today-is-a-good-day
More

    Rathaavara (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න එහෙනම් මං අදත් චිත්‍රපටියක් උපසිරැසි ගන්වගෙනයි ආවේ.අද ඔයාලට උපසිරැසියක් දෙන්න ඕනි කියලා හිතුවා “මොකද මං Zoom.LK” ටීම් එකට උපසිරැසි ගන්වන්න ඇවිත් අදට වසරක් සපිරෙනවා.මගෙ පළවෙනි උපසිරැසිය කණ්නඩ චිත්‍රපයකට තමයි දුන්නේ.. ඉතිං මේ අද මං අරන් ආපු එකත් කණ්නඩ උපසිරැසියක් තමයි. මගෙ දෙවෙනි කණ්ණඩ උපසිරැසිය තමයි මේක.

    මේ චිත්‍රපටිය තෝරගත්තෙ මොකද හුගක් අය කමෙන්ට් වලින් ඉල්ලපු එකක් නිසයි. නැත්නම් මාත් මේක බලලවත් තිබුණෙ නෑ.. දැනුවත්ව හිටියෙත් නැ. ඉල්ලීම් දැකලා උපසිරැසිය ගන්වන්න ගියත් වීඩියෝ පිටපතක් නැති නිසා නතර වුණා. පස්සෙ ලහිරු අයියා තමයි එකක් හොයලා දුන්නෙ. ඒ වගේම කියන්න ඕනේ Telegram එකේ තියෙන කොපියට උපසිරැසිය ගැළැපෙන්නෙ නෑ, වගේම ඒ පිටපතේ කොටස් අඩුයි. ඉතිං kannadaCine (900mb/720p) එකේ තියෙන පිටපතට තමයි උපසිරැසිය කරේ. ඉතිං උපසිරැසිය කරලා අද දවස එනකම් තියන් හිටිය නිසා හොදයි. මේකට TamilMV කොපි ටිකක් පහුගිය දවසක කඩා පාත් වුණා. ඉතිං ඒ කොපියටත් උපසිරැසි හදලා ඇත්තේ. MV එකේ 400mb ඉදන් 11GB දක්වා දීලා තියෙනවා කොපි. ඒවායෙත් ඩිරෙක්ට් තමයි දීල තියෙන්නෙ. ඇඩ් විමාන. ඉතිං අපේ zoomlinkhub.com එකට ගොඩ උනානම් ලේසියෙන් ගැලැපෙන පිටපත ලබාගන්න පුළුවන්.

    චිත්‍රපටියෙ නම තමයි “Rathaavara”.. මේ චිත්‍රපටියෙ ඉන්නෙ නම් අපි හොදට අදුරන අය තමයි. කන්නඩ රසිකයෙක්නම් Sri Murali නොදන්නව වෙන්න බෑනේ. ඔහු තමයි ප්‍රධාණ නළුවා.(රතාවරා) ඒ වගේම, Rachitha Ram (නවෝමි) , Ravi shankar (MLA) වගේම Chikkanna, Sadhu Kokila කියන විකට නළුවන් දෙන්නත් ඉන්නවා.. Saurav Lokesh මේකෙ විශේෂිත චරිතෙකට ඉන්නවා. බලන්නකො.

    කතාව පැත්තට හැරෙනව නම් රාතාවරා නැත්නම් රතා කියන්නේ පුංචි කාලෙදිම දෙමව්පියන් අහිමි වෙලා ඇමති මණිකන්තත් එක්ක ඔහුගෙ ජඩවැඩ කරමින් උස්මහත් වුන කෙනෙක්.. මණිකන්තා කියන ඕනෙම දෙයක් කරනවා. රතාවරා තමයි මණිකන්තගෙ ශක්තිය. ඕනෙම වැඩේකට ඉදිරිපත් කරලා ජයගන්නවමයි. මේ වෙලාවෙ තමයි, “අණ්නා, ඔයා මහ ඇමති වෙන්න ඕනි” කියලා රතාවරා මණිකන්තට කියනවා. ඔහුත් එය පිළි අරන්, ඒකට දේවල් කරන්න ගන්නවා. මණිකන්තා කියන්නේ දේවල් අදහන කෙනෙක්. ඒ කිව්වෙ ස්වාමි කෙනෙක් ඉන්නවා ඔහු දේවල් වලට ආශිර්වාද ගන්න.. ටිකක් ගුප්ත ස්වභාවයේ තැනක තමයි ස්වාමි ඉන්නෙ. ඉතිං ස්වාමි පවසනවා යමක්. එලෙස ස්වාමි කිව්ව දේ අනිවාරෙන්ම කරොත් මණිකන්තා ඊළග CM වෙන එක අනිවාර්‍යයි කියනවා.

    ඉතිං මේක මණිකන්තා රතාට පවරණවා. රතාටත් මේක පුංචි දෙයක් කියලා භාරගන්නවා. ඔහු මණිකන්තා වෙනුවෙන් ඕනම වැරැද්දක් දෙයක් කරන කෙනෙක්. මැරයෙක්, මිනී මරුවෙක් තමයි. ඔහු ගැන ඔහු අවසානයේ හැදින්වූයේ මෙහෙමයි.

    “මට අනුව..”
    “වැරදි කරන එක වැරැද්දක්ම නෙවෙයි”
    “මේ මූලධර්මෙටයි..මගේ ජීවිතේ ගෙවෙන්නේ.”
    “මම දෙයක් කරද්දි මීට කලින්..”
    “වැරැදිද හරිද කියලා හිතලම නෑ.”
    “කරන්න ඕනෙ කියලා හිතට දැනුනනම් කරලා ඇති”
    “ඒත්..”

    අන්න එහෙම කෙනෙක් තමයි. ඒ වුණත් “ඒත්” කිව්වෙ ඇයි? ඔව්, ඒකත් ඔහුම මෙලෙසින් කියනවා.. “එක සිද්ධියක් මට වැරැද්ද කියන්නෙ මොකක්ද කියලා ඉගැන්නුවා”

    අන්න එහෙම තමයි මේ කථාවේ උච්චතම හරිය ඇරඹෙන්නෙ. ඉතිං මේ සිද්ධිය මොකක්ද කියලා ඔයාලම බලාගන්න. මාත් කියනවා ” ඔහු ඉදලා ඉදලා, අත තිබ්බෙ වැරදිම තැණකට” කියලා..Action/Thriller/Romance ඝණයට අයත් මෙම චිත්‍රපටිය පැය 2යි විනාඩි 8ක් පුරා දිවෙනවා.මෙයට IMDb 6.6ක අගයක් ලැබිලා තියෙනවා. ඉතිං තේරෙනවනෙ, පරණ උනත් බඩු ගින්දර කියල. BGM නම් ආයෙ ෆට්ටම තමයි මේකෙ. ලස්සන සිංදු කිහිපයක් තියෙනවා. ඒ ඔක්කොටම බොහොම අමාරුවෙන් උපසිරැසි ගැන්නුවා.එහෙනම් අරන් බලන්නකො, රතාවරාට පාඩමක් වුන මෙම සිද්ධිය මොකක්ද කියලා. ඉක්මනට මුණගැසීමේ බලාපොරොත්තුන් අදට සමුගන්නවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් හා එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Rathavara (2015) සිංහල උපසිරැසි” Rathavara.(2015).Sinhala.Subtitle.rar – Downloaded 2048 times – 923 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. කමෙන්ට් වලින් ඉල්ලුවට දෙන්නේ නැහැනේ🙄 gopichandදේ jil movie එක දෙන්න sub නෑ කොහේවත්

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram