spot_img

Raid (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නයි මේ සුදානම. Ghanchakkar (2013) හා No One Killed Jessica (2011) වැනි චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කල Raj Kumar Gupta ගේ නවතම සිනමා නිර්මාණය තමයි Raid කියන්නේ. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Ajay Devgn,Ileana D’Cruz හා Saurabh Shukla රංඟනයෙන් දායක වෙනවා. බොක්ස් ඔෆිස් 142.51 වාර්තාගත ආදායමක් ඉපැයු මේ චිත්‍ර‍පටිය ඉන්දියාව පුරා තිරඟත විම ආරම්භ කලේ පසුගිය මාර්තු 16 වැනිදා පටන්ය. සත්‍ය කතාවක් මත පදනම් වූ මෙම චිත්‍ර‍පටිය දිවයන්නේ ඉන්දියානු ඉතිහාසයේ කල දිර්ඝතව වැටලිම සම්බන්ධවයි. මේ සිදුවිම සිදුවන්නේ 1980 වසරේයි. දින හතරක් පුරාවට මේ වැටලිම සිද්ධ වෙනවා වගේම මෙයින් හොයාගන්න ලද මුළු මුදල කෝටි 420ක්.

IRS අමෙයි පට්නායක් ලක්නව් වලට පැමිණෙන්නේ ඔහුට ලැබුන මාරුවිමක් නිසා. ඔහු තමන්ගේ බිරිද එක්ක ඇවිදින් කාලය ගත කරන අතරතුර ඔහුට නන්නාදුනන ඇමතුමක් පැමිණෙනවා. එයින් කියවෙන්නේ ඒ පලාතේ වෙසෙන මන්ත්‍රීවරයෙක්ගේ ගෙදර සඟවා තිබෙන විශාල මුදලක් පිළිබදවයි. නමුත් මේ ගෙදරට කවුරුත් පය තියන්න බයයි මොකද මේ ගෙදර ජිවත් වෙන පුද්ගලයා දරුණු කෙනෙක් නිසා. නමුත් අමෙයි පට්නායක් ලැබුන විස්තර අනුව මේ ගෙදර වටලන්න නියෝගයක් අරන් යනවා. නමුත් මේ වැටලිම සාර්ථක වේවිද අසාර්ථක වේවිද? මේ වැටලිම නිසා මොන මොන දේවල් සිද්ධවේවිද කියලා දැනගන්න වෙන්නේ මේ චිත්‍ර‍පටිය බලලා තමයි. වැඩි කතාවක් විස්තර කරන්නේ නැහැ පැය 1 විනාඩි 50ක් පුරාවට ත්‍රාසය කුතුහලය පිරුණු මේ කතාව බලන්න ආරාධනා කරන ගමන් සමුගන්නවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram