today-is-a-good-day
More

    Sardar Udham (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සුභ දවසක් සිනමාලෝලී හැමෝටම, ටික දවසකට පස්සෙ ඔන්න ආයි ආව ඔයාලව හම්බ වෙන්න, ඒ ආවෙ නම් තනියම නම්න් එමෙයි, මමයි ලහිරු සහෝයි එකතු වෙල කරපු ටොප් රේටින් වල උඩින්ම තියෙන ෆිල්ම් එකක උපසිරසි අරගෙන, රේටින් ගැන කිවුවොත් imdb අගය 9/10 සහ Rotten Tomatoes අගය 94%ක් ලැබිලා තියෙනවා, ඒ වගේම ගූගල් පරිශීලන කැමැත්ත 94%ක් ලැබිල තියෙනවා, ඒ වගේම මිලියන 35ක් youtube ටේලර් එක නරබල තියෙනවා, ඉතින් හිතා ගන්න පුළුවන් නේද ෆිල්ම් එක කොච්චර ජනප්‍රියද කියලා ඉන්දියාවට නිදහස ලබා දීම පෙරටු කරගෙන ඉන්දියානු ඉතිහාසය ගැන ලියවුන චිත්‍රපටියක් තමයි (සර්දාර් උදම් )කියන්නෙ. ඇමේසන් ප්‍රයිම් හරහා ඔක්තොම්බර් 16 වෙනිදා තමයි මේක නිකුත් කලේ, Biography/ Crime/ Drama/ History යන කාන්ඩ හතරටම මේක අයිති වෙනවා, ලස්සන ෆිල්ම් එකක්, කම්මැලි නැතුව බලන්න පුළුවන් අනගි ෆිල්ම් එකක් කියල අනිවාර්යයෙන් කියන්න ඕනි. එහෙනම් චිත්‍රපටිය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

    1899 දෙසැම්බර් 26 සිට 1940 මාර්තු 13 වෙනකම් ඉන්දියාව පාලනය කලේ පන්ජාබ් ආන්ඩුකාරවරයෙක් වෙන මයිකල් ඕඩ්වෙයර්, එවකට ඉන්දියාවේ ප්‍රබලම පක්ශය උනේ ගඩාර් පක්ශයයි, ගඩාර් පක්ශය සහ එවකට ඉන්දීය විප්ලවවාදී කන්ඩායමක් උන HSRA හි ආන්ඩුකාරවරයා මරා දැම්මා, ඔහුව මරා දැම්මෙත් උදම් සිං නැමති මෙම ජාතික වීරවරයායි. ඉන්දියානු නිදහස වෙනුවෙන් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් රට ජාතිය බේර ගන්න භගත් සිංගේ ආශිර්වාදය එක්ක නියලුන සටන ගැන තමයි මේ චිත්‍රපටියෙන් කිය වෙන්නේ.

    උදම් සිංගේ ඇත්ත නම තමයි ෂහීඩ් ඉ අසාම් සර්දාර් උදම් සිං. ඔහුව 1940 ජූලි මාසයේ මිනීමැරුම් චෝදනාවකට එල්ලා මරා දැමුවා.. ඔහු පොලිස් අත්අඩංගුවේ සිටියදීත් යටත් විජිත විරෝදී හැගීම් නියෝජනය කරන ආගම් තුනක නම් සදහන් නමකුත් භාවිතා කලා, රාම් මොහොමඩ් සිං ආසාද්. ඔහුට නම් කිහිපයක්ම තිබුන නිසා බ්‍රිතාන්‍යන්ට ඔහුව සොයා ගැනීමට පවා අපහසු උනා… කොහොම හරි ඔහුගේ නමින්ම ඔහු ජාතික වීරයෙක් බව කිය වෙනවා, (ෂාහීඩ් ඉ අසාම් ) යනු මහා ප්‍රාන පරිත්‍යාගිකයා යන්නයි, ඔහු වෙනුවෙන් 1995 දී මායාවතී රජය විසින් ඔහුට උපහාරයක් විදිහට උත්තරකාන්ද් දිස්ත්‍රික්කය (උදම් සිං නගරය) ලෙස නම් කරලා තියනවා…. එහෙනම් ගිහිල්ලා එන්නම් තවත් ලස්සන චිත්‍රපටියක උපසිරසි එක්ක හම්බ වෙමු. විශේෂයෙන්ම ලහිරු සහෝට ස්තුතියි කරන්න ඕනි මට මෙම චිත්‍රපටියේ උපසිරසි කරන්න උදව් කලාට. බුදු සරනයි,දෙවි පිහිටයි හැමෝටම,ජය වේවා!!!!! පරිස්සමින් ඉන්න හැමෝම.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Sardar Udham (2021) සිංහල උපසිරැසි” Sardar.Udham.(2021).Sinhala.Subtitle.rar – Downloaded 5249 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    සම්පත් විජේසිංහ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    12 COMMENTS

    1. අම්මොහ් මේක දෙනකන් බලන් හිටිය කල්
      බොහොමත්ම ස්තුතියි සහෝ

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

      • ඔව් සහෝ, සබ් ඩවුන්ලෝඩ් කරන හැමෝම කමෙන්ට් එකක් දානව නම් ගොඩක් හොදයි. තමන්ගෙ කැමැත්ත.
        zoom එකට ආදරය කරන හැමෝගෙන්ම ඉල්ලන්නෙ එකම දේ ඒක තමයි. මොකද උපසිරසි මුලින්ම දෙන්නෙ zoom එක විතරයි. ඒ නිසා ඔයාලගෙ යෝජනා චෝදනා ඕන දෙයක් කමෙන්ට් කරන්න. ඔයාලගෙ අදහස් තමයි උපසිරසි කරන අපිට ආශිර්වාදයක් වෙන්නෙ.

    Leave a Reply to Sasanka sathyajith Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram