spot_img
spot_img
More

    Rurouni Kenshin (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    චිත්‍රපට අතර ඉතාමත්ම ජනප්‍රිය චිත්‍රපට වර්ගයක් තමයි චිත්‍රකතා ඇසුරින් නිර්මාණය වුනු නිර්මාණ. මාවල්, ඩීසී කියන්නෙ මේ අංශයේ පතාක යෝධයන් කිව්වොත් නිවැරදියි. චිත්‍රකතා වලින් නිර්මාණය වෙච්ච සිනමාවේ මාවල් සහ ඩීසී ජය කෙහෙළි නැංවුවත් චිත්‍රකතා පැත්තෙන් ගත්තොත් බටහිර චිත්‍රකතා සම්ප්‍රදායට කරට කර තරඟයක් දෙන්නෙ ජපාන මංගා කලාව තමයි. මංගා කලාව ඉතාමත් ජනප්‍රිය උනත් ඒ ඇසුරින් බිහිවෙන සිනමා නිර්මාණ ප්‍රමාණය සාපේක්ෂව ඉතාම අඩුයි. එහෙම නිර්මාණය වෙච්ච සාර්ථක වෙච්ච නිර්මාණයක් ගැන තමයි මේ කියන්නෙ. ඒ Rurouni Kenshin චිත්‍රපට මාලාව.

    කෙන්ෂින් හිමුරා ගෙ මුල් නම ශින්ටා. ශින්ටා ගෙ වයස අවුරුදු හයක් වෙද්දි එයාගෙ අම්මයි තාත්තයි කොළරාව නිසා මියයනව. ඉතිං මේ පොඩි කොල්ල වහල් ජාවාරම්කරුවන් විසින් වහල් කමට විකුණන්න අල්ලගන්නව. මේ වහල් ජාවාරම්කාරයො අල්ලගත්ත වහල්ලු අරගෙන යද්දී මේ කට්ටියට දාමරිකයන් පිරිසක් පහර දෙනව. මේ පහරදීමේදි ශින්ටා විතරයි ඉතුරු වෙන්නෙ. ඒත් ශින්ටා ගෙ වාසනාවට හිකෝ සෙයිජ්‍යුරෝ කියන කඩුසටන් ශිල්පියා විසින් අර දාමරිකයෝ ඔක්කොම මරණ නිසා. ඉතිං ශින්ටා ව බේරගන්න හිකෝ ශින්ටා ට කියනව ළඟම තියන ගමට යන්න කියල. ඒත් එදා හවස ඒ ගමට යන හිකෝට ශින්ටා ව දකින්න ලැබෙන්නෙ නෑ. හිකෝ හිතනවා ශින්ටා සියදිවි නසාගන්න ඇති කියල. එහෙම හිතපු හිකෝ පහුවදා උදේ ආපහු පහරදීපු තැනට යනව ශින්ටා ගැන බලන්න. එතනට යන හිකෝ දකින්නෙ රාත්‍රිය පුරාම මියගිය හැමෝගෙම සිරුරු වළදාපු ශින්ටා ව. ශින්ටා ගෙ මේ ගතියට හිත ගිය හිකෝ ශින්ටාව තමන්ගෙ ගෝලයෙක් කරගන්නව. හිකෝ ශින්ටා ට දෙන නම තමයි කෙන්ෂින්. ජපන් භාෂාවෙන් කෙන් කියන්නෙ අසිපතට ෂින් කියන්නෙ හදවතට. ඒ තමයි හදවතක් ඇති අසිපතක් දරන ශුරයාගෙ උපත. අවුරුදු ගානක් හිකෝ ළඟ පුහුණුවෙන කෙන්ෂින් ඒ වෙද්දි ජපානයේ ඇතිවෙමින් තිබ්බ අරගලයට සම්බන්ධවෙනව. මේ අරගලය තමයි ජපානය වැඩවසම් යුගයේ ඉඳල මෙයිජි යුගයට, එහෙමත් නැත්තං ලෝකයට විවෘත වෙච්ච බටහිර අභාශයට අනුව කරන පාලන ක්‍රමයකට ගෙනියන්නෙ. වැඩවසම් ක්‍රමයෙන් අන්තෙටම පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ට සහනයක් වෙන්න කෙන්ෂින් තීරණය කරනව.

    හැබැයි හිකෝ කියනව යුද්ධයේ නියම ස්වභාවය ගැන. ඒත් කෙන්ෂින් ගත්ත තීරණය වෙනස් කරන්නෙ නෑ. මේ විප්ලවීය ගමන අතර කෙන්ෂින් විශාල ප්‍රතිවාදීන් පිරිසක් ඝාතනය කරනව. ඔහු මේ විප්ලව කරුවන් අතර ඉන්න අසහාය වීරය වෙනව. මුළු ජපානයම ඔහුව අමතන්නෙ Hitokiri Battōsai කියන නමින්. අවසානයේ විප්ලවය සාර්ථක වෙනව. ජපානයට නව යුගයක් උදාවෙනව. නිමක් නැති ඝාතන වලින් හෙම්බත්වෙන කෙන්ෂින් තමන්ගෙ කඩුව අත්හරිනව. ඒ කවදාවත් මනුෂ්‍යඝාතනයක් නොකරන බවට පොරොන්දුවෙමින්. විප්ලවයේ ජයග්‍රහණයට විශාල දායකත්වයක් දුන්නත් කිසිම තනතුරක් ගන්න එක ප්‍රතික්ෂේප කරන කෙන්ෂින් ඉබාගාතේ යන්න පටන්ගන්නව. ඒ යන්නෙ ඔහුටම අනන්‍යවෙච්ච Sakabato කියන කඩුවත් එක්ක. Sakabato එකේ විශේෂත්වය තමයි ඒ කඩුවෙ (කටානා එකේ) මුවහත අනිත් පැත්තට පිහිටල තියන එක. ඒ කියන්නෙ පහරදෙන්න කඩුව ගත්තහම මුවහත තියෙන්නෙ කඩුව හසුරුවන කෙනාගෙ පැත්තට. මේ හරහා කෙන්ෂින් තමන් තමන්ට පනවගත්ත පොරොන්දුව ක්‍රියාත්මක කරනව.

    Sakabato කඩුව එක්ක කෙන්ෂින් ජපානය පුරා ඉබාගාතෙ යනව. මෙහෙම යන කෙන්ෂින් ට කමියා කඕරු කියන තරුණියව මුණගැහෙනව. එතනින් ආයෙත් කෙන්ෂින් ගෙ ජීවිතය වෙනස් පාරකට අවතීර්ණ වෙනව. ඔහුගේ පොරොන්දුව රකින්න කෙන්ෂින් ට පුළුවන් වෙයිද? ඔහු තාමත් ඒ අතිදක්ෂ සටන් ශිල්පියාමද?

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

    Download “Rurouni Kenshin (2012) සිංහල උපසිරැසි” Rurouni.Kenshin.(2012).Sinhala.Subtitle.rar – Downloaded 1932 times – 26 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඉසුරු උදාන අබේසිංහ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    1. ෆිලුම නම් සෑහෙන්න හිතට ඇල්ලුවා.සබ් එකත් නියමෙටම තියෙනවා.ගොඩාක් ස්තූතියි…

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram