spot_img
spot_img
More

    Terminator Dark Fate (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සුභ දවසක් හැමෝටම! අද අරන් ආව චිත්‍රපටය ගැනනම් ඔයගොල්ලන් දැනටමත් දන්නවා ඇතිනේ.ඒකනිසා මේක මොනවගේ චිත්‍රපටයක්ද කියලා මන් අමුතුවෙන් හදුන්වලා දෙන්න ඕන නැහැ.මොකද මේ චිත්‍රපට මාලාවේ එක චිත්‍රපටයක් හරි නොබලපු කෙනෙක් නැති තරම් නිසා.ඒ වුනත්,මේ චිත්‍රපටය ගැනනම් සටහනක් තියන්නම වෙනවා මොකද, ඔබත් මමත් එදා සිට අද වෙනකම් නරඹපු ඒ ටර්මිනේටර් චිත්‍රපට මාලාවට අවසාන තිත තියන දවස උදාවේලා නිසා.1984 දි පළමුවන චිත්‍රපටය The Terminator,දෙවන චිත්‍රපටය 1991 දි Terminator 2: Judgment Day,
    තෙවන චිත්‍රපටය 2003දි Terminator 3: Rise of the Machines,සිව්වන චිත්‍රපටය 2009දි Terminator Salvation,පස්වන චිත්‍රපටය 2015දී Terminator Genisys සහ අවසාන වශයෙන් 2019දී Terminator: Dark Fate තුළින් සැවොම ඒක සේ රසවිදපුටර්මිනෙටර් කතාමලාව නිමාවට පත්වනු ඇත,අපි කවුරුත් දන්න Avatar,Titanic වැනි අති දැවන්ත සිනමා සලරු අධ්‍යක්ෂණය කල හොලිවුඩ් සිනමාවේ අද්විතීයම සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන ජෙම්ස් කැමරන් අතින් නිමවු අපුර්වතම තවත් නිර්මාණයක් ලෙස Terminator
    චිත්‍රපටය හදුන්වන්න පුළුවන්,නමුත් මොහුගේ දායකත්වය හිමිවන්නේ පළමු සහ දෙවන චිත්‍රපටයට පමණයි.පසු චිත්‍රපට සදහා අධ්‍යක්ෂකවරයන් වෙනස් වු අතර අවසාන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ Tim Millerමහතා විසින්.තවත් ඉතින් නොකිම බැරි දෙයක් තියෙනවා ඒ තමයි මේ චිත්‍රපට හය පුරාම රංගන දායකත්වය සපයන අපේ පොඩිකාලෙ ඉදන්ම දන්න හොලිවුඩයේ සුපිරිම චරිතය Arnold Schwarzenegger.දැනට 72 වියෙහි පසුවන ඔහු චිත්‍රපටය සදහා දක්වා ඇති දායකත්වය ඉතා ප්‍රශ්ංසනීයයි.තවනම් කියන්න දේවල් ගොඩයි.නමුත් ඉතින් ඔයාලා
    ෆිල්ම් එක බලන්න ආසාවෙන් ඉන්න නිසා මන් පොඩ්ඩක් කතාව ගැන කෙටියෙන් කියලා ඉවර කරන්නම්.
    අනාගතයේ සිට පැමිණෙන Rev-9 නැමති විනාශ කීරිමට අතිශය අපහසු යන්ත්‍රයක් වර්ථමානයෙ මෙක්සිකෝ වල ජීවත්වන තරුණියක් ඝාතනයට කිරීමට දරන උත්සහයක් තමා මුළු චිත්‍රපටය පුරාවටම
    දිවෙන්නෙ.අනාගතයේ සිට පැමිණෙන වැඩිදියණු කළ මිනිස්කයක් ඇති තවත් තරුණියක් ඇයගේ ආරක්ශාවට පැමිණෙන අතර Terminator 2: Judgment Day චිත්‍රපටයෙ සැරා කෝනර්ත් ඇය සමග එකතු වෙනවා.ඉතින් මේ නැවත්වීමට නොහැකි Rev-9 යන්ත්‍රයෙන් මිදිලා මේ කට්ටියටෙක්සාස් වල තියෙන ලාරෙඩෝ වලට යනවා, සැරාගෙ උදව්වට නන්නාදුනන පුද්ගලයෙක් එවපු ඛණ්ඩාංක වලට අනුව.මෙයාලට එහීදි හමුවෙන්නෙ අපේ කතාමාලාවේ වීරයව සයීබඩීන් සිස්ටම් මොඩල් 101 නොහොත් T-800 අර්නොල්ඩ් අංකල්ව.එතන ඉදන් තමයි ඉතින් වැඩේ පටන් ගන්නේ.
    එහෙනම් ඉතින් බලමු මේ අනාගතයේ ඉදන් ආපු සුපිරි යන්ත්‍රය Rev-9 කොහොමද මේ කට්ටිය විනාශ කරන්නෙ කියලා.එහෙනම් ඉතින් සයීබඩීන් සිස්ටම් මොඩල් 101ට බායි කියනගමන් නවතින්නම්.සුභ දවසක් යාළුවනේ.

    • ලබාදි ඇති උපසිරැසි සියළුම WEB/HD පිටපත් සදහා ගැලපේ

    Download “සිංහල උපසිරැසි” Terminator.Dark.Fate.2019.Sinhala.subtitle.rar – Downloaded 1164 times – 31 KB

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    චානක ජයරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram