today-is-a-good-day
More

    Slumberland (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ප්‍රදීපාගාරයක ජීවත් වෙන නීමෝ නැමැති කුඩා ගැහැණු ළමයා, හදිස්සියේ දවසක නරක හීනයක් දකිනවා. එදා උදේ ඇය දැනගන්නවා, තාත්තා මුහුදු අනතුරකින් මියගොස් ඇති බව. මේ අනපේක්‍ෂිත සිදුවීමෙන් පසු, නීමෝ අමුතු සොයාගැනීමක් කරනවා. ඒ ඇයට “සිහින දේශය” නැමැති මායාකාර සිහින ලෝකයකට ඇතුල් විය හැකි බව. එහිදී ඇයට හමුවෙන්නේ අනීතික ක්‍රියාවල යෙදෙන ෆ්ලිප් නැමැති අයෙක්. නීමෝගේ එකම අරමුණ, නැවත ඇයගේ තාත්තාව හමුවීම. මේ සඳහා ඇය හොයාගන්නවා ක්‍රමයක්. ඒ සිහින දේශයේ තියෙන නපුරු හීන සමුද්‍රයට යන මාර්ගය තියෙන සිතියමක්. මේ ගැන තමයි මේ චිත්‍රපටිය දිවෙන්නේ.

    Slumberland නැත්නම් සිහින දේශය චිත්‍රපටිය 2022 අවුරුද්දේ නොවැම්බර් නිකුත් කෙරුණු සිනමා පටයක්. Winsor McCay නැමැති කාටූන් චිත්‍රකතා නිර්මාණ ශිල්පියාගේ Little Nemo කතාව පදනම් කරගෙන තමයි මේ සිනමාපටය නිර්මාණය කරලා තියෙන්නේ. Francis Lawrence තමයි අධ්‍යක්‍ෂණය කලේ. Netflix ආයතනය විසින් බෙදාහරිනු ලැබුවා. ඩොලර් මිලියන 150ක පමණ වියදමකින් මේ චිත්‍රපටිය නිෂ්පාදනය කලා. තවම ලැබූ ආදායම් ගැන හරි වාර්ථා ලැබිලා නෑ.

    චිත්‍රපටියට රඟපෑමෙන් දායක වෙනවා විශේෂ පුද්ගලයෙක්. ඒ Jason Momoa (ෆ්ලිප්). බේවොච් නාට්‍ය මාලාවේ අපි කවුරුත් ආදරය කරපු චරිතයක් කරපු විශිෂ්ඨ නළුවෙක්. ඔහු සමඟින් රඟපෑමෙන් එක්වෙනවා Marlow Barkley (නීමෝ), Chris O’Dowd (පිලිප්), Kyle Chandler (පීටර්), Weruche Opia (ග්‍රීන් පරීක්‍ෂක) ඇතුලු පිරිසක්.

    Web ratings ගැනත් නොකිව්වොත් අඩුවක් කියලා හිතුනා. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, චිත්‍රපටිය ලබාගෙන තිබ්බා, IMDB 6.7, Rotten Tomatoes 38%, Google Users 72% මත කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා.

    ළමා චිත්‍රපටියක් විදියට නිර්මාණය වුණු මේ චිත්‍රපටිය, ලෝකය පුරා ජනප්‍රිය වේගෙන යනවා. පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි, ෆැන්ටසි වර්ගයට අයත් වෙන චිත්‍රපටියක් තමයි මේ. ඒ වුනත්, ලොකු කුඩා හැමෝටම භේදයකින් තොරව රස විඳිය හැකියි. එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක, චිත්‍රපටිය රස විඳින්න. ඔයාලාගේ අදහස් මේක බලලාම කියන්න. ජයවේවා!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Slumberland (2022) සිංහල උපසිරැසි” Slumberland.(2022).Sinhala.Subtitle.rar – Downloaded 2354 times – 915 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram