spot_img
spot_img
More

    Taken 2 (2012) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ චිත්‍රපට ද්විත්වයම ප්‍රංශ අධ්‍යක්ෂකවරුන් අතින් හැඩවුණු හොලිවුඩ් චිත්‍රපට වීම මෙහි ඇති විශේෂත්වයක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Olivier Megaton විසින්.සුපුරුදු විදිහටම මෙවරත් Liam Neeson,Maggie Grace,Famke Janssen නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.මෙය 2008 වසරේ තිරගතවූ Taken චිත්‍රපටයේ දෙවනි කොටස තමයි මේක.මේ චිත්‍රපටය ඔක්තෝම්බර් 3 වැනි දින තිරගතවූ අතර කලින් චිත්‍රපටය මෙන් මෙවරත් මෙය බොක්ස් වාර්ථා හමුවේ සාර්ථක වීමට හැකිවුනා.මම මෙහි පළමු චිත්‍රපටයත් කලින් දුන්නා ඔබට මතක ඇති.දෙවනි එක බලන්න කලින් පලවෙනි එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් පලවෙනි එක බලලා ඉන්න,එතකොට ඔබට කතාවේ නියම රසයක් ලබා ගත හැකිවේවි.මම ආයිමත් කතාව මතක් කරන්නම්.බ්‍රයන් මිල්ස් කියන්නේ විශ්‍රාම ගිය පොලිස් නිලදාරියෙක්.ඔහුගේ දුවව ප්‍රංශයේ ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා පැහැරගත් අතර ඔහු තම දියණියව සොයා තනිව මෙහෙයුමක් අරඹනවා.ඔහුට තම දියණියව සොයාගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වන අතර ඔහු කෙසේ හෝ අවසනායේ සිය දියණියව සොයාගන්නවා.තම දියණියව පැහැරගත් සියළු දෙනාවම ඔහු අතින් මරණයට පත්වෙනවා.ඔය මම පලවෙනි කොටස කතාව කෙටියෙන් තමයි කිව්වේ.

    දෙවනි චිත්‍රපටයේ තියෙන්නේ බ්‍රයන් මිල්ස් ‍රැකියාව සදහා ඉස්තාන්බුල් වෙත යනවා.එහිදී ඔහු තම බිරිදවයි,ඔහුගේ දියණියවයි එහෙට ගෙන්න ගන්නවා.ඔබට මතකද දන්නේ නෑ,බ්‍රයන් අතින් කරන්ට් වද්දා මිය ගිය මාර්කෝව,ඔහු තමයි කිම්ව පැහැරගත්ත කෙනා.ඇල්බේනියාවේ ට්‍රොපෝජාවල බ්‍රයන් අතින් මියගිය අයව මිහිදන් කරන අවමංගල්‍ය උත්සවයක් පවත්වනවා.කරන්ට් වද්දා මැරුව මාර්කෝගේ පියා වන මුරාඩ් ඔහුගේ මිනිස්සු හට එක පොරොන්දුවක් වෙනවා.එය තමයි අපේ මිනිස්සුන්ව,අපේ පුත්තුන්ව,අපේ සහෝදරයන්ව,අපි ආදරය කරපු අයව මැරුව මිනිහගෙන් පලිගන්න බව.මොවුන් බ්‍රයන්ගෙන් පලිගැනීම සදහා ඉස්තාන්බුල් වෙත මොහු සොයා පැමිණෙනවා.මෙවර ඔහුට ගැලවීමක් තියේවිද? පලවෙනි චිත්‍රපටය මෙන් ත්‍රාසය, ක්‍රියාදාම ජවනිකා නො අඩුව ඇති මේ චිත්‍රපටය, ඔබ ක්‍රියාදාම රසිකයෙක් නම් අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටියක් කියල කියන්න පුලුවන්. එහෙනම් චිත්‍රපටය බලලා අදහසක් දක්වල යන්නත් අමතක කරන්න එපා.

     

    Taken (2008) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති අන්රේටඩ් බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Taken 2 (2012) සිංහල උපසිරැසි” Taken.2.(2012).Sinhala.Subtitle.rar – Downloaded 1394 times – 22 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නවීන් රන්දික පෙරේරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram