today-is-a-good-day
More

    The Curse Of La Llorona (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    නැවතත් ඉතින් අරන් ආවේ කවුරුත් කුතුහලයෙන් බලන් ඉදපු Horrorඝනයට අයත් අලුත් චිත්‍රපටයක් තමයි.චිත්‍රපටය නිකුත් වුනේ නම් April මාසයේ,ඉතින් අපි කවුරුත් දන්නවා චිත්‍රපටය නිකුත් වේලා ටික කාලයක් ගියහම තමා අපිට එකේ හොද පිටපතක් ලැබෙන්නෙ කියලා,චිත්‍රපටය බලන්න තිබ්බ අසාවම නිසා කලින්ම සබ් කරලා තමා තිබුනේ.ඔන්න දැන් රිලීස් වුන ගමන්ම ෆිල්ම් ඒක ඔයාලට බලන්න ගේනවා.ඔයගොල්ලො හැමොටම ඉතින් මතක් වෙන්නේ

    Horror කිව්වොත් The conjuring ෆිල්ම් ඒකනෙ,ඒ කතා මාලාවේම Annabelle චිත්‍රපට ටිකත් බලලා ඇතිනේ. ඉතින් මේ ෆිල්ම් ඒකත් ඒකට පොඩි සම්බන්ධයක් තියෙනවා.ෆිල්ම් එකේ විස්තර ටිකක් කියනවනම් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Michael Chaves, රචනා කරලා තියෙන්නේ Mikki Daughtry සහ Tobias Iaconis විසින්.ප්‍රධාන රංගන දායකත්වය සපයන ලාලොරොනගෙ චරිතය නිරූපණය කරන්නේ Marisol Ramirez,scooby doo බලලා තියෙනවා නම් වෙල්මාගේ චරිතය කරන Linda Cardellin නුත් මේ චිත්‍රපටයට ලොකු දායකත්වයක් දෙනවා,තව සෙසු චරිත හැටියට Raymond Cruz,Tony Amendola,Patricia Velasquez, Irene Keng..etc ළමා චරිත වලට Roman Christou, Jaynee-Lynne Kinchen,Oliver Alexander,Aiden Lewandowski යන අයත් දායකත්වය සපයා තිබෙනවා.

    හරි එහෙනම් පොඩ්ඩක් කතාව ගැන කියන්නම් 16 වන් ශතවර්ෂයෙ මෙක්සිකොවේ එක්තරා ප්‍රදේශයක රූමත් කාන්තාවක් ජීවත් වුනා, මෙයාගේ නම තමා ලාලොරොනා. ඉතින් එයාට හදිසියේම ගමට පැමිණෙන පොහොසත් කඩවසම් තරුණයකු මුණ ගැසෙනවා,දෙන්නා හැදින ගෙන වැඩි දවසක් යන්න කලින් කසාද බැදලා ඊට පස්සෙ ළමයින් දෙන්නෙකුත් ලැබෙනවා,ඉතින් ඔහොම ටික කලක් ගෙවෙද්දි ඇයට දැනගන්න ලැබෙනවා ඇයගේ සැමියා වෙනත් ගැහැණු කෙනෙක් සමග සම්බන්ධකමක් ඇති කරගෙන කියලා.ඉතින් ඒකට පළිගන්න කියලා හිතාගෙන ඇය තමන්ගේම දරුවෝ දෙන්නා දියේ ගිල්ලවලා මරලා දානවා,දුක දරා ගන්න බැරිවුන ඇයත් පසුව එම වතුරටම පැනලා දිවි නසාගන්නවා. කෙන්තියෙන් වෛරයෙන් හා දරු දුකෙන් මැරුණු ඇය ඉපදෙන්නෙ දරුණු යක්ශනියක් වෙලා,එතනින් පස්සෙ ඇය තමන්ගේ දරුවො හොය හොය, ලමයි මරලා තමන් ලගට ගන්නවා.ඉතින් ඔය කතාව පාදක කරගෙන තමා ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ,19 වන ශත වර්ශයේ තාත්තත් නැතුව ජීවත් වෙන පුංචි පවුලකට තමා මේ ලාලොරොනගෙ ශාපයට මුහුන දෙන්න වෙන්නෙ.ඉතින් මේ අම්මා වැඩ කරන්නෙ ළමයින්ගෙ සුබසාධනය සදහා සේවා සපයන ස්ථානයක,එයාට භාර දෙන ළමයින් දෙදෙනෙකු තමා කලින්ම ලලොරොනා මරා දමන්නේ, එතනින් පස්සේ තමා මේ ආත්මේ ඇයගේ ළමයින් පස්සෙ වැටෙන්නේ.ඉතින් එහෙනම් ෆිල්ම් එක බලන්නකො අන්තිමට මොකද වෙන්නෙ කියලා දැන ගන්න.එහෙනම් නවතිනවා යලිත් දවසක හමුවෙමු.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” The.Curse.Of.La.Llorona.2019.Sinhala.Subtitle.rar – Downloaded 1203 times – 19 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    චානක ජයරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram