spot_img
spot_img
More

    Rambo Last Blood (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සෑහෙන කාලෙකින් මේ පැත්තට ආවා ෆිලුමක් අරගෙන. ‘Rambo‘ මම හිතන්නේ මේ නම කියවෙද්දී අපි හැමෝම දන්නවා කවුද මේ කියලා. මොකද මේ නම ඒ තරම් සුප්‍රසිද්ධ නමක්. අපි හැමෝගෙම පොඩි කාලේ වීරයෙක් තමයි මේ රම්බෝ කියන්නේ මොකද අපි ඒ තරම් ආසාවෙන් තමයි මේ රම්බෝ ෆිල්ම්ස් බැලුවේ..

    කට්ටියට මතකනම් 1982 Rambo First blood නමින් මුල්ම චිත්‍රපටියට එළිදකිනවා. ඒම චිත්‍රපටිය ඉතාමත් සාර්ථක ලෙස මුලු ලෝකයේම සිනමාලෝලින්ගේ සිත් ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. එතැන් පටන් Rambo First blood part 2 චිත්‍රපටිය 1985 වසරේදිත්, Rambo 3 චිත්‍රපටිය 1988 වසරේදිත්, Rambo නමින් 2008 වසරේදිත් චිත්‍රපටියක් නිකුත් වෙනවා.මෙම අතිසාර්ථක Rambo යන ගමනේදි 2019 එනම් මේ වසරේදිත් ලෝක සිනමාලෝලීන්ගේ පිපාසය සන්සිදවීමට Rambo Last blood නමින් චිත්‍රපටියක් සැප්තැම්බර් 18 වෙනිදා නිකුත් වෙනවා.මේම නවතම රම්බෝ චිත්‍රපටියත් ක්‍රියාදාම වලින් අනූන ච්ත්‍රපටියක් බව කිව යුතුමයි. Rambo Last blood (මා සිතන පරිදිනම් මෙය මෙම Rambo චිත්‍රපටි මාලාවේ අවසානය විය යුතුයි.)සැප්තැම්බර් 18 වෙනිදා නිකුත්වුන චිත්‍රපටිය ඇමරිකානු ඩොලර් 80වකට වැඩි බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නවා ඇමරිකානු ඩොලර් 50ක නිෂ්පාදන පිරිවැයක් දැරීමෙන්. IMDB 6.5 අගයක් ගන්නත් සමත් වී තිබෙනවා.

    නලි නිලි කැල ගැන කතා කලොත් අපි කවුරුත් දන්නා පරිදි Rambo ලෙස සුප්‍රකට රංගධර Sylvester Stallone අතිදක්ෂ රංගනයක යෙදෙනවා. දැන් ඉතිං එයාට වයසයිනේ සෑහෙන්න තවත් සුපිරි තරු කීපයක්ම මේ චිත්‍රපටිය සදහා ඔවුන්ගේ රංගන හැකියාව ලබාදී තිබෙනවා. මෙවර මෙහි අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Adrian Grunberg විසින්. කතාව ගැන කියනවනම් කලින් රම්බෝ ෆිල්ම් වල වගේම පලිගැනීම තමයි මේ කතාවෙත් ගලායාම වෙන්නේ. ජෝන් රම්බෝ තමන්ගේ සැදෑසමය නිදහසේ පාඩුවේ ගත කරමින් සිටින විට අනපේක්ෂිත මුහුණ දෙන්නට සිදුවන සිදුවීමක් නිසා ඔහුව නැවතත් අර පරණ රම්බෝ නම් වීරයා බවට පත්වෙනවා.මෙච්චරයි කතාව ගැන කියන්නේ වැඩිය කියන්න හොද නෑ එතකොට කතාවම මම කිව්වා වෙන නිසා.

    ආහ් තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේක අපේ ප්‍රමෝද මාමා භාරගත්තු ෆිලුමක්. එයා වෙනත් ෆිලුමක සබක් කරන නිසා මට මේක අපේ දර්ශන සීයා දුන්නා සබ් එක කරලා දෙන්න කියලා. මම හිතනවා මම උපසිරැසි ගැන්වීම සාර්ථකව කරා කියලා. ඒවගේම කියන්න ඕනි ඔයාලට ඉදිරියේදි ලබාදෙන්න සූදානමින් Tv series එකකුත් මේ දිනවල  උපසිරැසි ගන්වමින් ඉන්නේ.  එහෙනම් ඉතිං ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. ගිහින් එන්නම්, ජයවේවා!!.
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Rambo.Last.Blood.2019.Sinhala.Subtitle.rar – Downloaded 3014 times – 22 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගිහාන් උදාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram