අපි කවුරුත් දන්න විජෙයි ගැන සමාවෙන්න “ඉලය තලපති විජේයි” ගැන..විජේ ගැන කවුරු මොනවා කිව්වත් මං මේ කියන්නෙ රගපෑම ගැන විතරයි..

    හොදයි අපි හැමෝම දන්නවනෙ ඉන්දියාවේ ඉන්න ශාරුක් සහ විජෙයි කියන්නෙ..මගේ මතය නම් මේ දෙන්නගෙම දැන් එන ෆිල්ම් වලට වඩා ඉස්සර ආපු ෆිල්ම් තමයි හිතල වදින්නේ..මොකද කියනවනම් මේ අයගෙ ඒ කාලෙ චිත්රපට වල Romance වඩියි Fight අඩුයි..දැන් එන ඒවගේ ඒකෙ අනිත් පැත්ත…ඒක නිසයි මං එහෙම කිව්වෙ…ඉන්දියානු ෆයිට් වල කොහොමත් ගුරුත්වයක් නෑනෙ.

    හොදයි මං අද ඔයාලට උපසිරැසි අරන් ඉන්නෙ උඩදි කිව්ව වගේම පැරණි චිත්රපටියක් තමයි..පැරණියි කියන්නෙ අවුරුදු 20ක්ම පරන එකක්…මංනම් කිරිබොන කාලෙ එකක්..කොහොමද නේද? කොච්චර පරණ වුනත් උපසිරැසි හදන්න හිතුනෙ ගොඩක්ම ලස්සන ෆිල්ම් එකක් ඔයාලට මග නොහැරී තියෙන්න ඕනෙ නිසයි..මේ වෙනකොට බොහෝ පිරිසක් මේක බලලා ඇති…නොබලපු අයත් ඇතිනෙ ඒ අය වෙනුවෙන් තමයි මේ උපසිරැසිය දිගහැරපාන්නේ..

    එහෙනම් අපි ඔහොම්මම කතාව පැත්තට හැරෙමු.
    මේකෙදි විජේයි කියන්නෙ.වෙනත් රටක වෙනස්ම සංකෘතියකට හැදී වැඩුණු කෙනෙක්…කතාව පටන් ගන්නේ මේ වෙනස්ම පුද්දගලයා මව් රට වෙන ඉන්දියාවට එන තැනින් තමයි.. ඔහොම ඇවිල්ලා රස්තියාදු ගගහ ඉන්න කොට විජේගෙ තාත්තා බල කරනව කසාදයක් බැදගන්න..කොහොමෙන් කොහොම හරි අකමැත්තෙන් වුනත් විජේට කැමති වෙන්නම වෙනවා….හැබැයි එක කොන්දේසියක් මත…ඒ තමයි **එක අවුරුද්දකට විතරයි කසාද බදින්නේ,,ඒ අවුරුද්ද ඇතුලත බදින කෙනාට ආදරයක් වගේ දෙයක් ඇති වුනොත් සදහටම බිරිද විදියටත් එහෙම නොදැනුනොත් ඩිවොස් කරනවා *** කියන කොන්දේසිය මත….ඉතිං මේ ගිවිසුමට අනුව මනමාලියක් හොයන කොට තමයි අපේ ප්රියා…ඒකියන්නෙ සිම්රන් කේ කරදරේට පැටලෙන්නෙ….තම පවුලේ දැඩි දුශ්කරතා හමුවේ එයත් මේ ගිවිසුම් කොන්දේසි වලට එකට වෙලා කසාදෙ කරගන්නවා..

    ඉතිං ඔහොමම නොදැනිම අවුරුද්දක් ගෙවිලා යනවා..මොනවා වේවිද? විජේ ප්රියාව තියාගනීද? ගෙදර යවයිද????
    ප්රියාව ගෙදර යවනවා..

    ඉතිං මෙතන් ඉදං තමා කතාවෙ හොදම හරිය දිග හැරෙන්නෙ…විජේ නැවත ප්රියාව බාර ගනීද….ප්රියා ඒකටත් එකග වෙයිද?? නෑ පුතේ මෙතනින් එහාටනම් ලේසි වෙන්නෙ නෑ අපේ විජේට….ප්රියා අක්කත් මුරන්ඩු කෙනෙක් තමයි.
    මොකද වෙන්නෙ කියලා ඔයාලම බලන්නකො..ඒහෙනම් අපි ගියා ජයෙන් ජය…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  YOUTUBE පිටපත් සදහා ගැලපේ

     

    Download “Priyamanavale (2000) සිංහල උපසිරැසි” Priyamanavale-2000.Sinhala.Subtitle.rar – Downloaded 627 times – 58 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. Ayiyee poovee unnakkaga film eke sinhala sub dala dennako loku උදව්වක් ❤️❤️❤️❤️

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram