spot_img
spot_img

Red Sparrow (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ගිය සතියේ අලුතින්ම බ්ලුරේ පිටපතක් නිකුත් උන චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. සෙනසුරාදා ඉරිදා නිවාඩුවේ විතරයි ඉතින් සබ් එකක් කරන්න පුලුවන්. ඇඩ්මින්ගේ ඉල්ලිමක් අහක දාන්න බැරි නිසා කොහොම හරි ඒ දවස් දෙකේ මගේ වැඩත් කරන ගමන් සබ් එකත් ඉවර කරලා අරන් ආවා… මේ චිත්‍ර‍පටිය නිකුත් උනේ 2018 මාර්තු මාසයේ 2 වැනිදා. මේ චිත්‍ර‍පටිය Francis Lawrence ගේ අධ්‍යක්ෂණයක්. ඔහු අධ්‍යක්ෂණය කරපු චිත්‍ර‍පටි මාලාවක් තමයි Hunger Games කියන්නේ… මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Jennifer Lawrence හා Joel Edgerton රංඟනයෙන් දායක වෙනවා…

කතාව ගැන කිව්වොත් ඇමරිකාව හා රුසියාව අතර ඇති සිතල යුද්ධය ගැන කවුරුත් දන්නවා නේ. මේ රටේ ඉන්න ආරක්ෂක අංශ හැම එකකම මේ රටවල් දෙකේම ඔත්තුකාරයෝ ඉන්නවා. ඩොමේනිකා කියන්නේ රුසියානු ජාතික තරුණියක්. ඇයගේ රැකියාව වෙන්නේ බැලේ නර්තනය කිරිම. නමුත් ඇයට සිදුවන අවසනාවන්ත අනතුරක් නිසා ඇයට තව දුරටත් බැලේ නර්තන ශිල්පිනියක් විදියට වැඩ කරන්න බැරි වෙනවා. ඇයගේ අම්මා හොදටම අසනිප වෙලා ඉන්නේ. තමන්ගේ පියාගේ අහිමි විමත් එක්ක ඇය තමයි තනියම අම්මාවත් රැක බලාගෙන ජිවත් උනේ. ඉතින් ඇයගේ රැකියාව අහිමිවිමත් එක්කම ඇයට අම්මාව බෙහෙත් කරන්න තිබ්බ මුදල් පවා නැතිවෙනවා. ඩොමේනිකාගේ තාත්තාගේ සහෝදරයා වැඩ කරන්නේ රුසියානු රහස් ඔත්තු සේවයක. දිනත් ඩොමේනිකාව බලන්න මේ පුද්ගලයා එනවා. ඇවිල්ලා ඩොමේනිකාට යම් යෝජනාවක් කරනවා… මේ යෝජනාවත් එක්කම තමයි ඩොමේනිකාගේ ජිවිතය අනික් පැත්ත හැරවෙන්නේ…මේ චිත්‍ර‍පටියේ අවසානයෙත් ටිකක් අපි නොසිතු අවසානයක් ලඟා කරලා දෙන්න සමත්වෙලා තියනවා. ඉංග්‍රිසි ත්‍රීලර් චිත්‍ර‍පටි රසිකයන්ට මේක හොද චිත්‍ර‍පටියක් වේවි. කියන්නම ඕනි චිත්‍ර‍පටියේ මුල් හරියේ තියන නිරුවත් දර්ශන කිහිපයක් නිසා මේක +18 වැඩි අයම බැලුවා නම් තමයි හොද. එහෙනම් තවත් හොද චිත්‍ර‍පටියකින් හමුවෙන තුරු සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

Download “Red Sparrow (2018) සිංහල උපසිරැසි” Red.Sparrow.2018.Sinhala.Subtitle.rar – Downloaded 918 times – 39 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram