spot_img

Red One (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Red One (2024) Sinhala Subtitle

 

නත්තල වෙනුවෙන් අද මම අරගෙන ආවා, නත්තල් චිත්‍රපටියකට සිංහල උපසිරැසි. මේ අවුරුද්දේ නත්තල වෙනුවෙන් චිත්‍රපටි කීපයක්ම නිකුත් කෙරුණා. මේ ඒ අතරින්, මම ආසම නළුවෝ දෙන්නෙක් රඟපාන චිත්‍රපටිය. Red One (2024) චිත්‍රපටිය තමයි මේ.

මේ පාර නත්තලට කලින් දවසේ, හැමෝම කාර්යබහුලයි. මොකද සැන්ටාට තියෙනවානේ පෘථිවියේ හැම ගෙදරකටම ගිහින්, එයාලාගේ තෑගි බෙදා දෙන්න. මේ තෑගි සූදානම් කරන්න තමයි කට්ටියම මේ කාර්යබහුල වෙලා තියෙන්නේ. සැන්ටා හොඳට ඉන්න ළමයින්‍ව හොයාගෙන ගිහින් එයාලාට තෑගි බෙදන අතරතුර, නරකට හැසිරෙන අයගේ ලැයිස්තුවක් හොයාගන්නවා, නත්තලට එරෙහි මායාකාරියක්. මේ මායාකාරිය අපේ සැන්ටාව, ඒ කියන්නේ නත්තල් සීයාව පැහැරගෙන යනවා. ඇය උත්සාහ කරන්නේ, නරකට හැසිරෙන අයට හොඳ පාඩමක් උගන්වන්න, හොඳ දඬුවම් ලබාදෙන්න. මේ උත්සාහය ව්‍යර්ථ කරන්නේ කොහොමද, කවුද කියලා දැනගන්න මේ චිත්‍රපටිය බලන්න වෙනවා.

ඇමරිකාවේ ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන Jake Kasdan තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ. Hiram Garcia ගේ කතා වස්තුව Chris Morgan තමයි චිත්‍රපටියක් විදියට තිර රචනය කරන්නේ. රඟපෑමට තෝරගන්නේ, ක්ෂේත්‍රයේ ඉන්න මේ චරිත වලට හොඳටම ගැලපෙන අයව. චිත්‍රපටිය බල‍නකොට තේරේවි, කොච්චර දක්ෂ විදියට නළු නිලියන්ව තෝරගෙන තියෙනවාද කියලා. රඟපෑමෙන් දායක වෙනවා Dwayne Johnson (කැලම් ඩ්‍රිෆ්ට්), Chris Evans (ජැක් ඕ’මැලී), Lucy Liu (සෝයි), J. K. Simmons (සැන්ටා) ඇතුළු පිරිසක්.

චිත්‍රපටිය නම් සාර්ථක විදියට මේ දවස්වල තිරගත වෙනවාලු. ආදායම් අතිනුත් ඉතා සාර්ථකයි කියන්නේ. මේ වෙනකොටත් ඩොලර් මිලියන 181කට වඩා උපයගෙන තියෙනවාලු. වෙබ් අඩවි වල ප්‍රතිචාර ගැනත් හොයලා බැලුවොත්, IMDb 6.5, Rotten Tomatoes 30%, Prime Video 6.5, Google Users 77% කියන ප්‍රමාණ වලින් ප්‍රතිචාර ලබාගෙන තියෙනවා.

එහෙනම්, හැමදාම වගේ, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න. ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram