More

    Satyaprem Ki Katha (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Satyaprem Ki Katha (2023) Sinhala Subtitle

     

    කතා : ඔයා කියන්න කලින් කොහොමවත්ම හිතන්නෙ නෑ නේද?

    සත්‍යප්‍රේම් : ඇත්ත කියන්න කලින් හිතන්න තියෙන්නෙ මොනවද?

    කතා:
    හිතන්න වෙනවා.
    සමහරක් ‘ඇත්ත’ එහෙමයි තියෙන්නේ, ඒවා..
    තවත් කෙනෙක්ට දරාගන්න බැහැ.
    තව සමහරක් ඒවා..
    ඒවා තමන්ටම දරාගන්න බැහැ.

    සත්‍යප්‍රේම් :
    මොන දවසකදිද, ඔයා ඔයාගෙ ‘ඇත්ත’ දරාගන්න සූදානම් වෙන්නේ,
    එදාට කියන්න.
    මං අහන්න ලෑස්තිවෙලා ඉන්නම්.

    ඇත්ත තමයි. සමහර “ඇත්ත” තියෙනවා, අපිට ඒක දැනගන්න කම් බොහෝ සෙයින්ම වුවමනාව තිබුනත්, දැනගත්තට පස්සේ ඒවා, අපිට හොර රහසේම හැංගිලා තිබුනා නම් හොඳයි කියලා හිතෙන. ඉතිං එහෙනම් මේ ආකාරයෙන් ඔයාලව සත්‍යප්‍රේම්ගේ විවාහ දිවියට සාධරයෙන් පිළිගන්නවා.

    සත්‍යප්‍රේම් කියන්නේ මධ්‍යම පාන්තික පවුලක සාමාන්‍ය තරුණයෙක්. විහිළුවෙන් තහලුවෙන් ජීවිතය ගෙවෙන ඔහුට ස්තිර වශයෙන් රස්සාවක් එහෙම නෑ. එදිනෙදා දෙයක් කරගෙන ඉන්නවා. කතා කියන්නේ බොහොම ධනවත් පන්තියක ගැහැණු ළමයෙක්. අපෙ සත්‍යප්‍රේම්’ගෙ ක්‍රශ් එක තමයි කතා. කතා කියන්නේ නර්තන රඟ දැක්වීම්, එවෙන්ට් කරන කෙනෙක්. අපෙ සත්‍යප්‍රේමුත් ඒවා බලන්න අනිවාරෙන්ම යනවා ඉතිං.

    ඔහොම ටික දවසක් යනකොට එක පාරටම කතාගේ අම්මයි තාත්තයි ඇවිල්ලා එයාලගෙ දියණියව කසාද බදින්න කියලා සත්‍යප්‍රේම්ට කියනවා. සත්‍යප්‍රේම්ගෙ හිසේ මලක් පිපුණා වගේ වෙනවා. මේ හිටි හැටියෙම තමන්ගේ ක්‍රෂ් එක වගේම, සල්ලි කන්දක් නේද මේ ඔළුව පාත් වුනේ කියලා හිතිලා. ඒත් ඉතිං, ඊට පස්සෙ තමයි සත්‍යප්‍රේම්’ගෙ දිවිය කට පිට හැරෙන්නේ.

    ලස්සනම ගීතයකින් තමයි මේ චිත්‍රපටය ඇරඹෙන්නේ.. ඒකෙ පදවැල් වලින් අපෙ සත්‍යප්‍රේම්ට, කතාව බදින්න තියෙන ආශාව කොපමණක්ද කියලා ඔයාලට පෙන්වලා දේවි. ඒවගේම තවත් ගීත තියෙනවා ප්‍රේක්ෂකයාව දුක් ගන්වන වගේම හිත සැහැල්ලු කරන. මේකෙ ගීත බොහොම විශේෂයි එච්චරටම. ඒ ඔක්කොමත් උපසිරැසි ගන්වලා තියෙන්නේ.

    Romance / Comedy ඝණයට වැටෙන මේ චිත්‍රපටයට ප්‍රේක්ෂක ප්‍රතිචාර බොහොම ඉහළින් ලැබුණා වගේම කාර්තික් ආර්‍යන් සහ කියාරා අද්වානිගේ රංඟනයට බොහොම පැසසුම් ලැබුණා. විශේෂෙන් කාර්තික් ගැන නම් කියන්නම වෙනවා. කියනවට වැඩිය ඔයාල පටන් ගත්ත වෙලේ ඉදලා ඉවර වෙනකම්ම ඔහුගෙ මූනෙ හැගීම් බැලුවනම් තේරේවි. වෙනදා ඔහුගෙන් දකින්නට නොලැබෙන ගොඩක් දේවල් මේ චරිතයෙන් තිබුනා. වෙනදා අපිට විහිළුවෙන් තහලුවෙන්ම ඉන්න කාර්තික්වනෙ දැක්කේ.. මේ පාර විහිළුවෙන්, අධික කේන්තියෙන්, දුකෙන් , ආදරයෙන් ඉන්න කාර්තික් කෙනෙක්ව දකින්න ලැබෙයි. අනාගතයේ අතිශයෙන් දිදුළන තරුවක් වීමේ ලක්ෂන ගොඩක්ම විහිදෙනවා කාර්තික්ගෙ.

    එහෙනම් ඉතිං හොඳ ගුණාත්ම පිටපතකුත් බාගත කරගෙන බලන්න. තවත් උපසිරැසියකින් මුණගැහෙමු.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Satyaprem Ki Katha (2023) සිංහල උපසිරැසි” Sathya.Prem.Ki.Katha.(2023).Sinhala.Subtitles.rar – Downloaded 8047 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි අශේන් සොයුර ……….
      ගොඩක්ම ස්තූතියි ලහිරු සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. සබට තෑන්ක්ස් මචං…… ඔරිජිනල් ආපු ගමන් අප්ඩේට් එකක් දෙමු……

    3. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
      සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
      Typing හැකියාව හා English දැනුම තව තවත්
      වැඩිවේවා…✌

    4. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram