More

    The Boss Baby (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    හදිස්සියේම ආයෙත් උපසිරැසියක් අරගෙන ආවා.ඇනිමේෂන් එක පිට එන්න අරගෙන නේ.එකක් කරල අත ගන්න හම්බුනේ නැ.තව එකක්.dreamworks එකේ වැඩක් නේ ඉතින්.ආයෙ නොකර කොහොමද.ඉක්මනට වැඩේ කරන්න ගත්තා.අපි යමු කතාව පැත්තට.

    ඔයාල ගොඩක් දන්න ඇනිමේෂන් සමාගමකින් තමයි මේකත් කරලා තියෙන්නේ. දන්නවනේ ඉතින් dreamworks animation කිව්වම.අපි කවුරුත් බලපු home (2015) , how to train your dragon(2010) shrek (2001) trolls(2016) වගේ තව ගොඩක් ඇනිමේෂන් ෆිල්ම් මෙයාලගෙ තමයි.ඒ වගේම කතාමාලා බලනකොට මම උපසිරැසි කරපු Troll hunters (2016) වගේ කතාමාලා තව ගොඩක් කරපු තැනකින් තමයි අද මේ ෆිල්ම් එකත් අරන් එන්නෙ.ෆිල්ම් එකේ නම තමයි the boss baby(2017) .ඉතින් මේකේ ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා.කතාවේ පටන් ගන්නේ අවුරුදු හතක් වයස ලමයෙක්ගෙන්.එයා තමයි ටිම් ලෙස්ලි ටෙම්පල්සන්.මෙයා අම්මා තාත්තා එක්ක ලස්සනට ආදරයෙන් කාලය ගතකරනවා.දෙමව්පියෝ ඉතින් දරුවන්ට ගොඩක් ආදරෙයිනේ.ඒ අතරතුරේ ගෙදරට එනවා අමුත්තෙක්.ඇත්තටම අලුත් බබෙක්.මෙයාගේ මල්ලි වෙන්න යන්නේ. ඒ දෙන්නා එක්ක තමයි කතාව ගලාගෙන යන්නේ. මලයා නම් ලේසි පහසු කෙනෙක් නෙමෙයි. ඇත්තටම ටිම්ගේ දෙමව්පියන්ගෙන් ටිම්ට ලැබුනු ආදරය රැකවරණය කාලය හැමදෙයක්ම මේ පුංචි සහෝදරයා පැහැරගන්නවා.ඒත් ඇත්තටම මේ සහෝදරයා ඇවිත් ඉන්නෙ පවුලේ නවතින්න නෙමෙයි වෙන කාරණාවකට.ඒක ටිම් දැනගන්නවා.ටිම්ට ඕනේ මේ මල්ලිව ගෙදරින් යවලා ආපහු පරණ විදියට සතුටින් කාලය ගතකරන්න.ඉතින් බලන්නකො ටිම් කොහොමද ඒක කරන්නෙ කියල.

    මේ කතාව imdb 6.5 අගයක් අරගෙන තියනවා.එහෙනම් මග බලන් හිටපු අයට ඔන්න ඉක්මනට අරගෙන ආවා.ඒ වගේම ඉතින් කතාව බලලා හොද කමෙන්ටුවකුත් දාගෙන යන්න.ඉක්මනටම ඉතිරි වැඩ ටිකත් අරගෙන එනවා.එහෙනම් ඉක්මනටම ආයෙ මුනගැහෙන තුරු කට්ටියටම ජය වෙවා!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

    Download “The Boss Baby (2017) සිංහල උපසිරැසි” The.Boss.Baby.(2017).Sinhala.Subtitle.rar – Downloaded 1001 times – 75 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නුවන් සමීර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram