spot_img

Sakka Podu Podu Raja (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ටැමිල් කොමඩි ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් ආවා. කොමඩි නම් මැදැ ඇක්ෂන් කිව්වාම බලනවා ඇති ප්‍ර‍ධාන නළුවත් එක්ක කොහොමද ඇක්ෂන් සම්බන්ධ වෙන්නේ කියලා. සන්තානම් ගේ හොද වැඩ කිඩ ටිකක් මේ චිත්‍ර‍පටියේ බලාගන්න පුලුවන්. මේ චිත්‍ර‍පටිය එලියට එන්නේ 2017 දෙසැම්බර් 22 වැනිදා. දැන් සන්තානම් චිත්‍ර‍පටිවල වැඩිය පෙන්න නැති නිසා මේ චිත්‍ර‍පටිය ආව ගමන් ලොකු ජනතා ආකර්ෂණයකට ලක්වුනා. චිත්‍ර‍පටිය ගැන සැකයක් තියේ නම් ට්‍රේලර් එක නිකමට බලලාම කතාව කියවන්න..

කතාව ගැන කිව්වොත් සන්ටා (සන්තානම්) කියන්නේ චෙන්නායි වල ජීවත් වෙන තරුණයෙක්, චෙන්නායි වලම ඉන්න බවානී කියන මැරයගෙ නංගි එක්ක යාලුවෙලා ඉන්නේ සන්ටා ගේ යාලුවෙක්, හැබැයි ඒකට බවානිගේ කැමැත්තක් නෑ, මේ නිසා සැන්ටා එයාගෙ යාලුවට බවානීගෙ නංගිව හොරෙන් විවාහ කරලා දෙනවා, මේකට බවානී සන්ටාගෙන් පලිගන්න බලාගෙන ඉන්නේ, හැබැයි ඒකට කලින් සන්ටායි කසාද බැදපු යාළුවයි චෙන්නායි වලින් යන්න යනවා, මේ අතරෙදි තමයි සන්ටාට යාස්නීව හමුවෙන්නේ, මේ දෙන්නා ටිකෙන් ටික ආදරය කරන්න පටන් ගන්නවා, හැබැයි පස්සෙ ආරංචි වෙනවා යාස්නී කියන්නෙත් බවානී කියන මැරයාගේම නංගි කෙනෙක් කියන එක, ඔන්න ඔතන ඉදන් තමයි කතාවෙ හොදම හරිය පටන් ගන්නේ, එහෙනම් වැඩිදුර විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, කලින් කිව්වා නේ හොද ඇක්ෂන් ටිකක් එක්ක කොමඩි ෆිල්ම් එකක් බලන්න කැමැති නම් මේක අරන් බලන්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram