spot_img
spot_img

The Ledge (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ටික දවසකට පස්සේ අරන් ආවා 2022 ආපු අලුත්ම චිත්‍ර‍පටියක්. මේකේ නළු නිලියෝ ගැන නම් වැඩිය දන්නේ නැති නිසා කෙලින්ම කතාව ගැන කියන්නම්කෝ…

අපි කවුරුත් ට්‍රිප් යනවා.. ට්‍රැවල් කරනවා නේ.. ගැණු ලමයින් පවා තනියම ට්‍රැවල් කරන කාලයක් මේක. එහෙම ට්‍රැවල් කරද්දි අපිට හම්බවෙන අමුත්තන්ව අපි කොපමණ විශ්වාස කරනවාද? දැන් ඔයාලා කල්පනා කරනවා ඇති මේකත් අර ඔයාලා බලන කැලැවල ඉන්න සයිකෝ කට්ටියක් ඒ කැලැවේ සංචාරකයන්ව දඩයම් කරන්න එන ෆිල්ම් එකක්දෝ කියලා.. මේක එහෙම එකක් නෙමෙයි…

කේලි හා සෝෆි කියන්නේ යාළුවෝ දෙන්නෙක්.. මේ අයගේ විනෝදාංශය තමයි කඳු නගින එක. ඉතින් මෙයාලා එහෙම කන්දක් නගින්න හිතාගෙන ඉතාලියට යනවා. එතැන රිසොට් එකක නැවතිලා ඉද්දි එතැනම තව කාමරයක නවතින්න කොල්ලෝ හතර දෙනෙක් එනවා. මෙතැන ඉන්න ජෝෂුවා කියන කෙනා අර ගැණු ළමයි දෙන්නාව දකිනවා.. ඉතින් මුලින්ම ගිහින් පොඩි වචනයක් දාලා බලනවා මේ ගැණු ළමයි දෙන්නා තනියම ඇවිත් තියෙන්නේ කියලා දකින නිසා.. කේලි නම් වැඩි කැමැත්තක් දැක්වුයේ නැතත් සෝෆි ටිකක් විනෝදේට බර නිසා පොඩි කතාවක් දානාවා අර කොල්ලා එක්ක. කොහොම හරි කට්ටියම එක ලග නැවතිලා ඉන්න නිසා රෑට කදවුරේ ගිනිමැල පාටියක් දානවා ඒකට එන්න කියලා අර පිරිමි ළමයා ගැණු ළමයි දෙන්නාට ආරාධනා කරනවා. කේලි මේකට කැමැති නැති උනත් සෝෆිගේ පෙරැත්තය නිසාම මේ දෙන්නා යනවා. මේ අය ඉතින් කාලා බිලා විනෝදවෙනවා. එතැනින් එහාට තමා කතාව කනපිට හැරෙන්නේ… ඉතින් මොකද එතැනින් එහාට වෙන්නේ කියලා අරන් බලන්නම වෙනවා..

ඒ වගේම මේ චිත්‍ර‍පටියේ ආදර්ශයකුත් දෙනවා.. ඒ නොදන්නා පලාත් වලදි ට්‍රැවල් කරනවා නම් අපි නොදන්න පුද්ගලයින් එක්ක වැඩි දැන හැදුනුම් කම් වලට යන්න එපා කියලා.. මොකද එවා කෙලවර වෙන්නේ සමහර විට නොහිතන අවසානයකින් වෙන්න පුලුවන් නිසා…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “The Ledge (2022) සිංහල උපසිරැසි” The.Ledge.(2022).Sinhala.Subtitle.rar – Downloaded 2320 times – 535 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram