spot_img

Sixer (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

පවුලේ සැමටම එකටම ඉඳගෙන බලන්න පුලුවන් මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් අළුත්ම දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.drama/romance ගණයට අයිති උනත් මේ චිත්‍රපටය 75%ක්ම වගේ කොමඩි පැත්තට තමයි බර වෙලා තියෙන්නේ. 6.9ක imdb අගයක් වගේම 86%ක ගූගල් පරිශීලක කැමැත්තක්ද මේකට හිමිවෙලා තියෙනවා. කතාවෙ ප්‍රදාන චරිතයන් නිරූපණය කරන්නේ දමිල සිනමාවේ දක්ෂ නළුවෙක් වන vaibhav reddy(ආදි) සහ සුරූපී නිලියක් වන palak lalwani(ක්‍රිතිකා) විසිනි. ඊට අමතරව දමිල සිනමාවේ විකට නළුවකු වන sathish ද මෙම චිත්‍රපටයට රඟපෑමෙන් දායක වෙලා තියෙනවා.

කතාවත් ටිකක් කිව්වොත් ආදි කියන්නේ අපේ කතාවේ වීරයා.එයාට හවස 6න් පස්සෙ ඇස් පේන්නෙ නෑ.ඒකෙන්ම තේරෙනවා මේක කොච්චර ආතල් චිත්‍රපටයක්ද කියලා

දවසක් මෙයා ගමනක් ගිහින් එද්දි හවස පාරෙදි මෙයාගෙ බයික් එක කැඩෙනවා.මෙයා ඉතින් යාළුවට (sathish) එන්න කියල කෝල් කරලා එයා එනකම් බීච් එකට වෙලා වාඩිවෙලා ඉන්නවා.ඒත් ඒ බීච් එකේ කේ.පී කියන මැරයගේ වැඩවලට උදව් කරන විමලාරාණි කියල මහාචාර්‍යවරියකට එරෙහිව ලොකූ විරෝධතාවක් තියෙනවා.ඒත් මෙයා ඒ ගැන කිසිම දෙයක් දන්නෙත් නැතුව එතන වාඩිවෙලා ඉන්නවා.කොහොමහරි මෙයා නිසාම මේ විරෝධතාව සාර්තක වෙලා විමලාරාණිව පොලීසියෙන් අත්තඩංගුවට ගන්නවා.එතනින් තමා කේ.පී කියන මැරයා මෙයාගෙ ජීවිතයට ඇතුල්වෙන්නේ. ඒ විරෝධතාව ටී වී එකේ විකාශය කරපු කෙනා තමයි ක්‍රිතිකා කියන්නේ.ආදි එයාව හොයාගෙන ගිහින් තමයි එයා එක්ක යාළුවෙන්නේ.හැබැයි ආදිට හවස 6න් පස්සෙ ඇස් පේන්නෙ නෑ කියල ක්‍රිතිකා දන්නෙ නෑ. කොහොමහරි ඔහොම ඔහොම කතාව නියමෙටම ගලාගෙන යනවා.මීට වැඩිය කිව්වොත් ඒකේ තීන ලල් එක නැතිවෙනවා. ඒ නිසා හැමෝටම කතාව බලන්න කියල ආරාධනා කරමින් මෙම උපසිරසිය නිර්මාණය කිරීමට සහයෝගය ලබාදුන්න ලහිරු සහෝටත් ස්තූති කරන ගමන්ම මම අදට සමුගන්නවා.
බුදුසරණයි!!!

සැ.යු-: “ඕනවට වඩා හිනාවීමෙන් ඔබේ ශරීරයේ ලේ පිරිසිදු වෙයි”..මේ චිත්‍රපටය බැලුවොත් නම් අනිවාර්යයෙන්ම ඔයාලගෙ ඇඟේ ලේ පිරිසිදු වෙනවාමයී👌

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram