spot_img
spot_img
More

    Raja The Great (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    වැඩි දවසක් යන්න කලින්ම ඔන්න තවත් තෙලිගු චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටියත් කලින් දුන්න ඒවා වගේ සුපිරිම ෆිල්ම් එකක්. වැඩිය කියවන්නෙ නැතිව පොඩි විස්තරයක් දැන ගමුකෝ

    IMDB අගය 7/10 ලබා ගන්නා මෙම චිත්‍රපටිය සදහා රංගනයෙන් දායක වෙන්නේ ජනප්‍රිය නලුවෙක් වන Ravi Teja විසින්. ඒ වගේම නළිය විදිහට ඉන්නේ Mehreen Pirzada විසිනුයි. ඒ වගේම චිත්‍රපටය නිශ්පාදනය කරන්නේ තෙලිගු චිත්‍රපට විශාල ප්‍රමානයකට නිෂ්පාදන දායකත්වය දෙන Dil Raju විසන් වගේම අධ්‍යක්ෂනය කරන්නේ Anil Ravipudi මහතා විසිනුයි. 2017 ඔක්තොම්බර් 17 වන දින ප්‍රදර්ශනය ආරම්භ කරන මෙම චිත්‍රපටිය විනාඩි 149 ක කාලයක් පුරා ධාවනය වෙනවා. ඉන්දියානු රුපියල් කෝටි 32ක් වියදම් කරන නිර්මානය කරන චිත්‍රපටය දැනට බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 60ක මුදලක් උපයලා තියෙනවා.

    කතාව ගැන ටිකක් කියන්නම්කෝ. කතාවෙ වෙන්නේ පොලිස් නිලධාරි ප්‍රකාශ්ගෙ දුව තමයි ලකී කියන්නේ. මෙයා හරිම හුරතලේට තමයි තාත්ත එක්ක හැදෙන්නේ. ලකීට අම්මා නෑ. තාත්ත විතරයි. තාත්තගෙ පවුලේ අයත් මෙයාලට කැමති නෑ. මේ විදිහට පොඩි කාලෙ ඉදලා වැඩිවියට එනකම්ම ලකී ඒ විදිහටයි හැදෙන්නේ. දවසක් තාත්ත කරන මිෂන් එකක් නිසා ලොකු මැරයෙක්ගෙ මල්ලී කෙනෙක් මැරෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ මල්ලි හැංගිලා ඉන්න තැන පෙන්වන්නෙත් ලකීමයි. ඒ නිසා මල්ලිව මරපු පලිය ගන්න ලකීවයි. තාත්තවයි. ඒ මිෂන් එකට සම්බන්ද හැමෝවම මරන්න යනවා. කොහොම හරි එතනින් ලකී පැනලා යනවා. හැබැයි එයාට අනිත් නිලදාරීන් එක්කම තමන්ට කියලා හිටිපු එකම කෙනා උන තාත්තවත් අහිමි වෙනවා. එතනින් පස්සේ තාත්තගෙ හොදම යාලුවෙක් තමයි ලකීගෙ වගකීම ගන්නේ. එත් ලකී තව දුරටත් එයාට පොලිස් ආරක්ෂාව දෙන්න එපා කියනවා. මොකද එයා නිසා තවත් පොලිස් නිලදාරියෙක් නැති වෙනවට කැමති නැති නිසා. ඒ නිසා තාත්තගෙ යාලුවා රහස් මෙහෙයුමක් මගින් ලකීට පොලිස් ආරක්ෂාව දෙනවා. මේ කංඩායමට ඇතුලත් වෙන කෙනෙක් තමා අපේ නලුවා රවී තේජා. එහෙමත් නැත්නම් රාජා කියන්නේ. එයාගෙ විශේෂත්වයකුත් තියෙනවා. ඒක ඔයාල බලන ගමන් දැනගන්න. ඉතින් ලකීගෙ ආරක්ෂාව මේ කන්ඩායමට කරගන්න පුළුවන් වෙයිද? අර මැරයා මෙයාලව කොහොමද හොයාගන්නේ. මොකක්ද ඊ ලගට වෙන්නේ කියලා ඔයාල බලලම දැන ගන්න කියන ගමන් මම නවතිනවා.

    වැදගත් දෙයක් කියන්න ඕනේ. මේක නොකිවම බැරි නිසයි කියන්නේ. අපේ යාලුවෝ දන්නවා ඇතිනේ Zoom.lk වගේම තවත් වෙබ් අඩවි වල සිංහල උපසිරැසි දෙනවා කියලා. හැබැයි එයාලගෙ සබ් වල ඇත්ත නැත්ත අපි හරියටම දන්නේ නෑ. හැබැයි ලැජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි කියනවානේ. ඒක නිසා මම කරන තෙලිගු සබ් එයාලගෙ වගේ පොඩි පොඩි වෙනස් කම් කරලා දාන එක එයාලගෙ සුපුරුදු වැඩක් වෙලා. මට අතහැරුන ලයින් එයාලාටත් අතහැරිලා. ලගදී මම දීපු Fidhaa ෆිල්ම් එකටත් ඒකම තමයි උනේ. මම හදපු සබ්. මගෙ ලයින්. මගෙ වචන මම හොදට දන්න දෙයක්. මොනවා වෙනස් කලත් ඒක වෙනස් කරන්න බෑ. එයාලටත් නම් අලුත් තෙලිගු එකක් ආවම තෙලිගු දන්න අය හම්බ වෙනවා. අමාරුවෙන් හදනවා කියනවා. හැබැයි ඉංග්‍රිසි සබ් එකක් ආපු නැති වෙලාවට සබ් එකක් දෙන්න නම් එකෙක්වත් නෑ. අපි දුන්නට පස්සෙ තමා ඔය තෙලිගු දන්න වැඩ්ඩො සෙට් වෙන්නේ. subscene වෙබ් අඩවියේ ඒක අප්ලොඩ් කරපු කෙනාට කොන්ද පන තිබුනාත් තමන් කරපු වැරැද්ද බාරගෙන ඒක අයින් කරගන්න අර හොරුන්ට ඒක කරන්න කොන්ද පන නැහැ කියලා දැනගත්තා.. මේකට පිලිතුරකට ලොකු උත්තර කියාවි. මොකද අපි දන්නවා තෙලෙගු සබ් එකක් දාපු ගමන්ම සබ් එක ගන්න මෙතැනට එන විත්තිය.ඒක නිසා පොඩි අභීයෝගයක් දෙන්නම් සතියට තෙලෙගු ෆිල්ම් කිහිපයක් එනවා. තමන් හරි කියලා පෙන්වන්න නම් කිසිම උපසිරැසියක් නැති එකකට හදලා පෙන්නුවා නම් හරි අපිට කලින්. හැබැයි ඇත්ත තියෙන්න ඕනේ. (මේ චිත්‍ර‍පටියට නම් ඉංග්‍රිසි උපසිරැසියක් ආවා.) බොරු නැතිව.මං දන්නවා ඒක කරන්න ඒ අයට බැරි බව. තෙලෙඟු දන්නේ මං පමණක් නෙමෙයි කියලා පිළිගන්නවා. නමුත් දැනට ඉන්නේ හොරු විතරයි. අදහසක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “Raja The Great (2017) සිංහල උපසිරැසි” Raja.The.Great.(2017).Sinhala.Subtitle.rar – Downloaded 553 times – 43 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    රොෂාන් මදුසංක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram