today-is-a-good-day
More

    The Extraordinary Journey Of The Fakir (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    නැවතත් උපසිරැසිය ගේන්න ලැබුනේ ඉංග්‍රීසි චිත්‍රපටියකට. හැබැයි ඉංග්‍රීසී වුනාට ඉන්න නලුවනම් දෙමළ සිනමාවේ දැවැන්තයෙක්. Dhanush! ඇත්තටම මේක ඉංග්‍රීසි කිව්වට ප්‍රංශ ආභාසයක් තියෙන චිත්‍රපටයක්. මේක නව කතාවක් ඇසුරින් නිර්මාණය වුන චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඉන්දියාව, ප්‍රංශය, ඉතාලිය, ලිබියාව කියන රටවල රූගත කරලා තියෙනවා.  මේකේ IMDB අගය 7.1ක්. එතකොට කොහොමත් මේක හොඳ නැති චිත්‍රපටයක් වෙන්න බෑනේ. මේකේ ධනුෂ්ට අමතරව Bérénice Bejo, Erin Moriarty, Barkhad Abdi ප්‍රධාන රංගනත්වයෙන් දායක වෙනවා.

    කතාව ගැන කිව්වොත් අජා එහෙමත් නැත්නම් අජාටශතෘ ලවාශ් පටෙල් මුම්බායි වල දුප්පත් ගමක ඉපදුන කොල්ලෙක්.
    පාරෙ මැජික් පෙන්නලා සුද්දන්ගෙන් හොරකම් කරනවා. පොඩි කාලේ ඉඳන්ම ප්‍රංශයට යන්න ආස වෙන අජා හොර පාස්පෝට් එකකුයි හොර යූරෝ 100කුයි අතේ තියන් යනවා. ප්‍රංශයට ගිහින් ඉන්න තැනක්වත් සල්ලිවත් නැති හින්දා
    ප්‍රසිද්ධම ගෘහභාණ්ඩ කඩයක ඇදුම් අල්මාරියක හැංගෙනවා. මෙහෙම හැංගෙන අජාට ලෝකේ වටේ සවාරියක් යන්න හම්බවෙනවා. ඒ කොහොමද කියලා නම් ඔයාලට ෆිල්ම් එක අරන් තමා බලන්න වෙන්නේ.මේ චිත්‍රපටියේ සරල දෙයක් ලස්සනට ඉස්මතු කරලා පෙන්වනවා. ඒක තමා මේ ලෝකෙ හැම මිනිහෙක්ම එක හා සමානයි කියලයි කියන්නෙ.  ඒත් ඒක එක බයිලා කතාවක් විතරයි. අවස්ථාව හෝ අහම්බය හෝ වාසනාව හෝ කරුමය කියන මේ දේවල් මත එක එක්කෙනාගේ ජිවීත වෙනස් ද? නැත්නම් ඒක අපේ අතේ තියෙන දෙයක්ද? ඔන්න ඔය තේමාව උඩයි මේ චිත්‍රපටිය ගලා ගෙන යන්නේ. අවසාන වශයෙන් කියන්න තියන්නේ ධනුෂ් ඉන්නවා කිව්වට මෙක දෙමළ ගැම්මෙන් බලන්න එපා. මොකද මේකේ එක දෙමළ වචනයක්වත් නෑ. තිබ්බත් තියෙන්නෙ හින්දි. ඒ හින්දා මේක ධනුෂ්ගේ රසිකයන් වගේම ඉංග්‍රීසි හින්දි බලන අයටත් බලන්න පුලුවන් ලස්සනම චිත්‍රපටයක්. ධනුෂ්ගේ රගපෑම ගැන ආයේ කතා කරන්න වචන නෑ. නැවත හමුවෙමු.

     

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “The Extraordinary Journey Of The Fakir (2018) සිංහල උපසිරැසි” The.Extraordinary.Journey.Of.The.Fakir.2018.rar – Downloaded 285 times – 29 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඇන්ටන් රවීන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram