spot_img
spot_img
More

    Saaho (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    තෙලුඟු රසිකයන් විතරක්ම නෙවෙයි මුළුමහත් ලෝකවාසීන්ම එනකල්ම බලාගෙන හිටිය ඒ අති දැවැන්ත තෙලුගු චිත්‍රපටයට තමයි අද මේ විදියට උපසිරසි අරගෙන ආවේ. මොකක් නිසාද දන්නේ නෑ මේ සිත්තමට 5.7ක imdb අගයක් තමයි ලැබිලා තියෙන්නේ.නමුත් ගූගල් පරිශීලකයන්ගෙන් 85%ක කැමැත්තකුයි ෆේස්බුක් පරිශීලකයන්ගෙන් 4.9ක අගයක් ලැබිලා තියෙනවා.පැය 2යි විනාඩි 50 පුරාවටම දිවෙන මේ සිත්තමේ පටන් ගත්ත වෙලාවේ ඉඳලම ඔයාලට ක්‍රියාදමයන් රැසක් එකදිගටම බලාගන්න පුලුවන් කියල තක්කෙටම කියන්න පුලුවන්.මේ චිත්‍රපටයේ තිරපිටපත වගේම අධ්‍යක්ෂණයත් කරල තියෙන්නේ එක් පුද්ගලයෙක් විසින් වීම තවත් විශේශත්වයක් වෙනවා.ඒ වෙන කවුරුවත් නෙවෙයි තෙලුගු සිනමාවේ නවක චිත්‍රපට අධ්‍යක්ෂක Sujeeth විසිනි.2019 අගෝස්තු 30 දින මේ සිත්තම නිකුත් උන දවසෙ ඉඳල මේ වෙනකම් ලොව පුරා බොහෝ සිනමාහල් වල විවිධ භාෂාවන්ගෙන් තිරගත වෙලා තියෙනවා.

    චිත්‍රපටිය සිනමාශාලා වලට නිකුත් උන දවසෙම සාහෝ චිත්‍රපටියට හොද ප්‍රථිචාරයක්නම් ලැබුනේ නෑ,ලැබිච්ච නරක ප්‍රථිචාර නිසාම හැමෝම හිතුවේ සාහෝ Flop වෙයි කියල,කොහොම හරි Rebal star Prabhas ට ඉන්දියාව පුරාම දැන් රසිකයෝ ඉන්නව කියන්න හොදම උදාහරණය තමයි, සාහෝ Flop නොවී බේරගන්න ගොඩක්ම උදව් උන බොලිවුඩ් රසිකයන්,Prabhas ට තෙලෙගු සිනමාවට වඩා රසිකයන් පිරිසක් බොලිවුඩයේ ඉන්නවා කියලනම් කියන්න පුලුවන්,ඒ නිසාම වෙන්න ඕනි කෝටි 350ක් වැය කරල නිෂ්පාදනය කරපු saaho කෝටි 471 මුදලක් උපයාගන්න සමත් උනේ

    චිත්‍රපටයේ පසුබිම ගැන කිව්ව ඇති වගේ කියල හිතෙනවා. දැන් බලමු මේ විශිෂ්ඨ සිත්තමට රඟපෑමෙන් සහය දක්වන්නේ කවුද කියලා තෙලුගු සිනමා රසිකයෙක් නම් බාහුබලී 1 බාහුබලි 2 කියන චිත්‍රපටි 2ම බලල තියෙන්නම ඕන.බාහුබලී චිත්‍රපටි 2 තුලින්ම  ඔබ අපගේ හදවත් සොරාගන්නට සමත් වූ තෙලුගු සිනමාවේ Rebal star ලෙස විරුදාවලියක් හිමිකරගෙන තිබෙන හැඩකාර,කඩවසම් නළු Prabhas තමයි මේ සිත්තමේ ප්‍රධාන චරිතය ලෙසින් දක්නට ලැබෙන්නේ.Prabhas ගැන ඉතින් ඔයාල දන්නවනී කොහොමද පොර කියල..ඒ සටන් ක්‍රම,නර්ථනයන් කලින් චිත්‍රපට වලටත් වඩා හොඳට මේ චිත්‍රපටයටත් අන්තර්ගත කරගෙන තියෙනවා. Prabhas සමඟින් මේ චිත්‍රපටයට ප්‍රධාන නිලියගේ චරිතයට පණපොවන්නේ Ek villain හින්දි චිත්‍රපටයෙන් අප සැමගේ හදවත් දිනාගත් ඒ සුරූපී හින්දි සිනමා නිලී Shraddha kapoor විසිනි.

    ඒ වගේම Prabhas ට සහ shraddha kapoor ට දෙවනි නොවන තවත් අති දක්ෂ රංගන ශිල්පීන්‍ රැසක්ම පාහේ මේ චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන් කම තියෙනවා..ඉන් ප්‍රධාන තැනක් ගන්නේ ප්‍රකට,ප්‍රවීන හින්දි නළු jackie shroff ය.ඒ වගේම දමිල නළු arun vijay වත් අපිට මේ සුපිරිම තෙලුගු චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්

    කතාව ගැනනම් මොකුත් කියන්න අදහසක් නෑ මොකද ප්‍රබාහස්ගේ චිත්‍රපටියක් කවුද මගැරගන්නෙ,එහෙනම් ඉතින් ආරාධනා කරනවා ඉන්දියාවේ එතෙක් මෙතෙක් නිර්මාණය උන සුපිරිම ක්‍රියාදාම සහිත චිත්‍රපටිය නරඔන්න කියලා

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” SAAHO.(2019).Sinhala.Subtitle.rar – Downloaded 4167 times – 44 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram