spot_img
spot_img

Retribution (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Retribution (2023) Sinhala Subtitle

 

හදිස්සියේ දවසක, මැට් ටර්නර්ට සිදුවෙනවා එයාගේ දරුවෝ දෙන්නාව ඉස්කෝලෙට ගෙනිහින් දාලා තමන්ගේ රාජකාරියට යන්න. මේක නිතර වෙන දෙයක් නම් නෙමෙයි. හැබැයි, එදා අති විශේෂ සිදුවීමක් වෙන දවසක් කියලා, කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නෑ. වාහනේ පණගන්වන මොහොතේ තිරයේ පණිවිඩයක් දිස්වෙනවා, “කාර්මික දෝෂයක් ඇත. ගරාජයකට යන්න”, නමුත් වාහනය හොඳින් ක්‍රියාත්මක වෙන නිසා, මැට් තීරණය කරනවා තමන්ගේ ගමන යන්න. මේ අතරේදී, නොහඳුනන අංකයකින් නන්නාදුනන කෙනෙක් කතා කරලා කියනවා, වාහනේ ආසනය යට බෝම්බයක් තියෙනවා, එය ක්‍රියාත්මක වෙන්නේ පීඩන තැටි සහ දුරකතන සංඥා මගින් බව. දැන්, මැට් ටර්නර් කුමක් කරන්නද? තමන් සහ දරුවන්ගේ ජීවිත බේරාගන්නේ කොහොමද? කවුද මේ බෝම්බකරු?

මේ කතාව තියෙන්නේ Liam Neeson රංඟනයෙන් දායක වෙන Retribution (2023) චිත්‍රපටියේ. මේ චිත්‍රපටියේ කතාව මීට පෙර අවස්ථා තුනකදී සිනමාවට නගා තියෙනවා. ඒ Retribution (2015), Don’t Get Out! (2018), Hard Hit (2021) යනුවෙන්. මේ පළවෙනි චිත්‍රපටිය ස්පාඤ්ඤයේත්, දෙ‌වැන්න ජර්මනියේත්, තුන්වැන්න කොරියාවේත් නිෂ්පාදනය වුනා. මේ ඒ උත්සාහ වල හතරවෙනි එක. Liam Neeson රඟපාන නිසාම හොඳ ජනප්‍රියත්වයක් අරගන්න මේ කතාවට හැකිවෙලා තියෙනවා.

Nimród Antal අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණයක් වෙන මේ චිත්‍රපටිය Alberto Marini විසින් රචිත El desconocido නම් නවකතාව ඇසුරෙන් තිර රචනය කරලා තියෙනවා. Lionsgate සමාගම විසින් ලොව පුරා බෙදාහැරීමේ කටයුතු සිදුකරනු ලැබුවා. රඟපෑමෙන් දායක වුනා Liam Neeson (මැට් ටර්නර්), Lilly Aspell (එමිලි), Jack Champion (සැක්), Noma Dumezweni (ඇන්ජෙලා) ඇතුළු පිරිසක් විසින්.

පහුගිය කතාවක රීමේක් එකක් නිසාදෝ, වැඩි ප්‍රේක්ෂක අවධානයක් මේකට ලැබුනේ නෑ කියලායි මගේ අදහස. ලියෑම් නීසම් ගේ සුපිරි රඟපෑමක් මේකෙත් දකින්න පුළුවන්. මම මේ ලිපිය ලියන මොහොතේ දී IMDb 5.2, Rotten Tomatoes 28%, Google Users 77% වගේ ප්‍රමාණයක් අරගෙන තිබ්බා. හැබැයි, ආදායම් අතින් නම් කිසිම පසුබෑමක් නෑ කියලා තමයි වාර්ථා වල තියෙන්නේ. මේ වෙනකොටත් ඩොලර් මිලියන 14කට වැඩි ආදායමක් ලබාගෙන තියෙනවා ලු.

එහෙනම් හැමෝම මේ සිංහල උපසිරැසිය අරගෙන චිත්‍රපටිය රසවිඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, ගල් මල්, හොඳ නරක අපිට කියන්න. ජයවේවා!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

Download “Retribution (2023) සිංහල උපසිරැසි” Retribution.(2023).Sinhala.Subtitle.rar – Downloaded 2370 times – 697 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram