spot_img

Qarib Qarib Singlle (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ටික කාලේකට පස්සේ හින්දි ෆිල්ම් එකක් අරන් ආවා… දැන් ඉතින් අපිටත් නිවාඩු දවස් එනකම් ඉන්න වෙලා ෆිල්ම් එකකට සබ් දාලා අරන් එන්න. අද අරන් ආව චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක තිරඟත වුනේ පසුගිය නොවැම්බර් 10 වැනිදා. මෙහි ප්‍ර‍ධාන චරිතය Irrfan Khan ගේ රංඟනයෙන් හැඩවෙද්දි… මෙහි ප්‍ර‍ධාන නිළිය ලෙසට මලයාලම් සිනමාවෙන් කවුරුත් හඳුනගත්ත Parvathy ගේ රංඟනයෙන් හැඩවුනා. චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය Tanuja Chandra ගෙනි..

කතාව ගැන කිව්වොත් ජයා (පාර්වතී) කියන්නේ අවුරුදු 35ක තමන්ගේ සැමියාත් මිය ගිහින් තනියම ජිවත් වෙන කාන්තාවක්… ඇයගේ ජිවිතේ ගෙවෙන විදිය ගැන ඇයටම හිතට සන්තෝෂයක් නැහැ. කොහොම හරි තමන්ගේ හොදම යාළුවාගේ කීමට ඇය ඩේටින් වෙබ් සයිට් එකක තමන්ගේ ප්‍රොෆයිල් එකක් හදනවා කෙනෙක් හොයන්න. ප්‍රොෆයිල් එක හැදුවා විතරයි සැහෙන්න අය මැසේජ් නම් දානවා නමුත් ඡයාගේ හිත යන්නේ යෝඟී කියලා කෙනෙක් එවපු පණිවිඩයකට. ඡායා යෝඟිව හම්බවෙන්න කියලා යනවා කොෆි ෂොප් එකකට. හැබැයි ඡයා හිතුව විදිය කෙනෙක් නෙමෙයි යෝඟි කියන්නේ. ටිකක් අමුතු විදියේ කෙනෙක්. ඡයාට යෝඟිව හම්බවෙන්න ආපු මෝඩකම කියලා හිතෙනවා. නමුත් යෝඟි කියන්නෙත් ආයේ එක්තරා විදියක වදකාරයෙක්. දැන් ඡයාගේ පස්සෙන්ම යෝඟි එනවා. කොහොම හරි දිනක් යෝඟි ඡයාට පොඩි ඇරයුමක් කරනවා. එකත් ටිකක් විකාර ආරාධනාවක්. යෝඟිට දැනට අවුරුදු ගානකට කලින් පෙම්වතියන් තුන්දෙනෙක් දැනෙගෙන ආශ්‍ර‍ය කරලා ඉදලා තියනවා මේ අය ඉන්නේ රටේ එක එක තැන් වල. ඉතින් ඒ අයව හම්බවෙන්න යන්න එන්න කියලා ඡයාට ආරධනා කරනවා. ඇය ටිකක් අකමැත්තෙන් ඉදලා පස්සේ කැමැති වෙනවා. දෙන්නාගේ මේ චාරිකාව යද්දි වෙන විකාර වැඩ ටික තමයි චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ. එහෙනම් අරන් බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා. අපි ගියා එහෙනම්.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  DVD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram