The Legend of Aang: The Last Airbender (2026) Sinhala Subtitle
මේක සිනමාහල් වල පෙන්නන්න තීරණය කරලා තිබුණත්, පස්සේ ඒ අදහස වෙනස් කරලා 2026 ඔක්තෝබර් 9 වෙනිදා කෙළින්ම Paramount+ ස්ට්රීමින් සර්විස් එක හරහා රිලීස් කරන්න තමයි දැන් ප්ලෑන් කරලා තියෙන්නේ. මේක ඩිරෙක්ට් කරන්නේ ඔරිජිනල් සීරීස් එකෙත් වැඩ කරපු Lauren Montgomery.
ඔරිජිනල් සීරීස් එක ඉවර වෙලා අවුරුදු ගාණකට පස්සේ වෙන සිදුවීමක් තමයි මේකේ තියෙන්නේ. මේකෙදි අපිට Aang, Katara, Sokka, Toph, Zuko කියන අපේ ආදරණීය චරිත වල තරුණ කාලේ (Young adult) හැඩරුව බලාගන්න පුළුවන්. ෆයර් ලෝර්ඩ් ඔසායිව පරාද කරාට පස්සේ ලෝකෙට සාමය උදාවෙලා තියෙද්දී, වායු ගෝත්රිකයන්ගේ (Air Nomads) සංස්කෘතිය වඳවෙලා යන එකෙන් බේරගන්න පුළුවන් පෞරාණික බලයක් ගැන ඈන්ග්ට දැනගන්න ලැබෙනවා. ඉතින් නරක මිනිස්සුන්ගේ අතට ඒ බලය යන්න කලින් ඒක හොයාගෙන යන එක තමයි මේ කතාවේ තියෙන්නේ.
මේ ෆිල්ම් එකේ ඇනිමේෂන් කරන්නේ Flying Bark සහ Studio Mir කියන ආයතන දෙක එකතුවෙලා. එයාලා 2D අතින් අඳින චරිත සහ 3D පරිසරය එකට මික්ස් කරලා වෙනස්ම ලස්සන ස්ටයිල් එකකට තමයි මේක හදලා තියෙන්නේ.
මේ ෆිල්ම් එක ගැන කතා කරද්දි ළඟදි වුණ ලොකුම අලකලංචිය තමයි මේක රිලීස් වෙන්න මාස ගාණකට කලින් ඉන්ටර්නෙට් එකට ලීක් වුණ එක. 2026 අප්රේල් 12 වෙනිදා X (කලින් Twitter) එකේ මේ ෆිල්ම් එකේ කොටස් වගයක් ලීක් වුණා. මේක පෝස්ට් කරපු කෙනා කිව්වේ Nickelodeon එකෙන් අත්වැරදීමකින් එයාට මේ ෆිල්ම් එක ඊමේල් කරලා තිබුණා කියලා! මේ ලීක් වුණ වීඩියෝ වලින් විලන්ගේ චරිතය සහ Team Avatar එක එකට ඉන්න හැටිත් එළියට ආවා. ඒ මදිවට ඊටපස්සේ දවසේ, ඒ කියන්නේ අප්රේල් 13 වෙද්දී සම්පූර්ණ ෆිල්ම් එකම High Quality එකෙන් ඉන්ටර්නෙට් එක පුරාම ලීක් වෙලා තිබුණා. 14 වෙනිදා වෙනකොට හැම කොලිටි එකෙන්ම කොපි ආවා.
කොහොම වුණත් මේ ලීක් වුණ එක නිසා ෆෑන්ස්ලා අතරේ මේ ෆිල්ම් එක ගැන තියෙන උනන්දුව නම් තවත් වැඩි වෙලා තියෙනවා!
⛔ Due to copyright issues we do not provide any torrent links
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]













බොහොම ස්තුතියි
ස්තූතියි අශේන් සහෝ මේකට සිංහල උපසිරැසිය ඉක්මනින්ම දුන්නට