spot_img

Suzume (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Suzume (2022) Sinhala Subtitle

 

2022 වර්ෂයේ ජපන් anime ආධිපත්‍යය මොනවට පෙන්නුම් කරනු ලැබු විශිෂ්ඨ සිනාමා කෘතියක් තමයි අපි අද ඔයාලට අරගෙන ආවේ. මේ සිනමා කෘතිය නරඹන ඔයාලට හිතෙයි කාටුන් චරිත වලින් මෙච්චර සුක්ෂම සහ දක්ෂ අන්දමින් මිනිස් හැගිම් එලිදක්වන්න පුලුවන්ද කියලා. අන්න ඒක තමයි මම මුලින්ම සදහන් කලේ “ජපන් anime ආධිපත්‍ය” කියලා. ඔයාලා අනිවාර්‍යෙන්ම නරඹලා ඇති Weathering with you, Your Name,Garden of words, 5 centimeter per second. මේ සදහන් කරපු විශිෂ්ඨ සිනාමා කෘති ඔයාලා නරඹලා තියනවනම්, අද මම අරගෙන ඇවිත් තියෙන්නෙත් ඒ වගේම විශිෂ්ඨ සිනමා කෘතියක්. ඉහත සදහන් කරපු නිර්මාණය නරඹපු ඔයාලට මතක ඇති ඒ හැම නිර්මාණයකම ” ආදරය” යන ආදරණීය අකුරු හතරට විශිෂ්ඨ තේමාවන් එකතු කරලා ඒ අකුරු හතරේ තියන බලවත් බව විශිෂ්ඨ අන්දමින් ඉදිරිපත් කලා. අපි වාසනාවන්තයි ඉහත සදහන් කරපු විශිෂ්ඨ සිනමා නිර්මාණ ලෝකයට දායාද කල සිනමා කරුවගෙම තවත් විශිෂ්ඨ නිර්මාණයක් දැකබලා ගන්නට හැකි වීම ගැන. මොහු නමින් Makoto shinkai. ඒ වගේම මෙවර ගෙන ආ නිර්මාණයේ නම තමයි Suzume.

සුසුමේ කියන්නේ තරුණ ගැහැණු ළමයෙක් පොඩි කාලේ අම්මා නැති වෙලා. අම්මගේ සහෝදරිය ලග හැදෙන වැඩෙන ගැහැනු ළමයෙක්. මෙයාගේ හීනේ තමයි හෙදියක් වෙන එක. මොකද මෙයාගේ අම්මත් නැති වෙන්න කලින් හෙදියක්. සුසුමේ වෙනදා වගේ පාසල් යන අතරමගදි හම්බවෙනවා තරුණයෙක්. ඒ තරුණයාගේ නම තමයි සවුටා. මෙයා ගුරුවරයෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්. ඒ වගේම අපි කවුරුවත් නොහිතන මේ ලෝකේට වෙන ලොකුම ස්වාභාවික අනතුරක් වෙන භූමිකම්පා ඇති වෙන එක වලක්වන එක තමයි මෙයාගේ අතින් වෙන විශිෂ්ඨම කාර්‍ය. දැන් ඔයාලා හිතයි කොහොමද භූමිකම්පා නවත්වන්නේ කියලා. භූමිකම්පාව වළක්වන විදියයි ඇති වෙන විදියයි දෙකම ඔයාලට හිතා ගන්නවත් බැරි විදියට ඉතා ගැඹුරින් නිර්මාණාත්මකව ඉදිරිපත් කරලා තියනවා මේ සිනමා කෘතිය තුල. Imdb මීටරේ 7.8 වගේම කුණු තක්කාලියෝ ටික 96% වැනි ලොකු රේටින් එකක් ලබාදීලා තියනවා. ඉතිං හිතා ගන්න පුලුවන්නේ කොච්චර ලස්සන නිර්මාණයක්ද කියලා. ඩොලර් මිලියන 323ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නත් මේ නිර්මානයට හැකියාව ලැබිලා තියනවා. ඉතිං එහෙනම් අපි බලමු සුසුමෙ ටයි සවුට ටයි මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගේ ජිවිත බේරගෙන ජිවිතේ යථා ස්භාවයත් අවබෝධ කරගෙන එයාලගේ ආදරයට දිනන්න පුලුවන් වෙයිද කියලා. එහෙනම් ගිහින් එන්නම් ජයවේවා!.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ගිහාන් උදාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ගිහාන් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram