today-is-a-good-day
More

    Sandy Wexler (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ස්ටීවන් බ්‍රිල් අධ්‍යක්ෂණය කරන ලද 2017 වසරේ අප්‍රේල් 14 වන දින නෙට්ෆ්ලික්ස් වෙතින් නිකුත් කරන ලද සැන්ඩි වෙක්ස්ලර් යන ඇමරිකානු හාස්‍යජනක චිත්‍රපටය 1990 වසරේ ලොස් ඇන්ජලිස් හී සිටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුගේ සැබෑ ජීවිත කතාවක් පාදක කොටගෙන නිමවූවකි. ඩෑන් බුල්ලා, පෝල් සාඩෝ සහ අපි කවුරුත් දන්න සුපිරි කොමඩි නළු ඇඩම් සැන්ඩ්ලර් ද මේ චිත්‍රපටියේ තිර පිටපත ලියන්න දායක වෙලා තියනවා. ඒ වගේම ඇඩම් සැන්ඩ්ලර් තමයි මේ චිත්‍රපටියේ සැන්ඩි වෙක්ස්ලර්ගේ ප්‍රධාන චරිතයට රංගණයෙන් පණ පොවන්නේ. සුපිරි ඇමරිකානු හොලිවුඩ් නළු නිළියන් වන සැන්ඩ්ලර්, ජෙනිෆර් හඩ්සන්, කෙවින් ජේමිස්, ටෙරි කෲස්, රොබ් ෂ්නයිඩර්, කොලින් ක්වීන්, නික් ස්වර්ඩ්සන්, ලැමෝර්න් මොරිස් සහ ආර්සෙනියෝ හෝල් යන චරිත මෙහි නිරූපණයවේ.

    කතාව මේකයි

    සැන්ඩි 1994 වසරේ ලොස් ඇන්ජලිස් වල සිටින කුසලතා වර්ධක කළමනාකාරවරයෙක්. ඒ කියන්නේ මෙයා කලාවට සම්බන්ධ හෝ ඉහළ වෘත්තිමය කටයුතු වලට සම්බන්ධ වෙන්න උත්සහා දරන අයට තල්ලුවක් දෙන, උදව් උපකාර කරන, දැනමුතුකම් ලබාදෙන කෙනෙක්. මේ සැන්ඩි බොහොම අහිංසක මැදි වියත් පනින්න ඔන්න මෙන්න ඉන්න තනිකඩ අමුතුම චරිතයක්. මේ කොහොමවුනත් මෙයා බොහොම දක්ෂයි මෙයාගේ වෘත්තියට. තමන්ගේ සේවාදායකයන්ට හැකි පුළුවන් උපරිමය කරලා ඔවුන් ඉහළම තලයන් වලින් තියන්න මෙයාට පුදුමාකාර හැකියාවක් තියෙන්නේ. දවසක් මෙයාට හම්බවෙනවා නගරයේ පොඩි වේදිකාවක් උඩ ලස්සන ගීතයක් කියමින් ඉන්න ගැහැණු ළමයෙක්. සැන්ඩි මේ ගැනු ළමයා කියන සිංදුවට වශී වෙනවා. සැන්ඩි එක සැනෙකින් තමන්ගේ නුවණින් දැනගන්නවා මේ කෙල්ලට දවසක සුපිරිම ජනප්‍රිය තරුවක් වෙන්න හැකිබව. පස්සේ මෙයා මේ ගැනු ළමයා ළඟට ගිහින් යෝජනාවක් ඉදිරිපත් කරනවා ”මට ඔයාව සුපිරිම ජනප්‍රිය තරුවක් කරන්න පුළුවන්, මගෙත් එක්ක එන්න” කියලා. ඉතින් මෙතනින් එහාට පාරේ සිංදු කියපු මේ කෙල්ලගේ ජීවිතේ මුලිමනින්ම කනපිට ගැහිලා වෙනස්ම ඉරණමක් අත්වෙනවා මේ සැන්ඩි එක්ක ගිහින්. මේ කෙල්ල ගැන සැන්ඩිට ඇතිවෙන ආදර හිතක් නිසා සැන්ඩි තමන්ගේ වෘත්තිය ජීවිතයත් තමන්ගේ සේවාදායකයන්ගේ ජීවිතත් අවුල් වියවුල් ‍රැසකටද පත් කරලා තමයි නවතින්නේ.

    චිත්‍රපටිය එහෙනම් අරගෙනම බලන්න, ලස්සනයි, ඇඩම්ගේ අනිත් චිත්‍රපටි වල වගේමයි මිනිහගේ විහිළු වල නම් නිමක් නෑ.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “Sandy Wexler (2017) සිංහල උපසිරැසි” Sandy.Wexler.(2017).Sinhala.Subtitle.rar – Downloaded 664 times – 72 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    UD shehan
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram