spot_img
spot_img
More

    The Invisible Man (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න අදත් ආවා සුපිරි ෆිලුමක් අරන් ඔයාලට.මේ දවස් වල කට්ටිය ගෙදරට වේලා ඉන්න වේලාවේ කම්මැලි නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි කරන්න හිතුවේ.ඉතින් මේක ආපු කාලේදිම තමා දෙන්න හිටියේ එත් පොඩ්ඩක් පරක්කු වුනා ඒකට මුලින්ම සමාවඉල්ලනවා. The invisible man (2020) කියන්නේ කවුරුත් මග බලන් උන්න චිත්‍රපයක් මොකද ඒ තරම් කලින් ආපු චිත්‍රපට ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වුන නිසා.ඒ නිසාම IMDb එකේ 7.2 අගයක් අරන් තියෙනවා. කුණු තත්කලී එකේ 92% අගයක් අරන් තියෙනවා. HORROR,Mystery,Sci-Fi යන වර්ග තුනටම චිත්‍රපටය නම් කරලා තියෙන මේ ෆිලුම පැය 2ක කාලයක් තිරගතවෙනවා.චිත්‍රපටය අධ්‍යක්ශණය සහ රචනය Leigh Whannell විසින් කරලා තිබෙන අතර ඔහු විසින් චිත්‍රපටයට ප්‍රධාන වශයෙන් හයදෙනෙකුගේ රංගන දායකත්වය ලබාගෙන තිබෙනවා. චිත්‍රපටය 2020 පෙබරවාරි මාසයේ ඇමෙරිකාවේදි ප්‍රථම වශයෙන් දර්ශනය කර පළමු සතිය තුළදි ඉතා ඉහළ ආදයමක් උපයගන්න හැකියාව ලබාගෙන තියෙනවා.

    හරි එහෙනම්,කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, ඒඩ්‍රියන් ග්‍රිෆින් කියන්නේ දෘෂ්ටි විද්යා කෙෂ්ත්‍රයේ ඉන්න ලෝකයේ ඉහළින්ම ඉන්න කෙනෙක්.මෙයාට සිසීලියාව හම්බවෙන්නේ පාර්ටියකදි අහම්බෙන්. ඉතින් මේ දෙන්නා මෙහෙම ඉද්දි එඩ්‍රියන් සිසීලියාගෙ හැමදෙයක්ම ගැනම ඕනවට හොයන්න ගිහින් සිසිලියාට මොහුව එපා වෙනවා.සිසිලියා හොරෙන්ම ඔහුව දාලා යන්න තීරණය කරනවා.එත් එයා දන්නේ නැ ඒඩ්‍රියන්ගෙන් එයාට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා.පැනලා ගිහින් ටික කාලෙකෙදි මෙයාට ලියුමක් එනවා එඩ්‍රියන් මියගිහින් එයාගෙ වත්කම් එයාට ගන්න එන්න කියලා.ටික දවසක් සතුටෙන් ඉන්න සිසීලියාට අමුත්තක් තේරෙනවා.තමුන් පස්සෙන් කවුරුහරි ඉන්නවා කියලා. කාටකිව්වත් පිළිගන්නේ නැ මොකද මෙයාව පෙන්නේ නැති නිසා.සිසීලියා නොකරපු දේවල් කරලා සිසීලියාව ගොඩක් අපහසුතාවට පත්කරනවා.තමුන්ගෙම අයව මරා දමනවා.ඉතින් මේකට කාගෙන්වත් පිළිතුරක් නැති නිසා තමන්ම තීරණය කරනවා ඒඩ්‍රියන්ව කොටුකරගන්න. එහෙනම් ඉතින් ෆිලුම අරගෙනම බලන්නකෝ සිසීලියාගෙ වැඩ ටික.හැමෝටම
    නීරොගී දවසක්!

     

    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” The.Invisible.Man.2020.sinhala.subtitle.rar – Downloaded 768 times – 24 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    චානක ජයරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram